කයවික්කය ශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන”යි කයවික්කය ශික්ෂාපදයයි. එහි “කතිහි පිත්යායං” යනු ‘තාගේ මේ සඞ්ඝාටිය කොපමණ දවස් මෙහි හිතාරය පදපූරණය වේ. පිකාරය ගැරහීමෙහි වේ. ‘තාගේ දුර්වලසඞ්ඝාටිය කොපමණ දවස් වන්නේදැ’යි යන අර්ත්ථයි. නොහොත් ‘කතිහම්පිත්යායං’යිද පාඨය වේ. එහි “කතිහං” කොපමණ දිනද, කොපමණ දවස්යි කියන ලද්දේ වේ. සෙස්ස කියූ නයම වේ. “කතිහිපි මය්යායං” යන මෙද මෙම නයින් දතයුතුය. “ගිහීනම්පි ගිහිස්ස” යන මෙහි ‘නං’ යනු නාමාර්ත්ථයෙහි නිපාතයි. ගිහියෝ නම් ගිහියකුහටැයි කියන ලද්දේ වේ.
“නානප්පකාරකං” යනු චීවරාදීවූ කප්පිය භාණ්ඩයන්ගේ වසයෙන් නානාප්රකාර වේ. එහෙයින්ම මේ ශික්ෂාපදයාගේ පදභාජනයෙහි සිවුර දවාලූහුය. කෙළවරකොට කප්පිය භාණ්ඩයම දක්වන ලද්දේ වේ. අකප්පියභාණ්ඩ පරිවර්තනය ක්රයවික්රය සඞ්ග්රහයට නොයන්නේය. “කය වික්කයං” ක්රයද වික්රයද ‘මෙයින් මේ බඩුව දෙව, යනාදි නයින් අන්හුගේ කැප බඩුවක් ගන්නේ ක්රයට පැමිණේ. තමාගේ කැප බඩුවක් දෙන්නේ වික්රයට පැමිණේ.
“අජ්ඣාභරති”යි අභිභවනය කොට හැසිරේ. ව්යතික්රමවචන කියාය යන අර්ත්ථයි. “යතො කයිතඤ්ච හොති වික්කීතඤ්ච” යම්කලෙක්හි අන්හු අයත් බඩුවක් තමාගේ අතෙහි වූවක් කරන්නහු විසින් ගන්නා ලද්දේවේද, තමන් අයත් බඩුවක් අනුන්ගේ හස්තගත කරන්නන් විසින් දෙන ලද්දේවේද, “ඉමිනා ඉමං” යනාදි වචනයට අනුරූප හෙයින් පාඨයෙහි පළමුකොට තමන් අයත් භාණ්ඩය දක්වන ලද්දේය.
“නිස්සජ්ජිතබ්බං” මෙසේ අන්යයාගේ අතින් ගණුදෙනු කිරීම් වසයෙන් ගන්නාලද කැප භාණ්ඩය නිසදිය යුතුය. මේ ගණුදෙනු කිරීම පස්සහදැහැමියන් හැර සෙසු ගිහීන් හා පැවිද්දන් හාද යටත් පිරිසෙයින් මවුපියන් හාද නොකටයුතුය.
එහි මේ විනිශ්චයයි:- වස්ත්රයකින් වස්ත්රයක් හෝ වේවා, බතින් බතක් හෝ වේවා, යම්කිසි කැප භාණ්ඩයක් ‘මෙයින් මේ බඩුව දෙව’යි කියාද දුක්කටය වේ. මෙසේ කියා තමාගේ භාණ්ඩයක් මවටද දේද දුක්කටය වේ. මෙයින් මේ බඩුව දෙව’යි කියන ලද්දේ හෝ ‘මේ බඩුව දෙවා මේ බඩුව තට දෙමි’යි කියා හෝ මවුගේද, බඩුවක් තමා ගණීද, දුක්කටය වේ. තමන් අයත් බඩුව අන්හු අතටද අන්හු අයත් බඩුව තමන්ගේ අතටද පැමිණි කල්හි නිසගි වේ. මවුට හෝ පියාට හෝ මේ බඩුව දෙව’යි කියන්නහුට විඥප්තියක් නොවේ. ‘මේ ගණුව’යි දෙන්නහුට සද්ධාදෙය්ය විනිපතයෙක් නොවේ. නොනෑයකුට මෙය දෙව’යි විඥප්තිය වේ. ‘මෙය ගණුව’යි දෙන්නහුට සද්ධාදෙය්ය විනිපතනය වේ. ‘මෙය දෙව’යි ගණුදෙනුවට පැමිණෙන්නහුට නිසගි වේ. එහෙයින් කැපබඩුවක් පෙරළන්නහු විසින් මවුපියන්ද සමග ගණුදෙනු කිරීමද, අඤ්ඤාතක විඤ්ඤත්ති සද්ධාදෙය්ය විනිපාතන කයවික්කයාපත්ති සඞ්ඛ්යත වූ තුන් ඇවැතුන් මුදන්නහු විසින් නොනෑයන් සමග පරිවර්තනය කටයුතුය.
