258. පණ්ණදායක ස්ථවිරාවදානය
2526. මම හිමවතෙහි වැහැරි සිවුරු දරන ලුණු රහිතව කොළ අනුභව කරන්නා වූ ශීල සංවෘත තවුසෙක් වෙමි.
2527. පෙරබත පැමිණි කල්හි සිද්ධාර්ත්ථ තථාගත තෙම මා වෙත වැඩියේ ය. මම පහන් වූයෙම් සියතින් (ලුණුරහිතව පිසූ කොළ) බුදුරජුන්හට පිදීමි.
2528. මෙයින් සිවුඅනූවනු කපෙහි වූ එකල්හි යම් පණීදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පණීදානයාගේ මේ විපාකය යි.
2529. සත්විසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති යදර්ත්ථය නම් සක්විති රජෙක් වීමි.
2530. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පණ්ණදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පණ්ණදායක ස්ථවිරාවදානය අටවැනි යි.
259. කුටිදායක ස්ථවිරාවදානය
2531. වනයෙහි හැසිරෙන්නා වූ සර්වඥ තෙමේ එකල්හි රුක්මුලක විසීය. මම පස්මරුන් දිනූ උන්වහන්සේට පන්සලක් කරවා දිනිමි.
2532. මෙයින් එක්අනූවනු කපෙහි යම් පණීකුටියක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කුටිදානයාගේ මේ විපාකය යි.
2533. මෙයින් අටවිසිවනු කපෙහි සබ්බත්ථඅභිවස්සී නම් සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
2534. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුටිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කුටිදායක ස්ථවිරාවදානය නවවැනි යි.
260. අග්ගජපුප්ඵිය ස්ථවිරාවදානය
2535. කඳු අතුරෙහි වැඩහුන්නා වූ ස්වර්ණවර්ණ වූ රශ්මිය කරණ කොට ගෙණ ගිනි කඳක් මෙන් බබලන සිඛී බුදුරජුන් (දුටිමි.)
2536. මම අග්ගජ නම් වූ මල් ගෙණ බුදුරජුන් වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (එය) බුදුරජුන්හට පිදීමි.
2537. මෙයින් එක්තිස්වනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2538. පස්විසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අමිත නම් සක්විති රජෙක් වීමි.
2539. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින්ආයුෂ්මත් අග්ගජපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අග්ගජපුප්ඵිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
ථොමක ඒකාසන - චිතක චම්පක සත්තපාටලි
උපාහන මඤ්ජරී - පණ්ණ කුටිද අග්ගපුප්ඵිය
එක්සාළිස් ගයකින් - මේ වග නිම කරණ ලදී.
උපාහන මඤ්ජරී - පණ්ණ කුටිද අග්ගපුප්ඵිය
එක්සාළිස් ගයකින් - මේ වග නිම කරණ ලදී.
ථොමකවර්ගය සවිසි වනු යි.