වේරඤ්ජකාණ්ඩ වර්ණනාව
දැන්:-
‘තෙනාති ආදිපාඨස්ස - අත්ථං නානප්පකාරතො,
දස්සයන්තො කරිස්සාමි - විනයස්සත්ථවණ්ණනන්ති’
දස්සයන්තො කරිස්සාමි - විනයස්සත්ථවණ්ණනන්ති’
තෙන යනාදි පාඨයන්හි අර්ත්ථය නොයෙක් අයුරින් දක්වමින් විනය පිළිබඳ අර්ත්ථවර්ණනාව කරන්නෙමියි
කියූ බැවින් ‘තෙන සමයෙන බුද්ධො භගවා’ යනාදීන්ගේ අර්ත්ථවර්ණනාව කරන්නෙමි. ඒ කෙසේදයත්: තෙන යනු අනියම නිර්දෙශ වචනයි. තෙන යන ඒ පදයට සරූප වසයෙන් පෙළෙහි නොකියනලද, එහෙත් පසුභාගයෙහි අර්ත්ථ වශයෙන් සිදුවූ යෙන යන මේ වචනයෙන් ප්රතිනිර්දෙශය දතයුත්තේය. යම්හෙයකින් පසුභාගයෙහි ‘එතස්ස භගවා කාලො, එතස්ස සුගත කාලො, යං භගවා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙය්ය උද්දිසෙය්ය පාතිමොක්ඛං, යථයිදං බ්රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං’යි මෙසේ විනය ප්රඥප්තියාචනයට කරුණු වූ ආයුෂ්මත්වූ ශාරිපුත්ර මහාස්ථවිරයන් වහන්සේට ‘කතමෙසානං ඛො බුද්ධානං භගවන්තානං බ්රහ්මචරියං න චිරට්ඨිතිකං අහොසි, කතමෙසානං බුද්ධානං භගවන්තානං බ්රහ්මචරියං චිරට්ඨිතිකං අහොසි’යි මෙසේ පහළවූ යම් පරිචිතර්කයක් වූයේද එහෙයින් යම්කලක ඒ පරිචිතර්කය පහළවූයේද ඒ කාලයෙහි භාග්යවත් බුදුරජාණන් වහන්සේ වෙරඤ්ජාවෙහි වැඩ වසන සේකැයි මෙසේ මේ පදවල සම්බන්ධය දතයුත්තේය.
යම් මේ, තැනක තෙන යනු කියනු ලැබේද ඒ ඒ තැන පෙර හෝ පසුව අර්ත්ථ වශයෙන් සිද්ධ වූ යෙන යන මේ වචනයෙන් ප්රතිනිර්දෙශය කටයුතුය යන මේ වනාහි සියලු විනයපිටකයෙහි යුක්තිය වෙයි. එහි මුඛමාත්රයක් දැක්වීමය. ‘මහණෙනි! එසේනම් භික්ෂූන්ට ශික්ෂාපද පණවන්නෙමි, යම්හෙයකින් සුදින්ත තෙමේ මෙවුන්දම් පිළිසෙවීද එහෙයින් පණවන්නෙමි’යි වදාරණ ලද්දේ වේ. මෙසේ පූර්වයෙහි මෛථුනධර්මප්රතිසෙවනසඞ්ඛ්යාත අර්ත්ථ වශයෙන් සිද්ධ වූ යෙන යන මේ වචනයෙන් විස්තරය දැක්වීම සුදුසු වේ. යෙන යන පදය ගෙන ඒ හා අර්ත්ථ විස්තරය දතයුතුයයි කීසේය. ඒ කාලයෙහි භාග්යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩවසන සේක, යම්කාලයක ධනියකුම්භකාරපුත්ර තෙමේ රජු විසින් නොදුන් දැවදඬු ගත්තේ යයි මෙසේ පසු අර්ත්ථ වශයෙන් සිද්ධ වූ යෙන යන මේ වචනය හා ගෙන විස්තරය යෙදේනුයි තෙන යන වචනයෙහි අර්ත්ථය කියන ලදී.
සමයෙන යන මෙහි සමය ශබ්දය ප්රත්යය සාමග්රියෙහි ක්ෂණයෙහි කාලයෙහි සමූහයෙහි හේතුවෙහි දෘෂ්ටියෙහි ප්රතිලාභයෙහි ප්රහාණයෙහි ප්රතිවේධයෙහිද දක්නා ලැබේ.