එහි මේ පරිවර්තන විධියයි:- මහණහුට මඟවියදම් පිණිස සහල් ඇත්තේය. හෙතෙමේ අතරමගදී බත් අතේ ඇති පුරුෂයකු දැක ‘අපට සහල් ඇත්තේය. අපට මේ සහලින් ප්රයෝජන නැත, බතින් නම් ප්රයෝජන ඇත්තේ’යි කියාද, පුරුෂතෙමේ සහල් ගෙණ බත් දේද වටියි. අඤ්ඤත්තකවිඤ්ඤත්ති සද්ධාදෙය්යවිනිපාතනකයවික්කයාපත්තීහු නොවෙත් යටත් පිරිසෙයින් නිමිත්තකර්මමාත්රයෙක්ද නොවේ. කුමක් හෙයින, යත්: මිල ඇති බැවිනි. ‘ඉදං අම්හාකං අත්ථි අම්හාකඤ්ච ඉමිනාච අත්ථොති භණති’යි පසුභාගයෙහිද කියන ලද්දේමය. යම් මහණෙක් තෙමේ මෙසේ නොකොට ‘මෙයින් මෙය දෙවා’යි පරිවර්තනය කෙරේද, වස්තුවට අනුරූපවූ ඇවැත්මය. ඉඳුල් කන්නකු දැක ‘මේ බත් අනුභව කොට පඬුපතුරු හෝ දර හෝ ගෙණ එව’යි කියාද, පඬුපතුරු ගණනින්ද දර ගණනින්ද, නිසගි ඇවැත්හු වෙත්. මේ බත් අනුභවකොට ‘මෙය කරවු’යි දන්තකාරකාදීවූ ශිල්පීන් ලවා ඩබරාදීන් අතුරෙහි ඒ ඒ පිරිකර කරවාද, රදවුන් ලවා හෝ වස්ත්ර ධොවනය කරවාද වස්තුන්ට අනුරූපවූ ඇවැත්මය. කරනවෑමියකු ලවා කෙස් සිඳවාද කම්කරුවන් ලවා නව කර්මාන්ත කරවාද, වස්තූන්ට අනුරූප වූ ඇවැත්මය. ‘මේ බත අනුභව කොට මේ කර්මාන්තය කරවු’යි නොකියාද, ‘මේ බන අනුභව කරවා අනුභව කරන ලද්දේ වෙහි, අනුභව කරන්නෙහි, මෙනම් කර්මාන්තය කරව’යි කියාද වටියි. මෙහිද කිසිසේත් වස්ත්ර ධොවනයෙහි හෝ කෙස් සිඳීමෙහි හෝ භූමිශොධනාදීවූ නවකර්මාන්තයෙහි හෝ මෙරමා සතු බඩුවක් තම අතට පත්වූයේ නිසදිය යුත්තෙක් නම් නැත්තේය. මහාඅර්ත්ථකථාවෙහි දැඩිකොට කියූ බැවින් මේ කීම වළකාලන්නට නොහැක්කේය. එහෙයින් යම්සේ නිසගිවස්තුවක් පරිභොග කළ කල්හි හෝ නැසුනු කල්හි හෝ පාචිත්තිය දෙසාද, එසේ මෙහිද දෙසිය යුතුය.