දිබ්බචක්ඛුඤාණකථා
‘සො එවං -පෙ- චුතුපපාතඤාණය’ ච්‍යුතියෙහිද ප්‍රතිසන්‍ධියෙහිද ඥානය පිණිස යම් ඥානයකින් සත්ත්‍වයන්ගේ ච්‍යුතියත් ප්‍රතිසන්‍ධියත් දක්නා ලැබේද, ඒ පිණිස යයි වදාරණ ලදය. ‘චිත්තං අභිනින්නාමෙසිං’ පරිකර්‍ම චිත්තය ධ්‍යානාලම්බනයෙන් පහකොට දිවැසට අහිමුඛකොට එළවීමි. ‘සො දිබ්බෙන -පෙ- පස්සාමි’ මෙහි වනාහි පිරූපැරුම් ඇති මහා සත්ත්‍වයන්ට පරිකර්‍ම කිරීමක් නැත්තේය. ඔවුහු සිත දිවැසට අභිමුඛකොට එළවූ ඇසිල්ලෙහිම දිවැසින් සත්ත්‍වයන් දකිත්. ආදිකර්මික කුලපුත්‍රයෝ වනාහි පරිකර්‍මකොට සත්ත්‍වයන් දකිත්. එහෙයින් ඔවුන්ගේ වශයෙන් දිවැසට පරිකර්‍ම කියයුතු වන්නේය. එහෙත් එය කියනු ලබන්නේ විනය නිදානය ඉතා බැරෑරුම් කරන්නේය. එහෙයින් එය මෙහි නොකියමු. ප්‍රයෝජන ඇත්තවුන් විසින් විශුද්ධි මාර්‍ගයෙහි කියූනයින් දතයුතුය. පාළි භාෂාවම විස්තර විසින් කියන්නෙමු.
‘සො’ ඒ මම. ‘දිබ්බෙන’ යනාදි තන්හි දෙවියන්ගේ දිවැස වැනි බැවින් දිබ්බ නම් වේ. දෙවියන්ට සුචරිත කර්‍මයෙන් උපන් පිත්, සෙම්, ලේ ආදියෙන් උපද්‍රැත නොවූ උපක්ලේශයන්ගෙන් මිදුනු බැවින් දුරවූද අරමුණු පිළිගැනීමෙහි සමර්‍ත්‍ථ වූ දිව්‍යප්‍රසාද චක්‍ෂුස වේ. මේ වීර්‍ය්‍ය භාවනා බලයෙන් උපන්නාවූ ඥාන චක්‍ෂුසද එබඳුම යයි දිව්‍යසදෘශ බැවින් දිබ්බ නම් වේ. දිව්‍යවිහරණ සඞ්ඛ්‍යාත චතුර්විධ ධ්‍යානයන්ගේ වශයෙන් පිළි ලැබූ බැවින්ද, තමාත් දිව්‍යවිහරණය ඇසුරුකොට පවත්නා බැවින්ද දිබ්බ නම් වේ. ඥානාලෝකයාගේ පැතිරීමෙන් මහත් බැබලීම් ඇති බැවින්ද දිබ්බ නම් වේ. බිත්ති ආදියෙන් පිටත්හි වූ රූපදර්‍ශනයෙහි මහත් ගති ඇති බැවින්ද දිබ්බ නම් වේ. ඒ සියල්ල ශබ්ද ශාස්ත්‍රානුසාරයෙන් දතයුතුය. රූප දකීම් අරුතින් චක්‍ඛු නමි. චක්‍ෂුස්කෘත්‍යය කිරීමෙන් චක්‍ෂුස වැනිනුයි චක්‍ඛු නමි. ච්‍යුතිප්‍රතිසන්‍ධි දැකීමෙන් දෘෂ්ටිවිශුද්ධියට හේතු බැවින් විසුද්ධ නම් වේ. යමෙක් වනාහි ච්‍යුතිය පමණක්ම දකීද, ප්‍රතිසන්‍ධිය නොදකීද, හෙතෙමේ උච්ඡෙද දෘෂ්ටියට බැසගනියි. යමෙක් ප්‍රතිසන්‍ධිය පමණක්ම දකීද ච්‍යුතිය නොදකීද, හෙතෙමේ අභිනව සත්ත්‍වයන්ගේ ප්‍රාදුර්භාව දෘෂ්ටියට බැසගනියි. යමෙක් වනාහි ච්‍යුති ප්‍රතිසන්‍ධි දෙක දකීද, හෙතෙමේ යම්හෙයකින් ශාස්වතොච්ඡෙද සඞ්ඛ්‍යාත වූ දෙවැදෑරුම්වූද මිථ්‍යාදෘෂ්ටිය ඉක්මවාද, එහෙයින් මොහුගේ ඒ දැකීම දිට්ඨි විසුද්ධියට හේතුවේ. භාග්‍යවතුන් වහන්සේ ඒ දෙකම දුටු සේක. එහෙයින් මෙය ච්‍යුති ප්‍රතිසන්‍ධි දෙක දැකීමෙන් දිට්ඨි විසුද්ධියට හේතු බැවින් විසුද්ධයි වදාළ සේක.
එකාදශවිධ වූ උපක්ලේශයන්ගෙන් තොරවූ බැවින් හෝ විසුද්ධය. භාග්‍යවතුන් වහන්සේගේ දිවැස එකාදශවිධ උපක්ලේශයන්ගෙන් තොරවූයේය. එය මෙසේ වදාළ සේක. ‘සො ඛො අහං අනුරුද්ධ විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්‍වා විචිකිච්ඡං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. අමනසිකාරො චිත්තස්ස, ථිනමිද්ධං චිත්තස්ස, ඡම්භිතත්තං චිත්තස්ස, උබ්බිල්ලාවිතං චිත්තස්ස, දුට්ඨුල්ලං චිත්තස්ස, අච්චාරද්ධවිරියං චිත්තස්ස, අතිලීනවීරියං චිත්තස්ස, අභිජප්පා චිත්තස්ස, නානත්ත සඤ්ඤා චිත්තස්ස, අතිනිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්‍වා අභිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලෙසං පජහිං සො ඛො අහං අනුරුද්ධ අප්පමත්තො ආතාපි පහිතත්තො විහරන්තො ඔභාසං හි ඛො සඤ්ජානාමි, න ච රූපානි පස්සාමි, රූපානි ඛො පස්සාමි, න ච ඔභාසං සඤ්ජානාමීති’ යන මේ ආදියයි. එය මෙසේ එකාදශ උපක්ලේශයන්ගෙන් තොරබැවින් හෝ විසුද්ධය.
මනුෂ්‍යොපචාරය ඉක්මවා රූපදැකීම හේතුකොට අතික්කන්තමානුසකය. මිනිසුන් පිළිබඳ මසැස ඉක්මුනු බැවින් හෝ අතික්කන්තමානුසකයි දතයුතුය. ඉක්මවා සිටි පිරිසිදුවූ දිවැසින් -