221. ආලම්බනදායක ස්ථවිරාවදානය
2373. (අටලෝ දහම්හි කම්පා නො වන බැවින්) තාදී ගුණ ඇති, ලෝකජ්යේෂ්ඨ වූ ද්විපදෝත්තම වූ අත්ථදස්සී බුදුරජුන්හට මා විසින් ආලම්බනඵලකයක් (වැතිරෙන පුවරුවක්) පුදන ලදි.
2374. සයුර කෙළවර කොට ඇති මහත් වූ පෘථිවිය රජයෙමි. ධනය කෙරෙහි ද ප්රාණීන් කෙරෙහි ද ආධිපත්යය පවත්වමි.
2375. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ත්රිවිද්යාවෝ පැමිණෙන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
2376. මෙයින් දෙසැටවනු කපෙහි මහත් බල ඇති ඒකාපස්සිත නම් ඒ තුන් සක්විති රජකෙනෙක් වූහ.
2377. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආලම්බනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආලම්බදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
222. අජිනදායක ස්ථවිරාවදානය
2378. මෙයින් එක්තිස්වන කපෙහි මම ගණාචාර්ය වූයෙම් වෙමි. කෙලෙස් රජස් විරහිත ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ සිඛී බුදුරජුන් දිටිමි.
2379. ලෝකබන්ධු වූ සිඛී බුදුරජුන්හට මා විසින් සම්කඩක් දෙන ලදී. ද්විපදෝත්තම වූ ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කළ ඒ කර්මය කරණ කොට ගෙණ-
2380. මම සම්පත් අනුභව කොට කෙලෙස් ද දැවීමි. සම්බුදු සසුනෙහි (මේ) අන්තිම ශරීරය ද දරමි.
2381. මම මෙයින් එක්තිස්වනු කපෙහි යම් අඳුන් දිවිසමක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඳුන් දිවිසම් දනෙහි මේ විපාක යි.
2382. මෙයින් පස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුදායක නම් සක්විති රජෙක් වීමි.
2383. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අජිනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අජිනදායක ස්ථවිරාවදානය දෙවැනි යි.
223. ද්විරතනිය ස්ථවිරාවදානය
2384. මම පෙර මහවෙනෙහි මුව වැද්දෙක් වීමි. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ කෙලෙස් මල නැති බුදුරදුන් දිටිමි.
2385. විපස්සී බුදුරදුන්හට මා විසින් මස් කැබැල්ලක් පුදන ලදි. මම (ඒ හේතුවෙන්) දෙවියන් සහිත ලෝකයෙහි ආධිපත්යය කරමි.
2386. මෙම මස් දන කරණ කොට ගෙණ මට (කාය-චිත්ත සම්පත්ති සඞ්ඛ්යාත) රුවන් උපදී. මේ රුවන් දෙක ලෙව්හි නිවන් ලැබීමට උපකාර වේ.
2387. මම ඒ සියලු සම්පත් අනුභව කරමි. මස් දනෙහි ශක්තිය කරණ කොට ගෙණ මාගේ ශරීරය ද මෘදුය. සියුම් දෙය අවබෝධ කරගත හැකි ප්රඥාව ද වේ.
2388. මෙයින් එක්අනූවන කපෙහි මම යම් මස් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මස් දනෙහි මේ විපාකය යි.
2389. මෙයින් සිවුවන කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති මහාරෝහිත නම් සක්විති රජෙක් වීමි.
2390. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ද්විරතනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ද්විරතනිය ස්ථවිරාවදානය තෙවැනි යි.
224. ආරාමදායක ස්ථවිරාවදානය
2391. මා විසින් සිදුහත් බුදුරජුන්හට වේදිකාවක් කරවන ලදි. මා විසින් මහර්ෂී වූ බුදුරජුන්හට ආරක්ෂාවක් ද දෙන ලදි.
2392. ඒ කර්මවිශේෂය කරණකොට ගෙන භයජනක අරමුණක් නො දකිමි. කොහි උපන්නේ නමුදු මට ත්රාසයක් විද්යමාන නැත.
2393. මම මෙයින් සිවුඅනූවන කපෙහි යම් වේදිකාවක් කරවීම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වේදිකා දනෙහි මේ විපාකය යි.
2394. මෙයින් සවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අපස්සේන නම් සක්විති රජෙක් වීමි.
2395. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරක්ඛදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආරක්ඛදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.