164. දෙසපූජක ස්ථවිරාවදානය
2067. ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ අත්ථදස්සී භාග්යවතුන් වහන්සේ අහසට නැගී අහස්මග වඩිනා සේක.
2068. මහාමුනි වූ ශාස්තෲන් වහන්සේ යම් දෙසක සිට අහසට නැගුනු සේක් ද මම පහන් සිත් ඇත්තෙම් සියතින් ඒ දෙස පිදීමි.
2069. එක්දහස් අටසියවන කපෙහි යම් බුදුවරයන් වහන්සේ නමක් දුටුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. දිසාපූජාවෙහි මේ විපාකය යී.
2070. එක්දහස් එක්සියවන කපෙහි සත්රුවනින් ආඪ්ය මහත් බල ඇති ගොසුජාත නම් සක්විති රජෙක් වීමි.
2071. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දෙසපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
දෙසපූජකස්ථවිරාවදානය සිවුවැනි යි.
165. කණිකාරච්ඡදනිය ස්ථවිරාවදානය
2072. ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ සියල්ල මැනැවින් දත් වෙස්සභූ බුදුරජුහු දිවාවිහරණය පිණිස මහවනයට බැස ගත්හ.
2073. එකල්හි මම කිණිහිරි මල් නෙලා ඡත්රයක් තනා මල් වියනක් කොට බුදුරජුන් පිදීමි.
2074. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ බුද්ධපූජාවෙහි විපාකය යි.
2075. මෙයින් විසිවන කපෙහි සත්රුවනින් ආඪ්ය මහත් බල ඇති සෝණ්ණාභ නම් අට සක්විති රජකෙනෙක් වූහ.
2076. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කණිකාරච්ඡදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කණිකාරච්ඡදනියස්ථවිරාවදානය පස්වැනි යි.
166. සප්පිදායක ස්ථවිරාවදානය
2077. ලෝවැස්සන්ගේ පූජාසත්කාර පිළිගැණීමට සුදුසු වූ මහාවීර වූ ඵුස්ස නම් භාග්යවත්හු මහජනයා නිවමින් වීථියෙහි වඩිති.
2078. පිළිවෙළින් භාග්යවත්හු මා වෙතට වැඩියහ. ඉක්බිති මම පාත්රය ගෙණ ගිතෙල් පුරවා දිනිමි.
2079. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් ගිතෙල් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ගිතෙල් දනෙහි මේ විපාකය යි.
2080. මෙයින් සපණස්වන කපෙහි සත්රුවනින් ආඪ්ය මහත් බල ඇති සම්මෝදක නම් සක්විති රජෙක් වීමි.
2081. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සප්පිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සප්පිදායකස්ථවිරාවදානය සවැනි යි.
167. යූථිකාපුප්ඵිය ස්ථවිරාවදානය
2082. මම චන්ද්රභාග ගං තෙර පහළට ගමන් කරමි. එහිදී පිපුනු සල්රුකක් වැනි බුදුරජුන් දිටිමි.
2083. මම සීනිද්ද මලක් ගෙණ මහාමුනි වු බුදුරජුන් වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් එය බුදුරජුන්හට පිරිනැමීමි.