500. පියාලඵලදායක ස්ථවිරාවදානය
5352. පෙර මම මුවවැද්දෙක් වීමි. එකල්හි වනයෙහි හැසිරෙන්නෙම් සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය කෙලෙස්රජස් විරහිත බුදුරජුන් දිටිමි.
5353. මම පියල් ගෙඩියක් ගෙණ පහන් වූයෙම් සියතින් ම පින්කෙත් වූ වීර වූ බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
5354. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් පියාල ඵලයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකයි.
5355. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
5356. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5357. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් පියාලඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
පියාලඵලදායක ස්ථවිරාවදානය දසවැනියි.
තිකිඞ්කණිපුප්ඵිය වර්ගය පණස් වැනියි.
උද්දානය:
කිඞ්කණි පංසුකූල කොරණ්ඩ හා කිංසුක.
උපඩ්ඪදුස්සී ඝතද උදක ථූපකාරක
නළාගාරි නව වන පියාලඵලදායක
නවතුරු සිය ගයෙකින් මේ වග කියා නිමියේ.
උපඩ්ඪදුස්සී ඝතද උදක ථූපකාරක
නළාගාරි නව වන පියාලඵලදායක
නවතුරු සිය ගයෙකින් මේ වග කියා නිමියේ.
වග්ගුද්දානය:
මෙත්තෙය්ය වග්ග භද්දාලි සකිං සම්මජ්ජක සහ
එක විහාරී විහීතක ජගතී සාල පුප්ඵිය
නළමාලී පංසුකූල කිඞ්කණි පුප්ඵියයි දස
මෙහි ගී එක් දහස් සිවුසිය දෙ අසූවෙකි.
එක විහාරී විහීතක ජගතී සාල පුප්ඵිය
නළමාලී පංසුකූල කිඞ්කණි පුප්ඵියයි දස
මෙහි ගී එක් දහස් සිවුසිය දෙ අසූවෙකි.
මෙත්තෙය්ය වර්ග දශකයයි.
පඤ්චම ශතකය සමාප්ත යි.
51. කණිකාර වර්ගය
501. තිකණිකාරපුප්ඵිය ස්ථවිරාවදානය
5358. දෙතිස් මහ පුරිස් ලකුණින් යුත් සර්වඥ වූ සුමේධ නම් භාග්යවතුන් වහන්සේ විවෙක සැප කැමැත්තෝ හිමවතට එළඹිසේක.
5359. පුරුෂෝත්තම වූ අග්රකාරුණික වූ බුදුරජහු හිමවතට පිවිස පලක් බැඳ වැඩ හුන්සේක.
5360. එකල්හි මම අහසෙහි හැසිරෙන විද්යාධරයෙක් වීමි. මැනවින් කරනලද ත්රිශුලායුධයක් ගෙණ අහසෙහි යමි.
5361. කඳුමුදුනෙක්හි වූ ගින්නක් මෙන් ද පුණුරැස් සඳුමෙන් ද පිපී ගිය සල් රුකක් මෙන් ද බුදුරජතෙම වනයෙහි බබලයි.
5362. වනගින් නික්ම බුදුරැස් පැතිරෙත්. නළවෙනෙහි ඇවිලගත් ගින්නක් මෙන් (බබලන රශ්මීන්) දැක සිත පැහද වීමි.
5363. (ඒ මේ අත) සොයන්නෙම් දෙව් සුවඳ ඇති කිණිහිරි මල් දුටිමි. මල්තුණක් ගෙණ බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
5364. එකල්හි මාගේ ඒ මල්තුණ බුදුරජාණන් වහන්සේගේ අනුභාවයෙන් නැටි උඩුකුරුව පෙති යටිකුරුව බුදුරජුන්හට සෙවන කෙරෙති.
5365. මැනැවින් කරණ ලද එම කර්මය හේතු කොට ගෙණ ද චිත්ත ප්රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස්සිරුර හැර මම තව්තිසා දෙව් ලොවට ගියෙමි.