ඒ එසේමය. මේ සමය ශබ්දයාගේ ‘අප්පෙවනාම ස්වෙව උපසඞ්කමෙය්යාම යාව කාලඤ්ච සමයඤ්ච උපාදාය’ යන මේ ආදි එහි ප්රත්යය සාමග්රි අර්ත්ථය වේ. ‘එකොව ඛො භික්ඛවෙ ඛණො ච සමයො ච බ්රහ්මචරියවාසාය’ යන මේ ආදි තන්හි ක්ෂණාර්ත්ථය වේ. ‘උණ්හසමයො පරිළාහසමයො’ යන මේ ආදි තන්හි කාලාර්ත්ථය වේ. ‘මහාසමයො පවනස්මිං’ යන මේ ආදි තන්හි සමූහාර්ත්ථය ගැනේ. ‘සමයොපි ඛො තෙ භද්දාලි අප්පටිවිද්ධො අහොසි භගවාපි ඛො සාවත්ථියං විහරති, භගවාපි මං ජානිස්සති භද්දාලි නාම භික්ඛු සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරීති, අයම්පි ඛො තෙ භද්දාලි සමයො අප්පටිවිද්ධො අහොසි’ යන මේ ආදි තන්හි හෙවත්ථියෙහි වේ. ‘තෙන ඛො පන සමයෙන උග්ගහමානො පරිබ්බාජකො සමණමණ්ඩිකා පුත්තො සමයප්පවාදකෙ තින්දුකාචීරෙ එකසාලකෙ මල්ලිකාය ආරාමෙ පටිවසති’ යන මේ ආදි තන්හි දෘෂ්ටිය කියනු ලැබේ.
‘දිට්ඨෙව ධම්මෙ යො අත්ථො යො චත්ථො සම්පරායිකො,
අත්ථාභිසමයා ධීරො පණ්ඩිතොති පවුච්චති’
අත්ථාභිසමයා ධීරො පණ්ඩිතොති පවුච්චති’
යන මේ ආදි තන්හි ප්රතිලාභය කියවේ. ‘සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්ස’ යන මේ ආදි තන්හි ප්රහාණයෙහි වේ. ‘දුක්ඛස්ස පීළනට්ඨො සඞ්ඛතට්ඨො සන්තාපට්ඨො විපරිණාමට්ඨො අභිසමයට්ඨො’ යන මේ ආදි තන්හි ප්රතිවෙධාර්ත්ථයි. මෙහි වනාහි සමය ශබ්දයෙහි කාලාර්ත්ථය ගනු ලැබේ. එහෙයින් යම්කලක ආයුෂ්මත් ශාරිපුත්ර මහාස්ථවිරයන් වහන්සේට විනයප්රඥප්තියාචනයට හේතුභූත වූ පරිවිතර්කය පහළවූයේද ඒ කාලයෙහියි මෙසේ මෙහි අර්ත්ථ දතයුතුය.
මෙහිලා විතණ්ඩවාදී තෙමේ කීයේය: එසේනම් කුමක් හෙයින් සූත්රාන්තයෙහි ‘එකං සමයං’යි ද්විතීයා විභක්ති වචනයෙන් නිර්දෙශය කරන ලද්දේද? අභිධර්මයෙහිද ‘යස්මිං සමයෙ කාමාවචරං’යි සප්තමීවිභක්ති වචනයෙන් කරන ලද්දේද? එසේ නොකොට මෙහි ‘තෙන සමයෙන’යි කරණ වචනයෙන් නිර්දෙශය කරන ලද්දේදැයි එහි එසේද මෙහි අන්පරිද්දෙකින් ද අර්ත්ථය ලැබෙන බැවිනි. සූත්රාන්තයෙහි වනාහි කෙසේ අත්යන්තසංයොගාර්ත්ථය ලැබේද? යම්කලෙක භාග්යවතුන් වහන්සේ බ්රහ්මජාලාදී වූ සූත්රාන්තයන් දෙසූ සේක්ද, නිරතුරුවම ඒ කාලයෙහි පරහිත ප්රතිපත්ති සඞ්ඛ්යාත කරුණා විහරණයෙන් විසූ සේක. එහෙයින් ඒ අත්යන්තසංයොගාර්ත්ථය දක්වනු පිණිස එහි සූත්රාන්තයෙහි ‘එකං සමයං’යි අත්යන්තසංයොගාර්ත්ථයෙහි ද්විතීයාවිභක්ති නිර්දෙශය කරන ලද්දේය.
අභිධර්මයෙහි අධිකරණ සඞ්ඛ්යාත ආධාරාර්ත්ථය හා ක්රියාසඞ්ඛ්යාත භාවයෙන් භාවලක්ෂණාර්ත්ථයද ලැබන්නේය. ආධාරාර්ත්ථයෙහි එන සමය ශබ්දය කාලාර්ත්ථ සමූහාර්ත්ථ ඇත්තේ වේ. එහෙයින් මෙහි කාලාර්ත්ථ සමූහාර්ත්ථ දෙක සමයයි කියනු ලැබේ. ‘යස්මිං කාලෙ ධම්මපුඤ්ජෙ වා කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති තස්මිං යෙව කාලෙ ධම්ම පුඤ්ජෙ ච ඵස්සාදයො හොන්ති’ යනු අභිධර්මයෙහි සමය ශබ්දය සමූහාර්ත්ථ කාලාර්ත්ථ දෙක්හි එන බවට නිදසුන් වේ. අෂ්ටදුෂ්ටක්ෂණයෙන් මිදුනා වූ බුද්ධෝත්පාදක්ෂණයද ‘චක්ඛුං ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං’යි මේ ලෙසින් කියූ චක්ෂුරූපාදීන්ගේ ප්රත්යය සාමග්රියද ජනකහෙතුවද යන ක්ෂණ, සමවාය, හෙතු සඞ්ඛ්යාත වූ සමය ශබ්දයාගේ භාවයෙන් ඒ ස්පර්ශාදි ධර්මයන්ගේ භාවය යම්හෙයකින් හඟිනු ලැබේද එහෙයින් ඒ ආධාරාර්ත්ථයාගේ භාවයෙන් භාවලක්ෂණාර්ත්ථය දක්වනු පිණිස ‘ගාවිසු දුය්හමානාසු ගතො, දුද්ධාසු ආගතො’ යනාදි තන්හි මෙන් එහි සප්තමී විභක්ති වචනයෙන් නිර්දෙශ කරන ලද්දේය.
