124. ගන්‍ධොදකිය ස්ථවිරාවදානය
1800. උතුම් පහයෙහි හිඳ බබලන කුඹුක්ගසක් වැනි මොහඳුරු දුරු කරන්නා වූ පස්මරුන් දිනූ විපස්සී බුදුරජානන් වහන්සේ දිටිමි.
1801. පහයට නුදුරෙහි බුදුරජානන් වහන්සේ වඩනා කල්හි සුර්‍ය්‍යයාගේ (ප්‍රභාව) මෙන් උන්වහන්සේගේ ප්‍රභා විහිදෙයි.
1802. සුවඳ පැන් ද ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ඉස්සෙමි. මම ඒ චිත්තප්‍රසාදයෙන් යුතු ව කලුරිය කෙළෙමි.
1803. මෙයින් එක් අනූවනකපෙහි යම් සුවඳ පැනක් ඉස්සෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1804. මෙයින් එක්තිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුගන්‍ධ නම් සක්විති රජෙක් විය.
1805. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුගන්‍ධොදකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවෙන් වදාළ සේක් යී.
ගන්‍ධොදකිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
125. සම්මුඛාත්‍ථවික ස්ථවිරාවදානය
1806. මම විපස්සී බුදුරජුන් ලොව පහළ වන කල්හි (ඇති වූ) නිමිති බලා මෙසේ පැවසීමි: (කෙසේ ද යත්:) “ජනසමූහයා (කෙලෙස් ගින්නෙන්) නිවමින් බුදුරජ තෙම ලොව පහළ වන්නේ ය.
1807. යම් උතුමකු උපදින කල්හි දසදහසක් ලෝදා කම්පිත වී ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
1808. යම් උතුමකු උපදින කල්හි මහත් ආලෝකය වී ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
1809. යම් උතුමකු උපදින කල්හි ගඞ්ගාවෝ නො ගැලුවාහු ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
1810. යම් උතුමකු උපදින කල්හි අවීචියෙහි ගිනි නො දැල්විනි ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
1811. යම් උතුමකු උපදින කල්හි පක්‍ෂිසමූහයා (ඒ මේ අත) නො හැසිරිනි ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
1812. යම් උතුමකු උපදින කල්හි වාතස්ඛන්‍ධය නො හමා ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
1813. යම් උතුමකු උපදින කල්හි සියලු රත්නයෝ බැබලුනාහු ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
1814. යම් උතුමකු උපදින කල්හි සප්තපදවික්‍රමයෝ වූවාහු ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
1815. උපන්නා හා ම සර්‍වඥ තෙමේ සියලු දිගුන් බැලී ය. අභීත වචන පැවසී ය. මෝ බුදුවරයින්ගේ ධර්‍මතා යි.
1816. (මෙසේ) ජනතාව සංවේගයට පමුණුවා ලෝකනායකයන් වහන්සේට ස්තුති කොට සර්‍වඥයන් වහන්සේ වැඳ නැගෙනහිරට මුහුණ ලා ගියෙමි.
1817. මෙයින් එක් අනූවන කපෙහි යම් බුද්ධ ස්තුතියක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධ ස්තුතියෙහි මේ විපාකය යි.
1818. මෙයින් අනූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සම්මුඛාථවික නම් සක්විතිරජෙක් විය.
1819. මෙයින් එකුන් අනූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පඨවිදුන්‍දුභි නම් සක්විතිරජෙක් විය.
1820. මෙයින් අටාසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඕභාස නම් සක්විතිරජෙක් විය.
1821. මෙයින් සත්අසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සරිතච්ඡේදන නම් සක්විතිරජෙක් විය.
1822. මෙයින් සයඅසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අග්ගිනිබ්බාපන නම් සක්විතිරජෙක් විය.
1823. මෙයින් පස්අසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ගතිපච්ඡේදන නම් සක්විතිරජෙක් විය.
1824. මෙයින් සූඅසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති වාතසම නම් සක්විතිරජෙක් විය.
1825. මෙයින් තෙයාසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති රතනපජ්ජල නම් සක්විතිරජෙක් විය.