193. ඛණ්ඩඵුල්ලිය ස්ථවිරාවදානය
2225. මහවෙනෙහි ඵුස්ස භාග්යවතුන් වහන්සේගේ ස්තූපයක් විය. එය එ කල්හි ඇතුන් විසින් බිඳින ලදුයේ වැඩුනු ගස් ඇත්තේ ද විය.
2226. ඒ තිලෝගුරු වූ බුදුරජානන් වහන්සේගේ ගුණයෙන් සතුටු වූ මම (ඒ සෑයෙහි) විසමතැන් සම කොට සුණුපිඬු දිනිමි. (සුණුපිරියම් කෙළෙමි.)
2227. මෙයින් දෙයානූවන කපෙහි වූ එ දවස යම් පිළිසකරක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සුණු පිඬු දනෙහි මේ විපාකය යි.
2228. සත්සැත්තෑවන කපෙහි සත්රුවනින් ආඪ්ය වූ මහත් බල ඇති ජිතසේන නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
2229. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛණ්ඩඵුල්ලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඛණ්ඩඵුල්ලියස්ථවිරාවදානය තෙවැනි යි.
194. අසෝකපූජක ස්ථවිරාවදානය
2230. එකල්හි රම්ය වූ තීවරා පුරයෙහි රාජෝද්යානයක් විය. මම එහි රජුගේ සහචර වූ උයන්පල්ලෙක් වීමි.
2231. නමින් පදුම නම් වූ ප්රභාසහිත සම්බුදු වරයෙක් විය. හෙළ පියුමෙහි සෙවන වැඩහුන් ඒ බුදුරජුන් නො හළේය.
2232. පිපුනු දැකුම්කලු අශෝක ගසක් දැක (එයින්) මල්පොකුරක් පදුම නම් වූ බුදුරජානන් වහන්සේට පිදීමි.
2233. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2234. මෙයින් සත්තිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අරුණඤ්ජහ නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
2235. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අසෝකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අසෝකපූජකස්ථවිරාවදානය සිව්වැනි යි.
195. අඞ්කෝලක ස්ථවිරාවදානය
2236. පිපුනු රුකඟුන ගසක් දැක එහි උතුම් මල් කොපු සහිතව ම නෙලා ඒ මල් ගෙණ (සිද්ධාර්ත්ථ) බුදුරජුන් වෙත ගියෙමි.
2237. එ සමයෙහි මහාමුනි වූ සිද්ධාර්ත්ථ බුදුරජහු විවෙක සුවයෙන් හුන්හ. (මම උන්වහන්සේට) මොහොතක් බුහුමන් දක්වා ඒ මල් ගුහාවෙහි විසිර වීමි.
2238. මෙයින් සිව්අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද , (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකය යි.
2239. මෙයින් සතිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති දෙවගජ්ජිත නම් එක් සක්විති රජෙක් විය.
2240. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කෝලක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අඞ්කෝලකස්ථවිරාවදානය පස්වැනි යි.
196. කිසලයපූජක ස්ථවිරාවදානය
2241. දවාරවතී නගරයෙහි මාගේ පුෂ්පඋද්යානයෙක් විය. ගස්වල වැඩීමට ජලය සපයන ලිඳෙක් ද එහිම විය.
2242. ස්වබලයෙන් තහවුරු බවට පත් පස්මරුන් දිනූ ඒ සිද්ධාර්ත්ථ බුදුරජහු මට අනුකම්පා කරණුවෝ අහස් මගෙහි වඩිති.
2243. මහර්ෂීන් වහන්සේට පිදීමට සුදුසු අන් කිසිවක් නො දකිමි. මම හෝපළු (දලු) දැක එය ගෙන අහසෙහි දැමීමි.
2244. ඒ අසෝක පල්ලවයෝ වඩින්නා වූ බුදුරජුන් පසුපසින් යෙත්. මම ඒ විස්මය දැක “බුදුරජානන් වහන්සේගේ උදාර බව ආශ්චර්ය්යයැ” යි සිතීමි.
2245. මෙයින් සිවුඅනූවක කපෙහි යම් හෝපළු පිදීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2246. මෙයින් සත්විසිවෙනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒකස්සර නම් සක්විති රජෙක් වීමි.
2247. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිසලයපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කිසලයපූජක ස්ථවිරාවදානය සවැනියි.