මේ විනය පිටකයෙහි වනාහි ‘අන්තෙන වසති. විජ්ජාය වසති’ යනාදි තන්හි මෙන් හෙතු අර්ත්ථයද ‘එරසුනා ඡින්දති, කුද්දාලෙන ඛණති’ යනාදි තන්හි මෙන් කරණාර්ත්ථයද ලැබෙන්නේය. ශික්ෂාපද පැනවීමට සුදුසු වූ යම් ඒ කාලයක් වේද ඒ කාලය ශාරීපුත්රාදි මහාස්ථවිරයන් වහන්සේ විසිනුදු නොදත හැක්කේය. හේතුවූද කරණවූද ඒ කාලයෙහි භාග්යවතුන් වහන්සේ ශික්ෂාපද පනවමින් ශික්ෂාපද පැනවීමට හේතුද බලාපොරොත්තු වෙමින් ඒ ඒ තැන වැඩවිසූ සේක්ද එහෙයින් ඒ අර්ත්ථය ප්රකාශ කරනු පිණිස මේ විනය පිටකයෙහි කරණ වචනයෙන් නිර්දෙශ කරන ලදැයි දතයුතුය. යතොකර්ත්ථය සඞ්ග්රහ කිරීම වශයෙන්
‘උපයොගෙන භුම්මෙන - තං තං අත්ථමපෙක්ඛිය
අඤ්ඤත්ර සමයො වුත්තො - කරණෙනෙව සො ඉධ’
අඤ්ඤත්ර සමයො වුත්තො - කරණෙනෙව සො ඉධ’
සූත්ර අභිධර්ම දෙක්හි උපයොග සඞ්ඛ්යාත ද්විතීයාවෙන්ද භුම්ම සඞ්ඛ්යාත සප්තමියෙන්ද ඒ ඒ අර්ත්ථ අපෙක්ෂාකොට මේ විනය පිටකයෙහි ඒ සමය ශබ්දය කරණයෙන්ම කියන ලද්දේය.
පුරාණාචාර්ය්යයෝ වනාහි ‘එකං සමයං’යි හෝ ‘යස්මිං සමයෙ’යි හෝ ‘තෙන සමයෙන’යි හෝ යන මෙය වචනමාත්ර භේදයෙක. මෙය සියලු තන්හි සප්තමී විභකත්යර්ත්ථය මැ’යි කියති. එහෙයින් ඔවුන්ගේ පිළිගැනීම් වසයෙන් ‘තෙන සමයෙන’යි කියූ කල්හිද ඒ කාලයෙහි යන අර්ත්ථය දතයුතුය.
‘බුද්ධො භගවා’ යන මේ පදයන්ගේ අර්ත්ථ ඉදිරියෙහි විස්තර කරන්නෙමු. ‘වෙරඤ්ජායං විහරති’ යන මෙහි වෙරඤ්ජා යනු එක්තරා නගරයක නාමයකි. ඒ වෙරඤ්ජාවෙහිය. සමීපාර්ත්ථයෙහි සප්තමී වචනයි. ‘විහරති’ යන මෙය වෙනසක් නොමැතිව ඊර්ය්යාපථවිහරණ, දිව්යවිහරණ, බ්රහ්මවිහරණ, ආර්ය්යවිහරණ යන විහරණ අතුරෙහි එක්තරා විහරණයකින් යුක්තබව දක්වාලන්නේය. මෙහි වනාහි සිටීම, යෑම, හිඳීම, නිදීම යන ප්රභෙද ඇති ඊර්ය්යාපථ අතුරෙහි එක්තරා ඊර්ය්යාපථයකින් මැනවින් යෙදීම දක්වන්නේය. එහෙයින් භාග්යවතුන් වහන්සේ සිටි සේක්ද ගමන් කරන සේක්ද හිඳින සේක්ද නිදන සේක්ද ඒ සිටීම්, යෑම්, හිඳීම්, නිදීම් යන හැම ඉරියවුම ‘විහරති’ වැඩවසන සේකැයි යන එම ක්රියා පදයෙන් ගැනෙන්නේය. යම්හෙයකින් භාග්යවතුන් වහන්සේ එක් ඉරියවුවකින් නැගී පීඩාවක් අන් ඉරියවුවකින් සිඳහැර ආත්මභාවය නොවැටෙන්නකොට හිතසුව එළවන සේක්ද පවත්වන සේක්ද එහෙයින් ‘විහරති’යි කියනු ලැබේ.