7.
ලක්ඛණ සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදි:
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර නිසා දෙව්රම් නම් වූ අනේපිඬු සිටුහුගේ අරමෙහි වැඩවසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක:
“මහණෙනි, යමෙකින් සමන්විත මහ පුරිස්හට නිෂ්ඨා දෙකෙක් ම වේ ද, අන් තෙවැන්නෙක් නැද්ද, එසේ වූ මහපුරිස්හුගේ මහ පුරිස් ලකුණු දෙතිසෙක් වෙත්. ඔහු පිළිබඳ වූ ඒ නිෂ්ඨා දෙක නම්:
ඉදින් ගිහි ගෙහි වසන්නේ නම්, දැහැමි වූ (දස කුසල් දහම් රක්නා), දැහැමෙන් රජය ලැබ රජ වූ, සිවුසයුර ඉම් කොටැති සිවු මහදිවයිනට නායක වූ, සතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත් රුවනින් සමන්වාගත වූ, සක්විති රජෙක් වෙයි. සක්රුවන, ඇත්රුවන, අස්රුවන, මිණිරුවන, ඉතිරිරුවන, ගැහැවිරුවන, සත්වනු පුත්රුවන ම යැ යි ඔහුට මේ සත්රුවන් කෙනෙක් වෙත්. ශූර, වීර ඇඟ රුව ඇති, සතුරු සෙන් මඩිනුයෙහි බුහුටි වූ පුත්තු අයිරා දහස් දෙනෙක් ඔහුට වෙත්. ඒ සක්විති තෙමේ සයුරහිම් කොට මේ පොළොව දඬුවමින් තොර වැ අවියෙන් තොර වැ දැහැමෙන් දිනා එයට අධිපති වැ වෙසෙයි. ඉදින් ගිහිගෙන් නික්මැ පැවිදි බිම වදනේ වී නම්. පෙරළා ලූ කෙලෙස් සෙවෙණි ඇති, රහත් සම්මාසම්බුදුවරයෙක් වෙයි. මහණෙනි, යම් දෙතිස් මහපුරිස් ලකුණින් යුත් මහ පුරිස්හට ගති දෙකෙක්ම වේ ද, අන් තෙවැන්නෙක් නො වේ ද, ඉදින් ගිහි ගෙහි වසන්නේ නම් … සක්විති රජ වන්නේ ද, ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ නම්, ලොවැ කෙලෙස් සෙවෙණි පෙරළා ලූ රහත් සම්මාසම්බුදුවරයෙක් වන්නේ ද, මහපුරිස්හුගේ එසේ වූ දෙතිස් මහපුරිස් ලකුණු කවුරු ද? යත්:

2. මහණෙනි, මෙහි මහ පුරිස් තෙමේ සුපිහිටි පා ඇත්තේ වෙයි. මහණෙනි ‘මහපුරිස්තෙමේ සුපිහිටි පා ඇත්තේය’ යන යමෙක් ඇද්ද, මෙය මහපුරිස්හුගේ මහපුරිස් ලකුණෙක් වෙයි.
තව ද අනෙකක් කියමි. මහ පුරිස්හුගේ යැටි පතුල්හි දහසක් දැවි ඇති, නිම්වළලු සහිත, නාභි සහිත හැම අයුරින් පිරිපුන් මොනොවට බෙදුණු අතර ඇති, සක් ලකුණෝ පහළ වූවාහු වෙත්. මහණෙනි, පුරිස්හුගේ යැටි පතුල්හි දහසක් දැවි ඇති, නිම්වළලු සහිත, නාභිසහිත, හැම අයුරින් පිරිපුන්, මොනොවට බෙදුණු අතර ඇති, සක් ලකුණෝ පහළ වූවාහු වෙත් යන යමෙක් ඇද්ද, මෙය ද මහණෙනි, මහපුරිස්හුගේ ලකුණෙක් වෙයි.
