180. සඞ්ඝුපට්ඨාක ස්ථවිරාවදානය
2148. වෙස්සභූ බුදුරජුන්ගේ කාලයෙහි මම ආරාමිකයෙක් (අරමෙහි උවටැන් කරන්නෙක්) වීමි. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් උතුම් සඞ්ඝයාට උවටැන් කෙළෙමි.
2149. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සඟනට උවටැන් කිරීමේ මේ විපාකය යි.
2150. මෙයින් සත්වැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සමෝදක නම් සත් සක්විතිරජකෙනෙක් වූහ.
2151. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සඞ්ඝුපට්ඨාක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
සඞ්ඝුපට්ඨාකස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
කුමුදනිස්සෙණි රත්තික උදපානද
සීහාසනී මග්ගදද එකදීපී මණිප්පද
තිකිච්ඡකුපට්ඨාකැයි දසවතෙකුන්පණස් ගී.
කුමුදවර්‍ගය අටළොස් වැනි යි.