223. ද්විරතනිය ස්ථවිරාවදානය
2384. මම පෙර මහවෙනෙහි මුව වැද්දෙක් වීමි. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ කෙලෙස් මල නැති බුදුරදුන් දිටිමි.
2385. විපස්සී බුදුරදුන්හට මා විසින් මස් කැබැල්ලක් පුදන ලදි. මම (ඒ හේතුවෙන්) දෙවියන් සහිත ලෝකයෙහි ආධිපත්යය කරමි.
2386. මෙම මස් දන කරණ කොට ගෙණ මට (කාය-චිත්ත සම්පත්ති සඞ්ඛ්යාත) රුවන් උපදී. මේ රුවන් දෙක ලෙව්හි නිවන් ලැබීමට උපකාර වේ.
2387. මම ඒ සියලු සම්පත් අනුභව කරමි. මස් දනෙහි ශක්තිය කරණ කොට ගෙණ මාගේ ශරීරය ද මෘදුය. සියුම් දෙය අවබෝධ කරගත හැකි ප්රඥාව ද වේ.
2388. මෙයින් එක්අනූවන කපෙහි මම යම් මස් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මස් දනෙහි මේ විපාකය යි.
2389. මෙයින් සිවුවන කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති මහාරෝහිත නම් සක්විති රජෙක් වීමි.
2390. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ද්විරතනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ද්විරතනිය ස්ථවිරාවදානය තෙවැනි යි.
224. ආරාමදායක ස්ථවිරාවදානය
2391. මා විසින් සිදුහත් බුදුරජුන්හට වේදිකාවක් කරවන ලදි. මා විසින් මහර්ෂී වූ බුදුරජුන්හට ආරක්ෂාවක් ද දෙන ලදි.
2392. ඒ කර්මවිශේෂය කරණකොට ගෙන භයජනක අරමුණක් නො දකිමි. කොහි උපන්නේ නමුදු මට ත්රාසයක් විද්යමාන නැත.
2393. මම මෙයින් සිවුඅනූවන කපෙහි යම් වේදිකාවක් කරවීම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වේදිකා දනෙහි මේ විපාකය යි.
2394. මෙයින් සවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අපස්සේන නම් සක්විති රජෙක් වීමි.
2395. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරක්ඛදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආරක්ඛදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.
225. අව්යාධික ස්ථවිරාවදානය
2396. මම විපස්සී බුදුරජුන්හට ගිනිහල්ගෙයක් දිනිමි. රෝගීන්හට නිවාස ස්ථානයක් ද, උණුදිය වත්කරන භාජනයක් ද දිනිමි.
2397. ඒ කර්මය හේතුකොට ගෙණ මට මේ ආත්මභාවය මොනොවට මැවින. මම ව්යාධිය (කුමැයි) නො දනිමි. පුණ්යකර්මයාගේ මේ විපාකය යි.
2398. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ශාලාවක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අග්නිශාලාදානයෙහි මේ විපාකය යි.
2399. මෙයින් සත්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අපරාජිත නම් සක්විති රජෙක් වීමි.
2400. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අව්යාධික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අව්යාධික ස්ථවිරාවදානය පස්වැනි යි.
226. අඞ්කෝලපුප්ඵිය ස්ථවිරාවදානය
2401-2402. නාරද යනු මගේ නමයි. මට කාශ්යප යයි ද කියති. ශ්රමණයනට අග්ර වූ දෙවියන් විසින් සත්කාර කරණ ලද අනුව්යඤ්ජන දරන්නා වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ විපස්සී බුදුරජුන් දිරිමි. මම රුකඟුන මල් ගෙණ ඒ බුදුරජුන්හට පිදීමි.
2403. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2404. මෙයින් සූසැත්තෑවනු කපෙහි ස්වර්ණ සිවිකා ආදි යානයන් ද, මහාමාත්ය සෙවකාදි බලයන් ද, හස්ති අශ්ව රථ සඞ්ඛ්යාත වාහනයන් ද, යන මොවුන්ගෙන් යුක්තවූයෙම් පැළැඳි මාලාභරණ ඇත්තෙම් රෝමස නම් රජෙක් වීමි.
2405. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කෝලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අඞ්කෝලපුප්ඵිය ස්ථවිරාවදානය සවැනි යි.