362. කක්කාරුපුප්ඵිය ස්ථවිරාවදානය
3184. (මම) යාම දෙව්ලොව සිට මෙහි පැමිණ ශ්රීමත් වූ ගෞතමයන් වහන්සේ දැක) කැකිරිමල් ගෙණ ඒ බුදුරජුන්හට පිදීමි.
3185. මෙයින් දෙයානූවන කපෙහි යම් බුද්ධපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3186. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කක්කාරුපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කක්කාරුපුප්ඵියස්ථවිරාවදානය දෙවැනියි.
363. භිසමුළාලදායක ස්ථවිරාවදානය
3187. සියලු ධර්මයන්ගේ තෙරපත් ඵුස්ස නම් සර්වඥවරයෙක් විය. විවේකය කැමැති සප්රාඥ වූ උන්වහන්සේ මාගේ සමීපයට පැමිණිසේක.
3188. පස්මරුන් ජයගත් මහාකාරුණික වූ ඒ බුදුරජානන් වහන්සේ කෙරෙහි සිත පහදවා මම නෙළුඹුඅල හා දඬු ගෙණ බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේට දිනිමි.
3189. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් නෙළුඹල දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. නෙළුඹල දනෙහි මේ විපාක යි.
3190. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භිසමුළාලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
භිසමුළාලදායකස්ථවිරාවදානය තෙවෙනියි.
364. කේසරපුප්ඵිය ස්ථවිරාවදානය
3191. එකල්හි (මම) හිමවත් පව්වෙහි විද්යාධරයෙක් වීමි. (එහිදී) මහත් යශස් ඇති කෙලෙස් රජස් නැති සක්මන් කරන්නා වූ බුදුරජුන් දිටිමි.
3192. දොඹමල් තුණක් හිස මත තබාගෙණ වෙස්සභූ බුදුරජුන් වෙත එළඹ පිදීමි.
3193. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3194. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කේසරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කේසරපුප්ඵියස්ථවිරාවදානය සිවුවැනියි.
365. අඞ්කෝලපුප්ඵිය ස්ථවිරාවදානය
3195. එකල්හි චිත්රකූට පර්වතයෙහි පදුම නම් බුදුරජතෙමේ වැඩ විසී ය. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ අපරාජිත වූ බුදුරජානන් වහන්සේ දැක-
3196. එකල්හි පිපුණු රුකඟුන ගසක් දැක මම ඒ මල් නෙලා පස්මරුන් දිනූ පදුම බුදුරජුන් වෙත එළඹ පිදීමි.
3197. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3198. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කෝලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අඞ්කෝලපුප්ඵියස්ථවිරාවදානය පස්වැනියි.