භේසජ්ජ ශික්‍ෂාපද වර්ණනාව
“තෙන සමයෙන” යනු භෙසජ්ජශික්‍ෂා පදයයි. එහි “අත්‍ථො භන්තෙ”යි රජ තෙමේ පිළින්‍දවච්ඡ තෙරුන්ට ලෙනක් කරනු පිණිස කඳු බෑවුමක් පිරිසිදු කරන එහි උත්සාහයට පැමිණි මහණුන් දැක ආරමිකයකු දෙනු කැමැතිව විචාළේය.
“පාටයෙක්කො”යි වෙන්ව එකෙක් “මාලාකිතෙ”යි කළ මල් ඇති මල්දම් දරන මල්මාලාවෙන් ප්‍රතිමණ්ඩිත වූයේය යන අර්‍ත්‍ථයි. “තිණ්ණඩූපක”යි තණසුඹුලක්. “පටිමුඤ්චි”යි තැබුයේය. “සා අහොසි සුවණ්ණමාලා” දැරියගේ හිසෙහි තැබූ මල ඇත්තීම, තෙරුන්ගේ ඉටීමෙන් රන්පියුම් මාලාවක්වූය. ඒ තණමසුඹුලුව හිසෙහි තැබූ ඇසිල්ලෙහිම රන්මාලාවක් වේවා’යි ස්ථවිර තෙමේ ඉටුයේය. “දුතියම්පි ඛො -පෙ- උපසඞ්කමි” දෙවන දවසෙහිම එළැඹියේය.
“සුවණ්ණන්ති අධිමුච්චි” ස්වර්‍ණමය වේවා’යි ඉටූයේය. “පඤ්චන්තං භෙසජ්ජානං” ගිතෙල් ආදීන්ගේ “බාහුලිකා” ප්‍රත්‍යබහුලභාවයට පිළිපන්නාහුය. “කොළුම්ඛෙපි ඝමෙපි” මෙහි කොළම්බ නම් මහත් මුව ඇති සැළි කියනු ලැබෙත්. “ඔලීනවිලීනාති” යටද දෙපස්හිද වැගිරෙන්නාහ. “ඔකිණ්ණවිකිණ්ණා”යි ගිතෙල් ආදීන්ගේ ගඳින් බිම සාරන්නවුන්ගෙන් ගැවසුනාහ. බිත්ති සාරන්නාවූන්ගෙන්ද මතුවෙහි හැසිරෙන්නාවුන්ගෙන්ද හාත්පසින් ගැවසුනාහ. “අන්තොකොට්ඨාගාරිකා” ඇතුළත මොනවට කරනලද ගබඩාය.
“පටිසායනීයානි” රස විඳියයුතු වූ පරිභොග කටයුතු වූ යන අර්‍ත්‍ථයි. “භෙසජ්ජානි” බෙහෙත් කිස කෙරෙත්වා හෝ නොකෙරෙත්වා හෝ මෙසේ ලද ව්‍යවහාර ඇත්තාහු “ගොසප්පි” යනාදියෙන් ලෙව්හි ප්‍රකට දැය දක්වා ‘යෙසං මංසං කප්පති’ යන මෙයින් මුව රොහිත සා ආදීන්ගේ ගිතෙල්ද සඞ්ග්‍රහ කොට දැක්වූහ. යමකුන්ගේ කිරි ඇත්තේද ඔවුන්ට ගිතෙල්ද ඇත්තෙමය. ඒ ගිතෙල වනාහි සුලභ හෝ වේවා දුර්‍ලභ හෝ වේවා නොමුළාබව පිණිස කියනලදි. වෙඬරුද මෙසේය.
