459. පටටිපුප්ඵිය ස්ථවිරාවදානය
4854. බෙර වයද්දී ශරීරය (ආදාහනය සඳහා) ගෙණ යන කල්හි මම පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් රත්ලොත්මල් පිදීමි.
4855. මෙයින් සියක් දහස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. දේහපූජාවෙහි මේ විපාක යි.
4856. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිතව වෙසෙමි.
4857. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යායෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4858. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් පට්ටිපුප්ඵියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පට්ටිපුප්ඵියස්ථවිරාවදානය නවවැනි යි.
460. ගන්ධපූජක ස්ථවිරාවදානය
4859. (ආදාහනය සඳහා) චිතකය කරණ කල්හි නානාසුගන්ධයන් රැස් කරණ කල්හි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සුවඳ මිටක් පිදීමි.
4860. මෙයින් සියක්දහස් වන කපෙහි යම් චිතකපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතකපූජාවෙහි මේ විපාක යි.
4861. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිතව වෙසෙමි.
4862. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4863. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ගන්ධපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ගන්ධපූජකස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
ජගති මොරහත්ථි ආසනී උක්කධාරක
අක්කමී වනකොරණ්ඩී ඡත්තද ජාතිපූජක
පට්ටිපුප්ඵිගන්ධපූජක දසවත්ය මෙවගෙහි ආ
ගීසත්සැටෙකින් එය මෙහි කියන ලද්දේ.
අක්කමී වනකොරණ්ඩී ඡත්තද ජාතිපූජක
පට්ටිපුප්ඵිගන්ධපූජක දසවත්ය මෙවගෙහි ආ
ගීසත්සැටෙකින් එය මෙහි කියන ලද්දේ.
ජගතිදායකවර්ගය සසාළිස් වැනි යි.
47. සාලකුසුමිය වර්ගය
461. සාලකුසුමිය ස්ථවිරාවදානය
4864. පදුමුත්තර නම් භාග්යවතුන් වහන්සේ පිරිනිවි කල්හි (උන්වහන්සේගේ දේහය) චිතකයට නැංවූ කල්හි සල්මල් පිදීමි.
4865. මෙයින් සියක්දහස් වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතකපූජාවෙහි මේ විපාක යි.
4866. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිතව වෙසෙමි.