238. අම්බයාගදායක ස්ථවිරාවදානය
2453. ස්වකීය (තර්‍කව්‍යාකරණාදි) ශිල්පයෙහි දක්‍ෂ වූ මම වනයට ගියෙමි. මම (මග) වඩින්නා වූ බුදුරජුන් දැක අඹදනක් දිනිමි.
2454. මෙයින් එක්අනූවන කපෙහි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඹදනෙහි මේ විපාකය යි.
2455. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බයාගදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අම්බයාගදායක ස්ථවිරාවදානය අටවැනි යි.
239. ජගතිකාරක ස්ථවිරාවදානය
2456. අත්‍ථදස්සී බුදුරජුන් පිරිනිවි කල්හි මා විසින් ඒ බුදුරජුන්ගේ උතුම් සෑයෙහි පිළිදැගුම් කරවන ලදී.
2457. මෙයින් එක්සිය අටළොස්වන කපෙහි යම් කර්‍මයක් කරණ ලද ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පිළිදැගුම් කරවීමෙහි මේ විපාකය යි.
2458. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ජගතිකාරක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ජගතිකාරක ස්ථවිරාවදානය නවවැනි යි.
240. වාසිදායක ස්ථවිරාවදානය
2459. මම පෙර උතුම් තීවරා පුරයෙහි කඹුරෙක් වීමි. මා විසින් සියල්ල දත් පස්මරුන් දිනූ බුදුරජුන් උදෙසා එක් වෑකැත්තක් දෙන ලදී.
2460. මෙයින් සිවුඅනූවන කපෙහි යම් වෑකැති දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වෑකැති දනෙයි මේ විපාකය යි.
2461. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වාසිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වාසිදායක ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
උදකාසන භාජන - සාලපුප්ඵි කිලඤ්ජක
වේදිකා වණ්ණකාර - පියාල අම්බයාගද
ජගතී වාසිදාතා දැයි දස - අටතිස් ගයින් බැඳියේ.
උදකාසන වර්‍ගය සූවිසි වැනි යි.
25. තුවරදායක වර්‍ගය
241. තුවරදායක ස්ථවිරාවදානය
2462. මම පෙර මහවෙනෙහි මුවවැද්දෙක් වීමි. මම තුවරඇට (බඳුනකින්) ගෙණවුත් සඞ්ඝයාට දුනිමි.
2463. මෙයින් එක්අනූවන කපෙහි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තුවර දනෙහි මේ විපාකය යි.
2464. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තුවරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තුවරදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.