235. වේදිකාරක ස්ථවිරාවදානය
2442. විපස්සී බුදුරජුන්ගේ උතුම් බෝරුකට මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් වේදිකාවක් කෙළෙමි.
2443. මම මෙයින් අනූවන කපෙහි වේදිකාවක් කරවූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වේදිකාදානයාගේ මේ විපාකය යි.
2444. මෙයින් එකොළොස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුරියස්සම නම් සක්විති රජෙක් වීමි.
2445. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වේදිකාරක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වේදිකාරක ස්ථවිරාවදානය පස්වැනි යි.
236. වණ්ණකාර ස්ථවිරාවදානය
2446. මම එකල්හි අරුණවතී නගරයෙහි වර්ණකාරයෙක් (රඟපොවන්නෙක්) වීමි. මම සෑයෙහි වත්බඩු නන්වන් කොට පෙවීමි.
2447. මෙයින් එක්තිස්වනු කපෙහි යම් සායම් පෙවීමක් (පින් පිණිස) කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි.
2448. මෙයින් තෙවිසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති චන්දූපම නම් සක්විති රජෙක් වීමි.
2449. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින්ආයුෂ්මත් වණ්ණකාර ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වණ්ණකාර ස්ථවිරාවදානය සවැනි යි.
237. පියාලපුප්ඵිය ස්ථවිරාවදානය
2450. මම පෙර මහවෙනෙහි මුව වැද්දෙක් වීමි. මම පිපුණු පියල් ගසක් දැක බුදුරජුන් වැඩිය මගෙහි (ඒ මල් ගෙණ) (පිදීම් වශයෙන්) අතුළෙමි.
2451. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2452. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පියාලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පියාලපුප්ඵිය ස්ථවිරාවදානය සත්වැනි යි.
238. අම්බයාගදායක ස්ථවිරාවදානය
2453. ස්වකීය (තර්කව්යාකරණාදි) ශිල්පයෙහි දක්ෂ වූ මම වනයට ගියෙමි. මම (මග) වඩින්නා වූ බුදුරජුන් දැක අඹදනක් දිනිමි.
2454. මෙයින් එක්අනූවන කපෙහි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඹදනෙහි මේ විපාකය යි.
2455. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බයාගදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අම්බයාගදායක ස්ථවිරාවදානය අටවැනි යි.