462. චිතකපූජක ස්ථවිරාවදානය
4869. ධ්යාන වඩන්නා වූ ලෝකබන්ධු වූ සිඛී බුදුරජානන් වහන්සේගේ චිතකයට සපුමල් අටක් පිදීමි.
4870. මෙයින් එක්තිස් වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතක පූජාවෙහි මේ විපාක යි.
4871. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිත ව වෙසෙමි.
4872. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4873. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
චිතකපූජක ස්ථවිරාවදානය දෙවැනි යී.
463. චිතකනිබ්බාපක ස්ථවිරාවදානය
4874. වෙස්සභූ බුදුරජුන්ගේ සිරුර දැවෙන කල්හි මම සුවඳ පැන් ගෙණ චිතකය නිවීමි.
4875. මම මෙයින් එක්තිස් වන කපෙහි බුදුරජුන්ගේ චිතකය නිවූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සුවඳදිය පිදීමෙහි මේ විපාක යි.
4876. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිතව වෙසෙමි.
4877. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4878. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් චිතකනිබ්බාපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
චිතකනිබ්බාපක ස්ථවිරාවදානය තෙවැනි යි.
464. සේතුදායක ස්ථවිරාවදානය
4879. සක්මන් කරන්නා වූ විපස්සී බුදුරජුන් හමුවෙහි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් හෙයක් කරවීමි.
4880. මෙයින් එක්අනූ වන කපෙහි මම යම් හෙයක් කරවූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සේතු දානයාගේ මේ විපාක යි.
4881. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිත ව වෙසෙමි.
4882. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4883. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් සේතුදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සේතුදායකස්ථවිරාවදානය සිවුවැනි යි.
465. සුමනතාලවණ්ටිය ස්ථවිරාවදානය
4884. මම සිද්ධාර්ත්ථ බුදුරජානන් වහන්සේට සමන්මලින් වසන ලද තල්වැටක් දුනිමි. (එහෙයින්) මහත් යශස් දරමි.
4885. මම මෙයින් සිවුඅනූ වන කපෙහි යම් තල්වැටක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තල්වැට (වටාපත්) දීමෙහි මේ විපාක යි.
4886. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිත ව වෙසෙමි.