232. භාජනදායක ස්ථවිරාවදානය
2428. මම එකල්හි බන්ධුමතී නගරයෙහි කුම්භකාරයෙක් (=කුඹුලෙක්) වීමි. එකෙණෙහි භික්ෂුසඞ්ඝයාට භාජන සැපයීම කෙළෙමි.
2429. මෙයින් එක්අනූවන කපෙහි යම් භාජන සැපයීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. භාජන දානයාගේ මේ විපාකය යි.
2430. මෙයින් තෙපණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අනන්තජාලි නම් සක්විත් රජෙක් වීමි.
2431. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භාජනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
භාජනදායක ස්ථවිරාවදානය දෙවැනි යි.
233. සාලපූපිය ස්ථවිරාවදානය
2432. මම අරුණවතී නගරයෙහි පූප සාදන්නෙක් වීමි. (එකල්හි) මාගේ ගෙදොරින් වඩිනා සිඛී බුදුරජුන් දිටිමි.
2433. මම බුදුරජුන්ගේ පාත්රය ගෙණ සම්මග්ගත වූ ඒ බුදුරජානන් වහන්සේට පැහැදි සිතින් හල් පූ දිනිමි.
2434. මෙයින් එක්තිස්වනු කපෙහි මම යම් ඛාද්යයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. හල් පූ දනෙහි මේ විපාකය යි.
2435. මෙයින් තුදුස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අමිතඤ්ජල නම් සක්විති රජෙක් වීමි.
2436. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සාලුපූපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සාලුපූපිය ස්ථවිරාවදානය තෙවැනි යි.
234. කිලඤ්ජදායක ස්ථවිරාවදානය
2437. (ප්රාකාරත්රයකින් පරික්ෂිප්ත බැවින්) තිවරා නම් වූ රම්ය නගරයෙහි මම එකල්හි නළකරුවෙක් (=කුළුපොත්තෙක්) වීමි. සිද්ධාර්ත්ථ බුදුරජුන් කෙරෙහි පැහැදුනු ජනසමූහයෝ එහි වූහ.
2438. ලෝකනාථයන් වහන්සේට පිදීම සඳහා කළාලයක් සොයයි. මම ඒ බුද්ධපූජාව කරණවුනට කළාලයක් දිනිමි.
2439. මෙයින් සිවුඅනූවනු කපෙහි දී යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කළාලදානයාගේ මේ විපාකය යි.
2440. සත්සැත්තෑවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ජුතින්ධර නම් සක්විති රජෙක් වීමි.
2441. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිලඤ්ජදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කිලඤ්ජදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.
235. වේදිකාරක ස්ථවිරාවදානය
2442. විපස්සී බුදුරජුන්ගේ උතුම් බෝරුකට මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් වේදිකාවක් කෙළෙමි.
2443. මම මෙයින් අනූවන කපෙහි වේදිකාවක් කරවූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වේදිකාදානයාගේ මේ විපාකය යි.
2444. මෙයින් එකොළොස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුරියස්සම නම් සක්විති රජෙක් වීමි.
2445. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වේදිකාරක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වේදිකාරක ස්ථවිරාවදානය පස්වැනි යි.
236. වණ්ණකාර ස්ථවිරාවදානය
2446. මම එකල්හි අරුණවතී නගරයෙහි වර්ණකාරයෙක් (රඟපොවන්නෙක්) වීමි. මම සෑයෙහි වත්බඩු නන්වන් කොට පෙවීමි.
2447. මෙයින් එක්තිස්වනු කපෙහි යම් සායම් පෙවීමක් (පින් පිණිස) කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි.