358. මඤ්චදායක ස්ථවිරාවදානය
3169. ලොවට දෙටු වූ තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට පහන් සිතින් සියතින් ම මා විසින් එක් මඤ්චකයෙක් දෙන ලදි.
3170. (එයින්) හස්තියානයන් ද, අශ්වයානයන් ද, දිව්‍යමය යානයන් ද ලැබීමි. ඒ මඤ්චදානයෙන් ම ආස්‍රවක්‍ෂයට ද පැමිණියෙම් වෙමි.
3171. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් මඤ්චදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මඤ්චදානයාගේ මේ විපාක යි.
3172. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මඤ්චදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මඤ්චදායකස්ථවිරාවදානය අටවැනියි.
359. සරණගමනිය ස්ථවිරාවදානය
3173. එකල්හි ආජීවකයෙක් වූ මම ද, භික්‍ෂුනමක් ද නැවකට නැගුනෙමු. නැව බිඳෙන කල්හි භික්‍ෂුතෙම මට සරණ දුන්නේ ය.
3174. මෙයින් එක්තිස්වන කපෙහි මට යම් සරණයක් දුන්නේ ද (ඒ සරණගතවීම් හේතුවෙන්) දුගතියක් නො දනිමි. සරණගමනයෙහි මේ විපාක යි.
3175. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණගමනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සරණගමනියස්ථවිරාවදානය නවවැනියි.
360. පිණ්ඩපාතික ස්ථවිරාවදානය
3176. තිස්ස නම් සම්බුදුවරයෙක් විය. එකල්හි උන්වහන්සේ වනයෙහි විසූ සේක. මම තුසිතයෙන් මෙහි පැමිණ (උන්වහන්සේට) පිණ්ඩපාතදානයක් දුනිමි.
3177. මහත් වූ ගුණ ඝෝෂ ඇති තිස්ස නම් බුදුරජුන්හට සිය සිත පහදවා වැඳ මම (ආපසු) තුසිත දෙව්ලොවට ගියෙමි.
3178. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් පිණ්ඩදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පිණ්ඩපාතදානයාගේ මේ විපාක යි.
3179. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිණ්ඩපාතික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පිණ්ඩපාතිකස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
සද්දසඤ්ඤී යවසික කිංසු කොරණ්ඩපුප්ඵිය
ආලම්බන අම්බයාගු සුපුටී මඤ්චදායක
සරණ පිණ්ඩපාත ද ගී සාළිසෙක් මෙහි වේ.
සද්දසඤ්ඤකවර්‍ගය සතිස්වැනියි.
37. මන්‍දාරවපුප්ඵිය වර්‍ගය
361. මන්‍දාරවපුප්ඵිය ස්ථවිරාවදානය
3180-3181. මඞ්ගල නම් මාණවක වූ මම මදාරා මල් ගෙණ තව්තිසා දෙව්ලොව සිට මෙහි පැමිණ සමාධියෙන් වැඩ හුන් විපස්සී බුදුරජුන්ගේ මස්තකයෙහි දැරීමි. (එය බුදුරජුන්හට මල්කුඩයක් මෙන්) සතියක් දරා සිට නැවත දෙව්ලොව ගියෙමි.
3182. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3183. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මන්‍දාරවපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
මන්‍දාරවපුප්ඵියස්ථවිරාවදානය පළමුවැනියි.
362. කක්කාරුපුප්ඵිය ස්ථවිරාවදානය
3184. (මම) යාම දෙව්ලොව සිට මෙහි පැමිණ ශ්‍රීමත් වූ ගෞතමයන් වහන්සේ දැක) කැකිරිමල් ගෙණ ඒ බුදුරජුන්හට පිදීමි.
3185. මෙයින් දෙයානූවන කපෙහි යම් බුද්ධපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3186. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කක්කාරුපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කක්කාරුපුප්ඵියස්ථවිරාවදානය දෙවැනියි.
363. භිසමුළාලදායක ස්ථවිරාවදානය
3187. සියලු ධර්‍මයන්ගේ තෙරපත් ඵුස්ස නම් සර්‍වඥවරයෙක් විය. විවේකය කැමැති සප්‍රාඥ වූ උන්වහන්සේ මාගේ සමීපයට පැමිණිසේක.
3188. පස්මරුන් ජයගත් මහාකාරුණික වූ ඒ බුදුරජානන් වහන්සේ කෙරෙහි සිත පහදවා මම නෙළුඹුඅල හා දඬු ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දිනිමි.