376. ගන්ධමුට්ඨිය ස්ථවිරාවදානය
3252. නොයෙක් සුවඳ වර්ග රැස් කොට සෑයක් (=චිතකයක්) කරණු ලබන කල්හි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සුවඳ මිටක් පිදීමි.
3253. මෙයින් ලක්ෂයක් වන කපෙහි යම් චිතක පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතක පූජාවෙහි මේ විපාක යි.
3254. ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3255. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
3256. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්ධමුට්ඨිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
ගන්ධමුට්ඨිය ස්ථවිරාවදානය සවැනි යි.
377. චිතකපූජක ස්ථවිරාවදානය
3257. පදුමුත්තර නම් බුදුරජුන් පිරිනිවි කල්හි (උන්වහන්සේගේ දේහය) චිතකයට නැගූ විට මම සල්මල් පිදීමි.
3258. මෙයින් ලක්ෂයක් වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතක පූජාවෙහි මේ විපාක යි.
3259. ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3260. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
3261. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
චිතකපූජක ස්ථවිරාවදානය සත්වැනි යි.
378. සුමනතාලවණ්ටිය ස්ථවිරාවදානය
3262. මම සමන්මලින් වසා කළ මාහැඟි විජිනිපතක් දරමි. මම ඒ විජිනිපත සිද්ධාර්ත්ථ භාග්යවතුන් වහන්සේට දුනිමි.
3263. මම මෙයින් සිවුඅනූවන කපෙහි යම් විජිනිපතක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. විජිනිපත් දනෙහි මේ විපාක යි.
3264. ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.