453. සීහාසනවීජක ස්ථවිරාවදානය
4813. මම තිස්ස බුදුරජුන්ගේ බෝධීවෘක්ෂයට වැන්දෙමි. විජිනිපතක් ගෙන එහි සිහසුනට පවන් සැලීමි.
4814. මම මෙයින් දෙයානූවන කපෙහි සිහසුනට පවන් සැලූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පවන්සැලීමෙහි මේ විපාක යි.
4815. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිත ව වෙසෙමි.
4816. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4817. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් සීහාසනවීජකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සීහාසනවීජක ස්ථවිරාවදානය තෙවැනි යි.
454. තිඋක්කාධාරක ස්ථවිරාවදානය
4818. පදුමුත්තර බුදුරජුන්ගේ උතුම් බෝධිවෘක්ෂයෙහි (ආලෝකය පිණිස) පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් උල්කා (විලක්කු) තුනක් දැරීමි.
4819. ඒ මම මෙයින් සියක් දහස් වන කපෙහි උල්කා දැරුයෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. උල්කා දනෙහි මේ විපාක යි.
4820. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිතව වෙසෙමි.
4821. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4822. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් තිඋක්කාධාරකස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
තිඋක්කාධාරකස්ථවිරාවදානය සිවුවැනි යි.
455. අක්කමනදායක ස්ථවිරාවදානය
4823. වැස නිමවන ලද බඹසර ඇති බ්රාහ්මණවංශයෙහි වූ දිවා විහරණයෙහි හැසිරෙන්නා වූ කකුසඳ බුදුරජුන්හට මම ආක්රමනයක් (පාපුවරුවක්) දුනිමි.
4824. මෙම කල්පයෙහි ම වූ එකල්හි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාපුවරු දනෙහි මේ විපාක යි.
4825. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රරහිතව වෙසෙමි.