256. උපාහනදායක ස්ථවිරාවදානය
2518. එකල්හි චන්දන නම් බුද්ධපුත්රයෙක් විය. මා විසින් උන්වහන්සේට එක් පාවහන් සඟළක් දිනිමි. (දී මෙසේ පැතීමි). එම්බා පාවහන් සඟළ “ඔබ මා (ශ්රාවක) බෝධියට පමුණුවන්න” යි (කියායි).
2519. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පාවහන් සඟළක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාවහන් දනෙහි මේ විපාකය යි.
2520. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපාහනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උපාහනදායක ස්ථවිරාවදානය සවැනි යි.
257. මඤ්ජරීපූජක ස්ථවිරාවදානය
2521. මම මල් කලඹක් කොට ගෙණ වීථියට පිවිසියෙමි. (එහි දී) බික්සඟන විසින් පිරිවැරුණු ශ්රමණාග්ර වූ (බුදුරජානන් වහන්සේ) දුටිමි.
2522. පරම ප්රීතියෙන් පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (මල් කලඹ) දෝතින් ගෙණ බුදුරජුන්හට පිදීමි.
2523. මෙයින් දෙයානූවන කපෙහි යම් මල් පිදුමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
2524. මෙයින් තෙසැත්තෑවන කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති ජෝතිය නම් සක්විති රජෙක් වීමි.
2525. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මඤ්ජරීපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මඤ්ජරීපූජක ස්ථවිරාවදානය සත්වැනි යි.
258. පණ්ණදායක ස්ථවිරාවදානය
2526. මම හිමවතෙහි වැහැරි සිවුරු දරන ලුණු රහිතව කොළ අනුභව කරන්නා වූ ශීල සංවෘත තවුසෙක් වෙමි.
2527. පෙරබත පැමිණි කල්හි සිද්ධාර්ත්ථ තථාගත තෙම මා වෙත වැඩියේ ය. මම පහන් වූයෙම් සියතින් (ලුණුරහිතව පිසූ කොළ) බුදුරජුන්හට පිදීමි.
2528. මෙයින් සිවුඅනූවනු කපෙහි වූ එකල්හි යම් පණීදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පණීදානයාගේ මේ විපාකය යි.
2529. සත්විසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති යදර්ත්ථය නම් සක්විති රජෙක් වීමි.
2530. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පණ්ණදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පණ්ණදායක ස්ථවිරාවදානය අටවැනි යි.