241. තුවරදායක ස්ථවිරාවදානය
2462. මම පෙර මහවෙනෙහි මුවවැද්දෙක් වීමි. මම තුවරඇට (බඳුනකින්) ගෙණවුත් සඞ්ඝයාට දුනිමි.
2463. මෙයින් එක්අනූවන කපෙහි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තුවර දනෙහි මේ විපාකය යි.
2464. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තුවරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තුවරදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
242. නාගකේසරිය ස්ථවිරාවදානය
2465. මම (මුවන් මැරීම සඳහා) දුන්න නිසැක කොට සරසාගෙණ වනයට ඇතුළු වීමි. මනාව පිපුණු කුඩා විලක් දැක උඩට නැගුණු පියුමක්
2466. දෝතින් ගෙණ හිසෙහි ඇඳිලි බැඳගෙණ ලෝකබන්ධු වූ තිස්ස බුදුරජුන්හට පිදීමි.
2467. මෙයින් දෙඅනූවනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2468. තෙසැත්තෑවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති කේසර නම් සක්විති රජෙක් වීමි.
2469. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගකේසරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නාගකේසරිය ස්ථවිරාවදානය දෙවැනි යි.
243. නළිනකෙසරිය ස්ථවිරාවදානය
2470. (මම) ස්වයංජාත විලක් මැද දියකුකුළෙක්ව වසමි. ඉක්බිති (එහිදී) අහසෙහි වඩින්නා වූ බුදුරජුන් දුටුවෙමි.
2471. තුඩින් නෙළුම් මල් ගෙණ පැහැදි සිතින් ලෝකබන්ධු වූ තිස්ස බුදුරජුන්හට පිදීමි.
2472. මෙයින් දෙයානූවන කපෙහි යම් නෙළුඹුමල් පිදීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2473. තෙසැත්තෑවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සතපත්ත නම් සක්විති රජෙක් වීමි.
2474. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නළිනකෙසරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නළිනකෙසරිය ස්ථවිරාවදානය තෙවැනි යි.
244. විරවිපුප්ඵිය ස්ථවිරාවදානය
2475. ලෝකනායක වූ (සිද්ධාර්ත්ථ) බුදුරජානන් වහන්සේ මාර්ගයෙහි වඩින සේක. එකල්හි (මම) විරවිපුෂ්පයන් ගෙන (එම) බුදුරජුන්හට පිදීමි.
2476. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.