ඌනපඤ්චබන්‍ධන ශික්‍ෂාපද වර්ණනාව
“තෙන සමයෙ”යි ඌනපඤ්චබන්‍ධන ශික්‍ෂාපදයයි. එහි “න යා පෙති” යනු ඒ කුඹල් තෙමේ වනාහි ඉදින් ආර්‍ය්‍ය ශ්‍රාවකයෙක් නොවූයේ නම් වෙනස්බවටද යන්නේය. මෙසේ ඒ මහණුන් විසින් පීඩාකරන ලද්දේ සෝවාන් බැවින් හුදෙක් සිරුරෙන් පමණක්ම නොයැදුනේය. ‘අත්තනාපි න යාපෙති, පුත්තදාරොපිස්ස කිලමති’ යනු එහෙයින් කියනලදි.
“ඌනපඤ්චබන්‍ධනෙන”යි. එහි අඩුවූ පස්බැඳුමෙක් මේ පාත්‍රයටනුයි ඌනපඤ්චබන්‍ධන නම. මේ පාත්‍රයෙහි පස්බැඳුමෙක් නොපිරේය යන අර්‍ත්‍ථයි. ඒ අඩු පස් බැඳුම් ඇති පාත්‍රය කරණකොට ගෙණ. ඉත්‍ථම්භූත ලක්‍ෂණයෙහි කරණවචනයි. එහි යම්හෙයකින් මුළුමනින් නැති බැවින් බැඳුම් රහිත පාත්‍රයෙහිද පඤ්චබන්‍ධනයෝ නොපිරෙත්ද, එහෙයින් පදභාජනයෙහි ‘අබන්‍ධනොවා’ යනාදිය වදාරනලදි. ‘ඌනපඤ්චබන්‍ධනෙනයිද කියූ බැවින් යම් මහණක්හට පඤ්චබන්‍ධනයෙන් යුත් පාත්‍රයෙක් වේ, ඒ මහණහුගේ ඒ පාත්‍රය පුත්‍රයෙක් නොවේ. එහෙයින් අනිකක් විනවා ගැනීම වටියි. මේ බන්‍ධනය නම් යම්හෙයකින් බැඳීමට ඉඩ ඇති කල්හි වේද නැති කල්හි නොවේද, එහෙයින් එහි ලක්‍ෂණ දැක්වීම පිණිස ‘අබන්‍ධනොකාසො නාම’ යනාදිය කියනලදි.
“ද්වඞ්ගුල රාජි න හොති”යි මුවවිටින් යට දැඟුල් පමණවූ එකද රෙඛාවක් නොවේද, “යස්ස ද්වඞ්ගුලා රාජී හොති” යම් පත්‍රයක එබඳු එක් රෙඛාවක් වේද, ඒ පාත්‍රය ඒ රෙඛාවෙහි යට කෙළවර පාවිදින කටුවකින් විද පිස හූරැහන් නියද වැහැරි රැහැන් ආදියකින් හෝ ඊයම් හුයකින් හෝ බැඳිය යුතුය. ඒ බැදුම ආමිස නො ඇලෙනු පිණිස ඊයම් පටකින් හෝ බැඳී සිටුනා කිසි ලහටුවකින් හෝ වැසිය යුතුය. ඒ පාත්‍රයද ඉටා පරිභොග කටයුතුය. සියුම් සිදුරක් හෝ කොට බැදිය යුතුය. පිරිසිදුවූ මීඉටි ලාකඩ දුම්මල ආදියෙන් බැඳීම නොවටියි. පැණි දවා ගල්කුඩු වලින් බැඳීම වටියි. මුවවිට සමීපයෙහි පාවිදින කටුවෙන් විදිනු ලබන්නේ කබල ඝන බැවින් බිඳී යේද එහෙයින් මුවවිටින් යට විදිය යුතුය. යම් පාත්‍රයක්හුගේ රෙඛා දෙකක් හෝ එකක්ම හෝ සතරඟුල් වීද, ඒ පාත්‍රයට ඇඳුම් දෙකක් දියයුතුය. යම්පාත්‍රයක රෙඛාතුනක් හෝ වේද එකක්ම සයඟුල් ඇත්තීද ඒපාත්‍රයට ඇඳුම් තුනෙකි. යම් පාත්‍රයක රෙඛා සතරක් හෝ එකක්ම අඟුල් පමණ වේද, ඒ පාත්‍රයට බැඳුම් සතරෙක් වේ. යම් පාත්‍රයක පස් රෙඛාවක් හෝ එකක්ම හෝ දසඟුල් පමණවේද, ඒ පාත්‍රය බඳින ලද්දේද නොබඳින ලද්දේද පාත්‍රයෙක් නොවේමය. අනික් පාත්‍රයෙක් තෙමේ ඉල්ලා ගතයුතුය. මේ වනාහි මැටියෙන් කළ පාත්‍රයෙහි විනිශ්චයයි.
යකඩින් කළ පාත්‍රයෙහි පසක් හෝ එයට වැඩියක් හෝ සිදුරුවේද, ඒ සිදුරුදු යකඩ කුඩුවලින් හෝ ඇණයෙන් හෝ ලොහොමඩුල්ලෙන් හෝ බඳින ලද්දේ මට කරන ලද්දේවේද, එම පාත්‍රය පරිභොග කටයුතුය. නැවත එක් සිදුරෙක් මහත්වේද, ලොහොමඩුල්ලෙන් බදින ලද්දේත් මට නොවේ, පාත්‍රයෙහි ආමිස ඇලේද, මේ පාත්‍රය නොකැපවේ. අනික් පාත්‍රයෙන් ඉල්ලා ගත යුතුය.
“ථෙරො වත්තබ්බො”යි ස්වාමීනි මේ පාත්‍රය පමණින් යුක්තය. සොදුරුය, තෙරුන්ට සුදුසුය’යි නිසදනලද පාත්‍රයෙහි අනුසස් දක්වා ‘එය ගණු මැනැවැ’යි තෙරුන්ට කිය යුතුය. “යො න ගණ්හෙය්‍ය” අනුකම්පාවෙන් නොගන්නා මහණහුට දුක්කටය වේ. යම් මහණෙක් වනාහි සතුටින් ‘මට අනික්න පාත්‍රයකින් කිමැ’යි නොගනීද, ඒ මහණහුට ඇවැත් නොවේ. “පත්තපරියන්තො” එසේ කියූ කල්හි ස්ථවිර තෙමේ ඒ පාත්‍රය ගන්නේ නම්, ස්ථවිරයන්ගේ පාත්‍රය දෙවන ස්ථවිරයන්ට දියයුතුය. ස්ථවිර තෙමේ මට පාත්‍රයෙක් තිබේයි කියා අනුකම්පාවෙන් නොගන්නේ නම් ඒ නිසදනලද පාත්‍රයම දෙවන ස්ථවිරයන්ට දිය යුතුය. මේ පිළිවෙළින් කෙළවර සිටි මහණහු දක්වා ඒ කෙළවර සිටි පාත්‍රය සම්මතලද මහණහු විසින් මේ පාත්‍රය බිදීම දක්වා පරිහරණය කරවායි කියා පාත්‍රය නිසදූ මහණහුට දියයුතුයයි මෙසේ පෙළෙහි කියූ නයින් පෙරළා කෙළවර සිටි පාත්‍රය