244. විරවිපුප්ඵිය ස්ථවිරාවදානය
2475. ලෝකනායක වූ (සිද්ධාර්‍ත්‍ථ) බුදුරජානන් වහන්සේ මාර්‍ගයෙහි වඩින සේක. එකල්හි (මම) විරවිපුෂ්පයන් ගෙන (එම) බුදුරජුන්හට පිදීමි.
2476. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2477. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් විරවිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
විරවිපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
245. කුටිධූපක ස්ථවිරාවදානය
2478. මම සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේගේ ගඳකිළියෙහි වතාවත් කරන්නෙක් වීමි. කලින් කල පහන් සිතැත්තෙම් සියතින් දුම් ගැස්වීමි.
2479. මෙයින් සිවුඅනූවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2480. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුටිධූපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කුටිධූපක ස්ථවිරාවදානය පස්වැනි යි.
246. පත්තදායක ස්ථවිරාවදානය
2481. (කාය-වචී-මනෝ වඞ්කතාවන්ගෙන් තොර බැවින්) ඍජු ගුණ ඇති (අටලෝ දහම්හි නො සැලෙන බැවින්) තාදී ගුණ යුත් උතුම් වූ දමථයෙන් යුත් සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට මා විසින් පාත්‍රදානයක් (=පාත්‍රයක්) දෙන ලදි.
2482. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් (පාත්‍ර) දානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාත්‍රදානයාගේ මේ විපාකය යි.
2483. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පත්තදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පත්තදායක ස්ථවිරාවදානය සවැනි යි.
247. ධාතුපූජක ස්ථවිරාවදානය
2484. ලෝකනාථ වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි තාදී ගුණ ඇති ද්විපදෝත්තම වූ බුදුරජුන්ගේ එක් ධාතූන් වහන්සේ නමක් මා විසින් ලබන ලදී.
2485. මම ආදිච්චබන්‍ධු වූ ඒ බුදුරජුන්ගේ ධාතුව රැගෙණ ජීවමාන බුදුරදුන්හට මෙන් අවුරුදු පසක් සේවය කෙළෙමි.