“සන්නිධිකාරකං පරිභුඤ්ජිතබ්බානි”යි තැන්පත්කොට තබා පරිභොග කටයුත්තාහ. කිසේද, යත්:- පෙළෙහි ආ ගිතෙල් ආදීන් අතුරෙහි පළමුකොට ගිතෙල් පෙරබත පිළිගන්නා ලද්දේ එදවස පෙරබත ආමිසසහිතවද ආමිස රහිතවද පරිභොග කිරීම සුදුසුය. සපුබත පටන් සත්දවසක් මුළුල්ලෙහි ආමිසරහිතව පරිභොග කටයුතුය. සත්දවස ඉකුත් කල්හි එක් බඳුනක තබන ලද්දේනම් එක් නිසගියෙක් වේ. බඳුන් බොහෝ ගණනක තබන ලද්දේ නම් වස්තු ගණනින් නිස්සග්ගියාපත්තීහු වෙත්. පසුබත පිළිගන්නා ලද්දේ සත්දවස මුළුල්ලෙහි නිරාමිසයට සුදුසු වේ. පෙරබත හෝ පසුබත හෝ පරිභොගය පිණිස තමන් විසින් පිළිගන්නා ලද්දක් කොට තමන්ම ගෙණ තබන ලද්දක් අනුභව කිරීම නොවටියි. ඇඟ ගැල්වීම් ආදියෙහි එළවිය යුතුය. සත්දවස ඉක්මීමෙහිද ඇවැත් නොවේ. අනුභව නොකට යුතු බවට පැමිණි බැවින් ‘පටිසායනීයානි’යි කියනලදි. අනුපසම්පන්නයෙක් තෙමේ පෙරබත පිළිගත් වෙඬුරෙන් ගිතෙල් සාදා දේද, එදවස පෙරබත ආමිසසහිතව වටියි. ඉදින් තෙමේ කෙරේද, සත්දවසක් නමුත් ආමිසරහිතවම සුදුසු වේ. පසුබත පිළිගත් වෙඬුරෙන් යම් කිසිවකු විසින් කරන ලද ගිතෙල සත්දවසක් නමුත් ආමිසරහිතවම වටියි. තමන් විසින්ම ගන්නාලද වෙඬුරෙන් කළ ගිතෙලෙහි පෙර කියූ පිරිසිදු ගිතෙල් නයින්ම විනිශ්චය දතයුතුය.
පෙරබත පිළිගත් කිරෙන් හෝ දියෙන් හෝ කරනලද ගිතෙල් අනුපසම්පන්නයකු විසින් කරන ලද්දේ ආමිස සහිතවද එදවස පෙරබත වටියි. තමන් විසින් කරන ලද්දේ ආමිසරහිතවම ගතහැකිය. වෙඬරු උණු කරන මහණහුට සාමංපාකය නොවේ. තමන් විසින් පිසින ලද ඒ වෙඬරු සමග ආමිසය පිළිගත නොහැකියි. පසුබත පටන්ද නොවටීමය. සත්දවසක් ඉක්මීමෙහිද ඇවැත් නොවේ. වස්තු සහිතව පිළිගත් බැවින් ‘තානි පටිග්ගහෙත්‍වා’යි කියන ලද්දේමය. පසුබත පිළිගත් කිරෙන් හා දියෙන් කරන ලද ගිතෙල් ඇඟ ගැල්වීම් ආදියෙහි එළවිය යුතුය. පෙරබතද නොපිළිගත් තමන් විසින් ගත් කිරෙන් හා දියෙන් කරන ලද ගිතෙල්, පසුබත පිළිගත් කිරෙන් හා දියෙන් කරන ලද්දා වූද, පෙරබත නොපිළිගෙන තමන් විසින් ගන්නා ලද දැයින් කරන ලද්දාවූද යන දෙකොටසටද සත්දවස ඉක්මී මෙහි ඇවැත් නොවේ. නොකැප මස් ගිතෙල්හි මේ නයමවේ. මේ වනාහි විශේෂය වේ. යම්තැනෙක පෙළෙහි දැක්වූ ගිතෙලින් නිස්සග්ගිය වේද, එහි මේ ගිතෙලින් දුක්කයටය වේ. ස්වජාතීන්ගේ ගිතෙල් බැවිනැයි අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි කාරණ ප්‍රතිරූපකය කියා මිනිස් ගිතෙල් වෙඬරුද ප්‍රතික්‍ෂෙප කරන ලද්දේය. සියලු අර්‍ත්‍ථකථාවන්හි අනුදත් බැවින් ඒ ප්‍රතික්‍ෂෙපය නොමනා ප්‍රතික්‍ෂෙපයෙක් වේ. ඉදිරියෙහිද මෙහි විනිශ්චය එන්නේය.