365. අඞ්කෝලපුප්ඵිය ස්ථවිරාවදානය
3195. එකල්හි චිත්‍රකූට පර්‍වතයෙහි පදුම නම් බුදුරජතෙමේ වැඩ විසී ය. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ අපරාජිත වූ බුදුරජානන් වහන්සේ දැක-
3196. එකල්හි පිපුණු රුකඟුන ගසක් දැක මම ඒ මල් නෙලා පස්මරුන් දිනූ පදුම බුදුරජුන් වෙත එළඹ පිදීමි.
3197. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3198. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කෝලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අඞ්කෝලපුප්ඵියස්ථවිරාවදානය පස්වැනියි.
366. කදම්බපුප්ඵිය ස්ථවිරාවදානය
3199-3200. මම උතුම් පහයෙක හිඳ ඇතුල් වීථියෙහි වඩනා වූ ස්වර්‍ණවර්‍ණ වූ දෙතිස් ලකුණෙන් විසිතුරු වූ කසුන් ඇගෑයක් බඳු ලෝකනායක වූ බුදුරජුන් දිටිමි. ඒ විපස්සී බුදුරජුන්හට කොළොම් මල් ගෙණ පිදීමි.
3201. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, ඒ (හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3202. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කදම්බපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කදම්බපුප්ඵියස්ථවිරාවදානය සවැනියි.
367. උද්දාලපුප්ඵිය ස්ථවිරාවදානය
3203. අනෝම නම් සම්බුදුරජ තෙමේ ගංඉවුරෙහි වැඩ විසීය. මම එකල්හි ඇසල මල් ගෙණ පස්මරුන් දිනූ උන්වහන්සේට පිදීමි.
3204. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3205. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උද්දාලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උද්දාලපුප්ඵියස්ථවිරාවදානය සත්වැනියි.
368. ඒකචම්පකපුප්ඵිය ස්ථවිරාවදානය
3206. උපසන්ත නම් සම්බුදු රජ තෙමේ කඳු අතුරෙහි වෙසේ. (මම) එක් සපුමලක් ගෙණ නරෝත්තම වූ ඒ බුදුරජුන් වෙත එළඹියෙමි.
3207. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් පස්මරුන් දිනූ පසේ බුදුරජුන්හට (ඒ මල්) දොහොතින් ගෙණ පිදීමි.
3208. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3209. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකචම්පකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකචම්පකපුප්ඵියස්ථවිරාවදානය අටවැනියි.