380. කාසුමාරිඵලදායක ස්ථවිරාවදානය
3272. කඳු අතරෙහි වැඩ හුන් කිණිහිරිරුකක් මෙන් බබලන්නා වූ කෙලෙස් රජස් විරහිත ලොවට දෙටු වූ නරශ්රේෂ්ඨ වූ බුදුරජුන් දිටිමි.
3273. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් හිසෙහි ඇඳිලි බැඳ ඇත්දෙමට පල ගෙණ බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේට දිනිමි.
3274. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
3275. ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3276. (මා විසින්) ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිත ව වෙසෙමි.
3277. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කාසුමාරිඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
කාසුමාරිඵලදායක ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
බෝධි පාටලී උප්පලී - පට්ටි සත්තපණ්ණිය
ගන්ධමුට්ඨි චිතක - තාල සුමනදාමක
කාසුමාරිඵලී දසවත් - එකුන්සැට ගී වනුයේ.
ගන්ධමුට්ඨි චිතක - තාල සුමනදාමක
කාසුමාරිඵලී දසවත් - එකුන්සැට ගී වනුයේ.
බෝධිවන්දක වර්ගය අටතිස්වැනි යි.
39. අවණ්ටඵල වර්ගය
381. අවණ්ටඵලදායක ස්ථවිරාවදානය
3278. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ භාග්යවත් වූ සතරංසි නම් සම්බුදුරජ තෙමේ විවේකය කැමැතිවන්නේ පිඬු පිණිස නික්මියේ ය.
3279. මම බුදුරජුන් දැක ඵල ගත් අත් ඇත්තෙම් (උන්වහන්සේ වෙත) එළඹියෙමි. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් නැටි රහිත පල දිනිමි.
3280. මෙයින් සිවුඅනූවන කපෙහි මම යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
3281. ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3282. (මා විසින්) ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිත ව වෙසෙමි.
3283. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අවණ්ටඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
අවණ්ටඵලදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.