පරිණත ශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන”යි පරිණත ශික්ෂාපදයයි. එහි “පූගස්ස” සමූහයට. ධර්මසමූහයකටය, යන අර්ත්ථයි. “පටියත්තං” පිළියෙල කරනලද. “බහූ සඞ්ඝස්ස භද්දා”යි සඞ්ඝයාහට නන්වැදෑරුම් වූ යහපත්වූ ලාභමුඛයෝ බොහෝය. සඞ්ඝයාහට කිසිවකින් පරිහානියක් නැතැයි දක්වත්. ‘ඔනොජෙථ’ දෙවු. කිම මෙසේ කියනු වටීද, කුමක් හෙයින් නොවටීද, යත්: මේ එළවන ලද භික්ෂා තොමෝ එළවා එක් අවකාශයෙක්හි සඞ්ඝයාහට ප්රයොජනය පිණිස පිළියෙල කරන ලද එළවන ලද්දෙහි හා පිළියෙල කරන ලද්දෙහිද තමන්ගේ ගෙයි නමුදු උදෙසා වෙන්ව තැබූ කොටසෙහිද ප්රයුක්තවවනයෙක් නම් නැත්තේය.
‘සඞ්ඝිකං’ සඞ්ඝසන්තකය. එය වනාහි සඞ්ඝයාහට පිරිනැමු බැවින් අතට නොපැමිණියේද එක් ආකාරයකින් සඞ්ඝයාගේ සන්තකය වේ. පදභාජනයෙහි වනාහි “සඞ්ඝිකං නාම සඞ්ඝස්ස දින්නං හොති පරිච්චත්තං”යි මෙසේ අර්ත්ථොද්ධාර වශයෙන් නිෂ්පර්ය්යාය විසින් සඞ්ඝිකය දක්වන ලද්දේය. “ලාභං” ලැබිය යුතු වස්තුවැයි කීයේය. එහෙයින්ම මෙයට නිර්දෙශයෙනි ‘චීවරම්පි’ යනාදිය කියනලදි. “පරිණතං” සඞ්ඝයාහට බරවූවක්ව සිටි. යම් කාරයක් හෙතුකොට එය පිරිනැමුනේ වේද, එය දක්වනු පිණිස “දස්සාම කරිස්සාමාති වාචා භින්නා හොති”යි පදභාජනයෙහි වදාරන ලදී.
“පයොගෙ දුක්කටං” පිරිනමන ලද ලාභය තමාට පිරිනමවා ගැණීමේ ප්රයොගය නිමිතිකොට දුක්කටය වේ. ප්රතිලාභයෙන් එය අතට පැමිණි කල්හි නිස්සග්ගිය වේ. ඉදින් සඞ්ඝයාහටම දියයුතුය. යමෙක් තෙමේ ආරාමිකයන් සමග එක්ව කාද, බඩුව අගය කරවා ඇවැත හෙතුකොට කරවිය යුතුය පිරිනමන ලද්ද වනාහි පස්සහ දැහැමියන්ගේ හෝ ගිහියන්ගේ හෝ සන්තකයක් යටත් පිරිසයින් මව සතුවුවක් නමුදු යම් දෙයක් මට දෙව’යි සඞ්ඝයාහට පිරිනැමූ බව දැන තමාට පිරිනම්මවා ගන්නහුට නිස්සග්ගිය පාචිත්තිය වේ. ‘මේ මහණහුට දෙව’යි මෙසේ අන් මහණක්හට පිරිනම්මවන්නහුට සුද්ධිකපාචිත්තිය වේ. එක් පාත්රයක් හෝ එක් සිවුරක් හෝ තමන්හටද, එකක් අන්හටද පිරිනමවාද නිස්සග්ගිය පාචිත්තියක්ද සුද්ධිකපාචිත්තියක්ද වේ. බොහෝ පාත්රචීවරයන්හි මෙම නයවේ. පරිවාරයෙපි.
“නිස්සග්ගියෙන ආපත්තිං ඛුද්දකෙන පාචිත්තියං,
ආපජ්ජෙය්ය එකතො පඤ්හාමෙසා කුසලෙහි වින්තිතා”
ආපජ්ජෙය්ය එකතො පඤ්හාමෙසා කුසලෙහි වින්තිතා”
නිස්සග්ගිය පාචිත්තියටද, සුද්ධිකපාචිත්තියටද එකවර පැමිණෙන්නේය. ප්රශ්නය දක්ෂයන් විසින් සිතිය යුතුය’යි මෙය කියනලදී.
මේ වනාහි පිරිනැම්මවීම සඳහා කියනලදී. යම් මහණෙක් තෙමේ වැසිසළුවක් දැන තමාට පිරිනමවාද නිස්සග්ගිය වේ. අන්හට පිරිනම්මවාද සුද්ධිකපාචිත්තිය වේ. මිනිස්සු ‘සඟබතක් කරන්නෙමු’යි ගිතෙල් තලතෙල් ආදිය ගෙණ එත්ද, ගිලන් මහණෙක් තෙමේද සඞ්ඝයාහට පිරිනැමූබව දැන කිසිවක් ඉල්ලානම් නිස්සග්ගිය පාචිත්තියම වේ. ඉදින් ‘ගෙන එන ලද ගිතෙල් ආදිය තොප වෙත ඇත්තේදැ’යි විචාරා ‘එසේය ඇත්තේය’යි කියූ කල්හි ‘මටත් දෙවු’යි කියාද වටියි. තවද උපාසකයෝ කුකුස් කරන ඔහුට ‘ස්වාමීනි’ සඞ්ඝතෙමේද අප විසින් දුන් දෙයක්ම ලබන්නේය. ගනු මැනැවැ’යි කියත්නම්. මෙසේද වටියි.
“සඞ්ඝස්ස පරිණතං අඤ්ඤසඞ්ඝස්ස” එක් වෙහෙරක වැසි සඞ්ඝයාහට පිරිනැමූ දෙයක්. අන් වෙහෙරක් උදෙසා අසුවල් විහාරයෙහි සඞ්ඝයාහට පිරිනැමූ දෙයක් අන් වෙහෙරක් උදෙසා අසුවල් විහාරයෙහි සඞ්ඝයාහට දෙවු’යි පිරිනම්මවයි.