464. සේතුදායක ස්ථවිරාවදානය
4879. සක්මන් කරන්නා වූ විපස්සී බුදුරජුන් හමුවෙහි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් හෙයක් කරවීමි.
4880. මෙයින් එක්අනූ වන කපෙහි මම යම් හෙයක් කරවූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සේතු දානයාගේ මේ විපාක යි.
4881. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිත ව වෙසෙමි.
4882. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4883. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් සේතුදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සේතුදායකස්ථවිරාවදානය සිවුවැනි යි.
465. සුමනතාලවණ්ටිය ස්ථවිරාවදානය
4884. මම සිද්ධාර්ත්ථ බුදුරජානන් වහන්සේට සමන්මලින් වසන ලද තල්වැටක් දුනිමි. (එහෙයින්) මහත් යශස් දරමි.
4885. මම මෙයින් සිවුඅනූ වන කපෙහි යම් තල්වැටක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තල්වැට (වටාපත්) දීමෙහි මේ විපාක යි.
4886. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිත ව වෙසෙමි.
4887. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4888. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ.
මෙසෙයින් ආයුෂ්මත් සුමනතාලවණ්ටිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සුමනතාලවණ්ටියස්ථවිරාවදානය පස්වැනි යි.
466. අවණ්ටඵලිය ස්ථවිරාවදානය
4889. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ ඒකී භාවය කැමැති සතරංසී නම් (පසේ) බුදු භාග්යවතුන් වහන්සේ පිඬු පිණිස නික්මුණු සේක.
4890. අතින් ගත් ඵල ඇති මම බුදුරජුන් දැක වෙත එළඹියෙමි. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් එ ම අවණ්ටඵලය උන්වහන්සේට දුනිමි.
4891. එකල්හි මෙයින් සිවුඅනූ වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
4892. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිතව වෙසෙමි.
4893. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4894. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් අවණ්ටඵලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අවණ්ටඵලිය ස්ථවිරාවදානය සවැනි යි.
467. ලබුජදායක ස්ථවිරාවදානය
4895. එකල්හි (මම) බන්ධුමතී නගරයෙහි ආරාමිකයෙක් (=අරමක වතාවත් කරන්නෙක්) වීමි. අහසෙහි වඩින්නා වූ කෙලෙස්රජස් විරහිත බුදුරජුන් දුටිමි.