350. ඒකඤ්ජලිය ස්ථවිරාවදානය
3136. එකල්හි රේවත නම් සර්වඥ තෙම ගඞ්ගාතීරයෙහි වැඩ විසීය. කෙලෙස් රජස් විරහිත වූ පීතවර්ණ් රස් ඇති උදා හිරු බඳු වූ ඒ බුදුරජුන් දිටිමි.
3137. කඹුරුඋදුන ලා පිරිසිදු කළ ස්වර්ණයක් මෙන් ද, ඇවිලෙන කිහිරඟුරු මෙන් ද ඕසධී තාරකාව මෙන් ද බබලන (ඒ බුදුරජුන් දැක) මම එක් වරක් ඇඳිලි කෙළෙමි.
3138. මෙයින් සිවු අනූවන කපෙහි මම යම් ඇඳිලි බැඳීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඇඳිලි බැඳීමෙහි මේ විපාක යි.
3139. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකඤ්ජලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකඤ්ජලිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
පදුමී උප්පල මාලි ධජ කිඞ්කිණික නළ
චම්පක පදුම මුට්ඨි තින්දුක ඒකඤ්ජලී
ගී සසැටකැයි ගිණුවෝ
ගැණුම් දත් නුවණැත්තෝ
චම්පක පදුම මුට්ඨි තින්දුක ඒකඤ්ජලී
ගී සසැටකැයි ගිණුවෝ
ගැණුම් දත් නුවණැත්තෝ
ඒකපදුමියවර්ගය පන්තිස් වැනි යි.
36. සද්දසඤ්ඤක වර්ගය
351. සද්දසඤ්ඤක ස්ථවිරාවදානය
3140-3141. මම පෙර මහාවනයෙහි මුවවැද්දෙක් වීමි. එහි දී දිව්යසමූහයා විසින් පිරිවරන ලද චතුස්සත්යය දේශනා කරමින් මහාජනයා සසර සයුරින් ගොඩ නඟන සම්බුදු රජුන් දිටිමි. කොවුල් හඬට බඳු මිහිරි වචන ඇසීමි.
3142. බ්රහ්මස්වරය ඇති ලෝකබන්ධු වූ සිඛී බුදුරජානන් වහන්සේගේ ශබ්දයෙහි සිත පහදවා ආස්රවක්ෂයට පැමිණියෙම් වෙමි.
3143. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (බුද්ධස්වරයෙහි) පැහැදීමෙහි මේ විපාක යි.
3144. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සද්දසඤ්ඤක ස්ථවිරාවදානය පළමුවැනි යි.
352. යවකලාපිය ස්ථවිරාවදානය
3145. එකල්හි මම අරුණවතී නගරයෙහි යව (තණ) වෙළෙඳෙක් වීමි. මග දී බුදුරජුන් දැක (උන්වහන්සේට වැඩ හිඳීම සඳහා) යව මිටියක් ඇතිරීමි.
3146. අනුකම්පා ඇති කාරුණික වූ සිඛී බුදුරජ තෙම මාගේ අදහස දැන යව ඇතිරියෙහි වැඩ හුන්නේ ය.
3147. එසේ වැඩ හුන්නා වූ නිර්මල වූ මහාධ්යාන ඇති අසහාය නායක වූ (බුදුරජුන්) දැක සතුට උපදවා මම එහි කලුරිය කෙළෙමි.
3148. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. යවඇතිරි දනෙහි මේ විපාක යි.
3149. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් යවකලාපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
යවකලාපිය ස්ථවිරාවදානය දෙවැනි යි.