271. සුවණ්ණබිම්බොහනිය ස්ථවිරාවදානය
2582. උත්තමාර්‍ත්‍ථය වූ නිවන් ලබනු පිණිස මම සියතින් එක් අසුනක් දිනිමි. බිම්බොහන (=මෙට්ට) යක් ද දිනිමි.
2583. මෙයින් එක් අනූවන කපෙහි මම යම් බිම්බොහන දානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බිම්බොහන දානයාගේ මේ විපාකය යි.
2584. මෙයින් තෙසැටවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති අසම නම් සක්විති රජෙක් වීමි.
2585. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිම්බොහනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සුවණ්ණබිම්බොහනිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
272. තිලමුට්ඨිදායක ස්ථවිරාවදානය
2586. ලෝකනායක වූ ශාස්තෘ තෙමේ මාගේ අදහස දැන මනෝමය වූ කයින් හෙවත් චිත්ත ගතියට හැර වූ සිරුරින් යුතුව ඍද්ධියෙන් (මා වෙත) එළඹියේ ය.
2587. මම එසේ එළඹියා වූ පුරුෂෝත්තම වූ ශාස්තෲන් වහන්සේට වැඳ පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් තල මිටක් දිනිමි.
2588. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් තිලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තලමිටක් දීමෙහි මේ විපාකය යි.
2589. මෙයින් සොළොස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති නන්‍දිය නම් සක්විති රජෙක් වීමි.
2590. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිලමුට්ඨිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිලමුට්ඨිදායක ස්ථවිරාවදානය දෙවැනි යී.
273. චඞ්ගොටකිය ස්ථවිරාවදානය
2591. සිද්ධාර්‍ත්‍ථ බුදුරජ තෙම මහසයුර ඇසුරු කොට ඇති කඳු අතරක වැඩ වෙසෙයි. මම (මල්) ගොටුවක් සාදා ගෙණ උන්වහන්සේට පෙර ගමන් කොට එය පිළිගැන්වීමි.
2592. මම සියලු සත්ත්‍වයන්ට හිතානුකම්පා ඇති සිදුහත් බුදුරජුන් හට මල්ගොටුව පිළිගන්වා (ඒ හේතුවෙන්) කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි.
2593. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි (එසේ) මල් ගොටුවක් පිදූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මල් ගොටුවක් පිදීමෙහි මේ විපාකය යි.
2594. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චඞ්ගොටකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
චඞ්ගොටකිය ස්ථවිරාවදානය තෙවැනියි.
274. අබ්භඤ්ජනදායක ස්ථවිරාවදානය
2595-2596. වීතරාගී වූ තාදී ගුණ ඇති ආකාශය සමව පැතුරුණු (මෙත්) සිත් ඇති ප්‍රමාද විහරණ නැති ධ්‍යාන කරන්නා වූ සියලු මුළා වීම් ඉක්ම වූ සකල ලෝක හිතෛෂී භාවයෙන් යුත් ද්වීපදෝත්තම වූ භාග්‍යවත් කොණ්ඩඤ්ඤ බුදුරජුන්හට මා විසින් ආලේපන තෛලයක් දෙන ලදී.
2597. මෙයින් අසඞ්ඛ්‍ය කල්පයකට පෙර වූ එකල්හි (යම්) ආලේපන තෛලයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ආලේපන තෛල දානයාගේ මේ විපාකය යි.
2598. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති චිරප්ප නම් සක්විති රජෙක් වීමි.
2599. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අබ්භඤ්ජනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අබ්භඤ්ජනදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.
275. ඒකඤ්ජලිය ස්ථවිරාවදානය
2600. දිඹුල් ගස් සෙවනෙහි නියමිත කොළ ඇතිරියක වසන්නා වූ මහර්ෂී වූ තිස්ස බුදුරජානන් වහන්සේට මා විසින් විසුමට තැනක් දෙන ලදී.
2601. ලෝකනාථ වූ තාදී ගුණ ඇති ඒ තිස්ස බුදුරජානන් වහන්සේට ඇඳිලි බැඳ මල් ඇතිරියක් අතුළෙමි.
2602. මෙයින් දෙයානූවන කපෙහි යම් මල් ඇතිරියක් පූජා කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මල් ඇතිරිය දීමෙහි මේ විපාකය යි.