98. සේනාසනදායක ස්ථවිරාවදානය
1595. මම සිද්ධාර්ත්ථ බුදුරජානන් වහන්සේට පන්ඇතිරියක් දිනිමි. හාත්පස අසේනියකුසුම් ද විසිරවීමි.
1596. මෙබඳු ගුණ ඇති සිත්කලු මහාර්හ වූ පහසක් ලබමි. මාගේ ඇඳෙහි මහඟු පුෂ්පයෝ වැගිරෙත්.
1597. මම විසිතුරු වූ මල් අතුළ සයනයෙහි නිදිමි. එකෙණෙහි සයනෙහි මල්වැසි ද වසින්නේ ය.
1598. මෙයින් සිවුඅනූවන කපෙහි පන්ඇතිරියක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඇතිරිදනෙහි මේ විපාකයයි.
1599. මෙයින් පස්වැනි කපෙහි ජනාධිපති වූ තිණසන්ථරක නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
1600. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සේනාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
සේනාසනදායකස්ථවිරාවදානය අටවැනියි.
99. වෙය්යාවච්චක ස්ථවිරාවදානය
1601. විපස්සී බුදුරජානන් වහන්සේගේ (භක්තිමත්) මහාප්රාඥ සමූහයා විය. මම එකල්හි සියලු කටයුතුවල යෙදුනු වතාවත් කරන්නෙක් වීමි.
1602. මහර්ෂි වූ බුදුරජානන් වහන්සේට පිදිය යුතු දෙයක් මට නැත. පිරිසිදු සිතින් බුදුරජානන් වහන්සේගේ සිරිපා වැන්දෙමි.
1603. මම මෙයින් එක්අනූවන කපෙහි (බුදුරජුන්ට) වතාවත් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වතාවත් කිරීමෙහි මේ ප්රතිඵලයයි.
1604. මෙයින් අටවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුචින්තිත නම් සක්විති රජෙක් වීමි.
1605. පිළිසිඹියාවෝ -පෙ- බුදුරාජණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වෙය්යාවච්චක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
වෙය්යාවච්චකස්ථවිරාවදානය නවවැනි යි
100. බුද්ධුපට්ඨාක ස්ථවිරාවදානය
1606. (මම) විපස්සී බුදුරජුන්ගේ (කාලයෙහි) සක් පිඹින්නෙක් වීමි. මහර්ෂි වූ සුගතයන් වහන්සේට නිතර (සක් පිඹීමෙන්) උවටැනෙහි යෙදුනෙම් වෙමි.
1607. තාදිගුණ ඇති ලෝකනාථයන් වහන්සේට උවටැන් කිරීමෙහි විපාකය දකු. හැමකල්හි සැටදහසක් තූර්ය්යයෝ මා පිරිවරත්.
1608. මෙයින් එක්අනූවන කපෙහි මහර්ෂි වූ බුදුරදුන්ට (සක් පිඹීමෙන් යම්) උවටැනක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උවටැන් කිරීමෙහි මේ විපාකය යි.
1609. මෙයින් සූතිස්වන කපෙහි මහත් බල ඇති මහානිග්ඝෝස නම් වූ සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1610. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජුන්ගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධුපට්ඨාකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
බුද්ධුපට්ඨාකස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
සුධා සුචින්තී චේල ද - සූචි ද ගන්ධමාලිය,
තිපුප්ඵිය මධුසෙනසුන - වෙය්යාච්චුපට්ඨායක
මෙ වගෙහි පවසන ලද - සමසැටගයෙක් වන්නේ
තිපුප්ඵිය මධුසෙනසුන - වෙය්යාච්චුපට්ඨායක
මෙ වගෙහි පවසන ලද - සමසැටගයෙක් වන්නේ
සුධාපිණ්ඩියවර්ගය දසවැනියි.
යලි වර්ගඋද්දානය යි:
බුදුවග පළමු ය - යලි සිහසුන් සුභූති ය
කුණ්ඩධාන ද උපාලිය - විජනිය සකචින්තිය ද
නාගසමාලය තිමිරිය - සුධාවග දැ යි දසයකි
ගීතුදුස් සියයකි - පස්පණසක් ද වන්නේ
කුණ්ඩධාන ද උපාලිය - විජනිය සකචින්තිය ද
නාගසමාලය තිමිරිය - සුධාවග දැ යි දසයකි
ගීතුදුස් සියයකි - පස්පණසක් ද වන්නේ
ප්රථමවර්ගදශකය යි.
ප්රථමශතකය සමාප්තයි.
11. භික්ඛදායි වර්ගය
101. භික්ඛාදායක ස්ථවිරාවදානය
1611. මම ස්වර්ණවර්ණ වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවනට ගෙයක් වැනි වූ වනලැහැබින් නික්මුනා වූ තෘෂ්ණාවෙන් නික්ම නිවණට පැමිණියා වූ ප්රඥාවෙන් උපශාන්ත වූ සම්බුදුරජ (දිටිමි).
1612. තාදිගුණ ඇති මහාවීර වූ ඒ සිද්ධාර්ත්ථ බුදුරජානන් වහන්සේට සැන්දක් පමණ වූ භික්ෂාවක් දිනිමි.
1613. සූර්ය්යබන්ධු වූ බුදුරජානන් වහන්සේ පියෙන් පිය අනු ව (පසුපස්සෙන්) යන මහාජනයා (දහම්වැස්සෙන්) නිවන කල්හි මට මහත් ප්රීතියෙක් විය.
1614. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. භික්ෂාදානයාගේ මේ විපාකය යි.
1615. මෙයින් සත්අසූවන කපෙහි සත්රුවනින් යුත් මහාරෙණු නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
1616. සිවුපිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භික්ඛාදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
භික්ඛාදායකස්ථවිරාවදානය පළමුවැනියි.