215. රංසිසඤ්ඤක ස්ථවිරාවදානය
2339. උදාවන්නා වූ හිරු මෙන් ද එසේ ම (උදාවී) පැතිරීගිය රැස් ඇති හිරු මෙන් ද, යහපත් ජන්ම ඇති උතුම් ව්යාඝ්රරාජයකු මෙන් ද කඳු අතුරෙහි (වැඩහුන් බුදුරජුන් දිටිමි.)
2340. කඳු අතුරෙහි ඒ බුද්ධානුභාවය බබලයි. මම බුද්ධරශ්මියෙහි සිත පහදවා කල්පයක් ස්වර්ගයෙහි සතුටු වීමි.
2341. සෙසු කල්පයන්හි මා විසින් මැනවින් කුසල් කරණ ලදී. ඒ චිත්තප්රසාදයෙන් ද බුද්ධානුස්සතිභාවනාවෙන් ද,
2342. මෙයින් තිස්දහස්වනු කපෙහි එදා යම් සංඥාවක් ලැබූයෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නොම දනිමි. බුද්ධසඤ්ඤාවෙහි මේ විපාකය යි.
2343. සත්පණස්වන කපෙහි ජනාධිපති වූ නමින් සුජාත නම් මහත් බල ඇති සක්විතිරජෙක් වීමි.
2344. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රංසිසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
රංසිසඤ්ඤක ස්ථවිරාවදානය පස්වැනි යි.
216. සණ්ඨිත ස්ථවිරාවදානය
2345. මනාව වැඩුනු ඇසතු බෝරුක්හි හරිද්වර්ණ (=කොළපාට) රශ්මියෙහි සිහියෙන් යුතුව හුන්නෙම් එකම (බුද්ධානුස්සති සංඥාව) ලැබීමි.
2346. මෙයින් එක්තිස්වනු කපෙහි වූ එකල්හි යම් (බුද්ධානුස්සති) සංඥාවක් ලැබූයෙම් ද, ඒ බුද්ධානුස්මෘතිසංඥා බලයෙන් මාගේ ආස්රවක්ෂය විය. (රහත් වීමි.)
2347. මෙයින් තෙළෙස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ධනිට්ඨ නම් ක්ෂත්රියෙක් වීමි.
2348. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සණ්ඨිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සණ්ඨිත ස්ථවිරාවදානය සවැනි යි.
217. තාලවණටදායක ස්ථවිරාවදානය
2349. ග්රීෂ්මය නිවීම පිණිස ද දැවීම සන්සිඳෙනු පිණිස ද මා විසින් තිස්ස බුදුරජුන්හට තල්වැටක් (විජිනිපතක්) පුදන ලදී.
2350. රාගාග්නිය නිවමි. එයින් අධික වූ ද්වේෂාග්නිය ද නිවමි. එසේ ම මොහාග්නිය ද නිවමි. විජිනිපත් දනෙහි මේ විපාකය යි.
2351. මාගේ කෙලෙස් දවන ලදී. සියලු භවයෝ නසන ලදහ. (දැන්) සම්බුදුසසුනෙහි අන්තිම ශරීරය දරමි.
2352. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2353. මෙයින් තෙසැටවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මහානාම නම් සක්විති රජෙක් වීමි.
2354. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තාලවණ්ටදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තාලවණ්ටදායක ස්ථවිරාවදානය සත්වැනි යි.
218. අක්කන්තසඤ්ඤක ස්ථවිරාවදානය
2355. මම පෙර උපාධ්යායයන්හට දළකඩක් ගෙණ (ගියෙමි.) (එකල මම) හී පහර බිඳී යන සේ (ජල්පනය කරණ) මන්ත්රයකුදු ඉගෙණ ගතිමි.
2356. ලෝකයාගේ පූජාවනට භාජන වූ කෙලෙස් රජස් විරහිත ශ්රේෂ්ඨ වූ උතුම් වූ ගණප්රධාන වූ තිස්ස නමැති බුදුවරයන් වහන්සේ දිටිමි.
2357. ලොව පහළ වූ ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ පදවීතිහාරය (සක්මන්) කරන්නා වූ බුදුරජානන් වහන්සේට ඒ වස්ත්රය (පියවිළි කොට) අතුරණ ලදී.
2358. (ඒ මත වඩනා) ලෝකයට ප්රදීපයක් වැනි වූ නිර්මල චන්ද්රයා හා සමාන වූ බුදුරජුන් දැක පැහැදි සිතින් ඒ ශාස්තෲන් වහන්සේගේ පා වැන්දෙමි.
2359. මෙයින් සිවුඅනූවන කපෙහි යම් මහලු පිළියක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මහලු පිළියක් දීමෙහි මේ විපාකය යි.
2360. මෙයින් සත්තිස්වනු කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති සුනන්ද නම් සක්විති රජෙක් වීමි.
2361. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අක්කන්තසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
අක්කන්තසඤ්ඤක ස්ථවිරාවදානය අටවැනි යි.