තව ද අනෙකෙකි. මහණෙනි, මහපුරිස් තෙමේ දික් විලුම් ඇත්තේ වෙයි … දික් ඇඟිලි ඇත්තේ වෙයි … මොළොක් වූ තුරුණු අතුල් පතුල් ඇත්තේ වෙයි … දැල් කවුළුවකට බඳු අත් පා ඇත්තේ වෙයි … මත්තෙහි ගොප් ඇටය පිහිටි පා ඇත්තේ වෙයි … ඕළු මුවන්ගේ බඳු කෙංඩා ඇත්තේ වෙයි … සිටියේ ම නො නැමෙනුයේ දෙ අත්ලෙන් දෙ දන ස්පර්ශ කෙරෙයි, පිරිමදියි … කොපුයෙහි ගිලුණු වස්තු ගුහ්යය ඇත්තේ වෙයි … රන් බඳු පැහැ ඇත්තේ, කසුන් පැහැ සිවිය ඇත්තේ වෙයි … සියුම් සිවිය ඇත්තේ වෙයි; සිවිය සියුම් බැවින් කයෙහි රජස් දැලි නො ලැගෙයි … එකෙකි ලොම් ඇත්තේ වෙයි. රෝමකූපයන්හි තනි තනි ම වැ (එකෙක් එකෙක් ම) ලොම් හට ගත්තේ වෙයි … උඩුකුරු අක්ඇති ලොම් ඇත්තේ වෙයි. උඩුකුරු වූ අක් ඇති, නිල් පැහැ අඳුන්වන්, කොඬොල් බඳු වක් වූ, දකුණට කරකැවුණු ලොම්හු හටගත්තාහු වෙත් … බඹහුගේ බඳු ඍජු (නොනැමුණු) සිරුරු ඇත්තේ වෙයි … කයැ දෙ අත් පිටු ඈ උස් වැ මතු වූ සත් තැනක් ඇත්තේ වෙයි … සීරදහක්හුගේ පෙරඩ කය බඳු පිරුණු කය ඇත්තේ වෙයි … පිරුණු (මොනොවට තැනුණු) පිටතුරු ඇත්තේ වෙයි … නුගරුකක් බඳු පිරිමඬුලු (සමප්රමාණ) කය ඇත්තේ වෙයි … ඔහුගේ කය යම් පමණ ද ඔහුගේ බඹය ද එ පමණ ම ය. ඔහුගේ බඹය යම් පමණ ද ඔහුගේ කයත් එ පමණ ම ය (කයේ උස පමණ ම බඹය ද වෙයි) … සම වට ගෙල ඇත්තේ වෙයි … (සත් සියක්) රසනහර තුඩු දුන් ගෙල ඇත්තේ වෙයි … සීරදක්හුගේ බඳු හනු ඇත්තේ වෙයි … සම සතලිසක් දත් ඇත්තේ වෙයි … සම වූ දත් ඇත්තේ වෙයි … අතරැ විවර නැති සේ පිහිටි දත් ඇත්තේ වෙයි … ඉතා සුදු දළ ඇත්තේ වෙයි … පුළුල් දිව ඇත්තේ වෙයි … බඹහුගේ බඳු කටහඬ ඇත්තේ, කුරවිකෙවිල්ලනගේ බඳු මධුර නාද ඇත්තේ වෙයි … ඉතා නිල් නෙතැත්තේ වෙයි … රත්පැහැ ලමා වස්සක්හුගේ බඳු ඇස්මඬල ඇත්තේ වෙයි … සුදු මොළොක් පුලුන් රොදක් බඳු ඌර්ණ රෝමයක් දෙබැම අතරැ හටගත්තේ වෙයි. මහණෙනි, යම් සුදු වූ මොළොක් වූ පුලුන් රොදක් බඳු ඌර්ණ රෝමයෙක් ද බැම අතරැ හටගත්තේ ද, මහණෙනි, මෙය ද මහපුරිස්හුගේ මහපුරිස් ලකුණෙක් වෙයි. තව ද අනෙකෙකි. මහපුරිස් තෙමේ උෂ්ණිෂ ශීර්ෂ වෙයි. (නළල් පටින් වෙළුණක්හු බඳු පිරිපුන් නළල් තල ද පිරිපුන් හිස ද ඇත්තේ වෙයි). මහණෙනි, මහපුරිස් තෙමෙ උෂ්ණීෂ ශීර්ෂ වෙයි යන යමෙක් ඇද්ද මෙය ද මහණෙනි, මහපුරිස්හුගේ මහපුරිස් ලකුණෙක් වෙයි.