සුත්තවිඤ්ඤත්ති ශික්‍ෂාපද වර්ණනාව
“තෙන සමයෙන” සුත්තවිඤ්ඤත්ති ශික්‍ෂාපදයයි. එහි “ඛොමං” යනු එනම් ගස් වැහැරියෙන් කළහුය. “කප්පාසිකං” කපුවෙන් නිපන්හුය. “කොසියං” කිහිරිහුයෙන් කැට කරන ලදහුය. “කම්බලං” එළුලොමින් කළහුය. “සාණං” හණ වැහැරියෙන් කළහුය. “භඞ්ගං” වෙන් වෙන්ව වැහැරියෙන් කළහුයයි ඇතැම්හු කියත්. මේ පස මිශ්‍ර කොට කළහු, සඞ්ගයි දත යුතුය.
“වායාපෙති පයොගෙ පයෙගෙ දුක්කටං” රෙදිවියන්නහුට හොත්කන වෙම්දඬු ආදිය නැත්තාහුද ඒ හොත්කන වෙම්දඬු වනයෙන් ගෙණ එන්නෙමි’යි වෑයක් හෝ පොරොවක් හෝ මුවහත් තමාද එතැන් පටන් උපකරණ පිණිස හෝ සිවුර පියවනු පිණිස හෝ යමක් යමක් කෙරේද, ඒ හැමතැන්හි රෙදිවියන්නහුගේ ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා මහණහුට දුක්කටය වේ. දිගින් වියතක් පමණද සරසි රියනක් පමණද වියූ කල්හි නිස්සග්ගිය පාචිත්තිය වේ. මහාපච්චරියෙහි වනාහි කෙළවර දක්වා වියවන මහණහුට පුවරුවක් පුවරුවක් පාසා නිස්සග්ගිය පාචිත්තිය වේයයි කියන ලදී. එද මෙම ප්‍රමාණය සඳහා කියන ලද්දේයයි දතයුතුය. විකපනයට පොහොනා පශ්චිමචීවරය චීවරසඞ්ඛ්‍යාවට යයි.
තවද මෙහි විනිශ්චය මෙසේ දතයුතුය: හූ, තමන් විසින් වියවන ලද්දේ අකැප වේ. නෑ ආදීන්ගේ වසයෙන් උපන් සෙස්ස කැපවේ. රෙදි වියන්නාද නොනෑ නොපැවරුවෙක් වේද, විඥප්තියෙන් ලද්දේ අකැප වේ. සෙස්ස කැපවේ. එහි අකැප හූ අකැප පෙහෙරකු ලවා වියවන මහණහුට පෙරකියූ නයින් නිසගි වේ. ඒ අකැප පෙරෙහරකු ලවාම කැප හූ වියවන මහණහුට පෙර යම්සේද එසේ නිසගියෙක්ද දුක්කටයෙක්ද වේ. ඒ අකැප පෙහෙරහු ලවාම කැපවුද අකැපවූද හූ වියවන මහණහුට ඉදින් පශ්චිම චීවර ප්‍රමාණයෙන් එක් කොටසක් අකැප හුයින් වියන ලද්දේ වේද. මෙසේ සිවුර කෙත් දෙකක් එකට බැදීම මෙන් වේද, අකැප හුයින් වියනලද කොටස් නිමිතිකොට පාචිත්තියද අන්තන්හි එසේම දුක්කටය වේ. එයට වඩා අඩු කොටස්හු වෙත්ද, යටත් පිරිසයින් ඇස්මඬල පමණවූවාහුද, කොටස් ගණනින් දුක්කටය වේ. නැවැත එකකින් අතර ඇත්තාවූ හෝ හුයින් කැප කොට දිගින් හෝ අකැප කොට සරසින් හෝ වියන ලද්දේවේද, පුවරුවක් පුවරුවක් පාසා දුක්කටය වේ. කැප පෙහෙරහු ලවාද නොකැප හූ වියවන මහණහුට යම්සේ පෙර නිස්සග්ගිය වේද, එසේ දුක්කටයද වේ. ඒ කැප පෙහෙරහු ලවාම කැපවූද අකැපවූද හූ වියවන මහණහුට ඉදින් පශ්චිම චීවර ප්‍රමාණ වූ හෝ ඌන වූ හෝ අකැප වූ කොටස්හු වෙත්ද, ඒ කොටස්හි කොටස් ගණනින් දුක්කටය වේ. කැප හූ කොටස්හි ඇවැත් නොවේ. නැවැත එකකින් අතර ඇත්තාවූ හෝ හුයින් කැපකොට දිගින් හෝ, අකැප කොට සරසත් හෝ, වියන ලද්දේ වේද, පුවරුවක් පුවරුවක් පාසා දුක්කටය වේ.
ඉදින් පෙහෙරහු දෙදෙනෙක් වෙත්ද, එකෙක් කැපය. එකෙක් අකැපය. හූද අකැප වේ. ඔවුහු ඒ හූ වරින්වර වියත්නම්, අකැප පෙහෙරහු විසින් වියූ කල්හි පුවරුවක් පුවරුවක් පාසා පාචිත්තිය වේ. ඉතා ඌන වූ කල්හි දුක්කටය වේ. අනික් කැප පෙහෙරහු විසින් වියූ කල්හි දෙතැන්හි දුක්කටය වේ. ඉදින් දෙදෙනාම රෙදිවියන නඩාව ගෙණ එකතුව වියත්ද, පුවරුවක් පුවරුවක් පාසා පාචිත්තිය වේ. නැවැත හූ කැප වේද, සිවුරද කෙදාරබද්ධාදි විසින් මෙන් කොටස් ඇත්තේද අකැප පෙහෙරහු විසින් විසූ කල්හි කොටසක් කොටසක් පාසා දුක්කටය වේ. අන් කැප පෙහෙරහු විසින් වියූ කල්හි ඇවැත් නොවේ. ඉදින් දෙදෙනම රෙදිවයන නඩාව ගෙණ එකතුව වියත්ද පුවරුවක් පුවරුවක් පාසා දුක්කටය වේ. නැවැත හූ ද කැපත් වේද අකැපත් වේද, ඒ කැප අකැපපෙරෙහු වරින්වර වියත්ද, අකැප පෙහෙරහු විසින් අකැප හූවලින් කළ පශ්චිම චීවර ප්‍රමාණ වූ කොටස් වියූ කල්හි කොටස් ගණනින් පාචිත්තිය වේ. ඉතා ඌන වූ තන්හිද කැප හුයින් විසූ චීවරයන්හිද දුක්කටය වේ. කැප පෙහෙරහු විසින් අකැප හූවලින් කරනලද පමණින් යුක්තවූ හෝ ඌන වූ හෝ සිවුරු වියූ කල්හි දුක්කටයම වේ. කැප හූවලින් කරන ලද චීවරයන්හි ඇවැත් නොවේ.