249. බිම්බිජාලිය ස්ථවිරාවදානය
2491. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ අග්‍රපුද්ගල වූ පදුමුත්තර බුදුරජතෙම චතුස්සත්‍යය දේශනා කරයි. අමෘත පදය (=නිවන) දක්වයි.
2492. එකල්හි මම රත්කරව් මල් කඩා තාදීගුණ ඇති ද්විපදෝත්තම වූ පදුමුත්තර බුදුරජුන්හට පිදීමි.
2493. මෙයින් අටසැටවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති කිඤ්ජකේසර නම් වූ සිවු සක්විති රජකෙනෙක් වූහ.
2494. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිම්බිජාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බිම්බිජාලිය ස්ථවිරාවදානය නවවැනි යි.
250. උද්දාලදායක ස්ථවිරාවදානය
2495. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් ජයගත් කකුසඳ නම් බුදුරජ තෙමේ වැඩවසන විහාරයෙන් නික්ම මහා නදියට වැඩියේ ය.
2496. මම එකල්හි ඇසළ (මල්) ගෙණ සන්සුන් වූ ඍජු ගුණ ඇති බුදුරජුන්හට පහන් සිත් ඇත්තෙම් පිදීමි.
2497. මෙයින් එක්තිස්වනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පදානයෙහි මේ විපාකය යි.
2498. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උද්දාලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උද්දාලදායක ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
තුවරනාග නලින - විරවී කුටිධූපක
පත්ත ධාතු සත්තලිය - බිම්බී උද්දාලද
මෙවග වූ දසවත් - සත්තිස් ගයින් බැඳියේ.
තුවරදායක වර්‍ගය පස්විසි වැනි යි.
26. ථොමක වර්‍ගය
251. ථොමක ස්ථවිරාවදානය
2499. දෙව්ලොව සිටියේ ම විපස්සී බුදුරජුන්ගේ ධර්‍මය අසා සතුටු වූයෙම් මම මේ වචනය කීමි.
2500. පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂොත්තමය, ඔබවහන්සේට නමස්කාර වේවා. ඔබ අමා පදය (ධර්‍මය) දෙසමින් බොහෝදෙන (සසර සයුරින්) එතර කෙරෙහිය (කියා යි.)
2501. මෙයින් එක්අනූවන කපෙහිදී යම් (බුදුරජුන්හට ස්තුති) වචනයක් කීවෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධස්තුති කරණයෙහි මේ විපාකය යි.
2502. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ථොමක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ථොමකස්ථවිරාවදානය පළමුවැනි යි.