378. සුමනතාලවණ්ටිය ස්ථවිරාවදානය
3262. මම සමන්මලින් වසා කළ මාහැඟි විජිනිපතක් දරමි. මම ඒ විජිනිපත සිද්ධාර්ත්ථ භාග්යවතුන් වහන්සේට දුනිමි.
3263. මම මෙයින් සිවුඅනූවන කපෙහි යම් විජිනිපතක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. විජිනිපත් දනෙහි මේ විපාක යි.
3264. ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3265. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
3266. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමනතාලවණ්ටිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
සුමනතාලවණ්ටිය ස්ථවිරාවදානය අටවැනි යි.
379. සුමනදාමිය ස්ථවිරාවදානය
3267. (චතුර්මාර්ගඥාන ජලයෙන් කෙලෙස් කසට සේදී යන සේ) ස්නානය කළා වූ තපෝගුණ ඇති සිද්ධාර්ත්ථ බුදුරජානන් වහන්සේට පෙරටව සිටියෙම් සමන්මල් දමක් කොට දැරීමි.
3268. මෙයින් සිවුඅනූවන කපෙහි යම් (සමන්මල්) දමක් දැරූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සුමන මල්දම දැරීමෙහි මේ විපාක යි.
3269. ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3270. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිත ව වෙසෙමි.
3271. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමනදාමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
සුමනදාමිය ස්ථවිරාවදානය නවවැනි යි.
380. කාසුමාරිඵලදායක ස්ථවිරාවදානය
3272. කඳු අතරෙහි වැඩ හුන් කිණිහිරිරුකක් මෙන් බබලන්නා වූ කෙලෙස් රජස් විරහිත ලොවට දෙටු වූ නරශ්රේෂ්ඨ වූ බුදුරජුන් දිටිමි.
3273. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් හිසෙහි ඇඳිලි බැඳ ඇත්දෙමට පල ගෙණ බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේට දිනිමි.
3274. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
3275. ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.