246. පත්තදායක ස්ථවිරාවදානය
2481. (කාය-වචී-මනෝ වඞ්කතාවන්ගෙන් තොර බැවින්) ඍජු ගුණ ඇති (අටලෝ දහම්හි නො සැලෙන බැවින්) තාදී ගුණ යුත් උතුම් වූ දමථයෙන් යුත් සිද්ධාර්ත්ථ බුදුරජුන්හට මා විසින් පාත්රදානයක් (=පාත්රයක්) දෙන ලදි.
2482. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් (පාත්ර) දානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාත්රදානයාගේ මේ විපාකය යි.
2483. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පත්තදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පත්තදායක ස්ථවිරාවදානය සවැනි යි.
247. ධාතුපූජක ස්ථවිරාවදානය
2484. ලෝකනාථ වූ සිද්ධාර්ත්ථ බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි තාදී ගුණ ඇති ද්විපදෝත්තම වූ බුදුරජුන්ගේ එක් ධාතූන් වහන්සේ නමක් මා විසින් ලබන ලදී.
2485. මම ආදිච්චබන්ධු වූ ඒ බුදුරජුන්ගේ ධාතුව රැගෙණ ජීවමාන බුදුරදුන්හට මෙන් අවුරුදු පසක් සේවය කෙළෙමි.
2486. මෙයින් සිවුඅනූවන කපෙහි යම් ධාතු පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධාතූන්ට උවැටැන් කිරීමෙහි (පිදීමෙහි) මේ විපාකය යි.
2487. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධාතුපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ධාතුපූජක ස්ථවිරාවදානය සත්වැනි යි.
248. සත්තලිපූප්ඵපූජක ස්ථවිරාවදානය
2488. වෙස්සභූ බුදුරජුන් ලොව පහළ වූ කල්හි මම සත්තලි පුෂ්ප (=පළොල් මල්) සතක් හිසෙහි කොට ගෙණවුත් ඒ බුදුරජුන්හට පිදීමි.
2489. මෙයින් එක්තිස්වනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
2490. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තලිපූප්ඵපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සත්තලිපූප්ඵපූජක ස්ථවිරාවදානය අටවැනි යි.
249. බිම්බිජාලිය ස්ථවිරාවදානය
2491. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ අග්රපුද්ගල වූ පදුමුත්තර බුදුරජතෙම චතුස්සත්යය දේශනා කරයි. අමෘත පදය (=නිවන) දක්වයි.
2492. එකල්හි මම රත්කරව් මල් කඩා තාදීගුණ ඇති ද්විපදෝත්තම වූ පදුමුත්තර බුදුරජුන්හට පිදීමි.
2493. මෙයින් අටසැටවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති කිඤ්ජකේසර නම් වූ සිවු සක්විති රජකෙනෙක් වූහ.
2494. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිම්බිජාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බිම්බිජාලිය ස්ථවිරාවදානය නවවැනි යි.