චතුත්ථජ්ඣානකථා
‘සුඛස්ස ච පහාණා දුක්ඛස්ස ච පහාණා’ කායයික සුඛයාගේද කායික දුක්ඛයාගේද ප්රහාණයෙන්. ‘පුබ්බෙව’ ඒ ප්රහාණයද පෙරම වූයේය. චතුර්ත්ථද්ධ්යානයක්ෂණයෙහි නොවේ. ‘සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා’ චෛතසික සුඛයාගේද චෛතසික දුක්ඛයාගේද යන මේ දෙදෙනාගේ පූර්වයෙහිම වූ අස්තඞ්ගමයෙන් ප්රහාණයෙන්මයි කියන ලද්දේ වේ. කවදා වනාහි ඔවුන්ගේ ප්රහාණය වේදයත්: ධ්යානචතුෂ්කයාගේ උපචාරක්ෂණයෙහි ඔවුන්ගේ ප්රහාණය වේ. සොම්නස වනාහි චතුර්ත්ථද්ධ්යානයේ උපචාරක්ෂණයෙහිම ප්රහීණ වේ. දුක්ඛදොමනස්ස ප්රථම, ද්වීතීය, තෘතීයද්ධ්යානයන්ගේ උපචාර ක්ෂණයන්හි ප්රහීණ වෙයි. මෙසේ ප්රහාණ ක්රමයෙන් නොකියන ලද ඉන්ද්රිය විභඞ්ගයෙහි වනාහි ඉන්ද්රියයන්ගේ උද්දේශ ක්රමයෙන්ම මෙහිද කියන ලද සුඛදුක්ඛ දෝමනස්සයන්ගේ ප්රහාණය මෙසේ දතයුතුය. ප්රහාණ ක්රමයෙන් වදාළෝ නම්, ‘දුක්ඛං දොමනස්සං සුඛං සොමනස්සං’යි වියයුතුය.
ඉදින් වනාහි මොවුහු ඒ ඒ ධ්යානයාගේ උපචාරක්ෂණයෙහිම ප්රහීණ වෙත්නම්, නැවත කුමහෙයින් ‘කත්ථ චුප්පන්නං දුක්ඛින්ද්රියං අපරීසෙසං නිරුජ්ඣති? ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති, එත්ථුප්පන්නං දුක්ඛින්ද්රියයං අපරීසෙසං නිරුජ්ඣති. කත්ථ චුප්පන්නං දොමනස්සින්ද්රියං - සුඛින්ද්රියං, සොමනස්සින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති, ඉධ භික්ඛවෙ භික්ඛු සුඛස්ස ච පහාණා -පෙ චතුත්ථජ්ඣානං උපසම්පජ්ජ විහරති, එත්ථුප්පන්නං සොමනස්සින්ද්රියං අපරීසෙසං නිරුජ්ඣතී’තියි මෙසේ ධ්යානයන්හිම නිරොධය වේ යයි වදාරණ ලද්දේදයත්: ධ්යාන ක්ෂණයෙහිම මේ ඉන්ද්රියයන් අතිශයින් නිරුද්ධ වනබැවිනි. විරුද්ධ ධර්මයන්ගේ සන්සිඳීම් වශයෙන් ඒ දෝමනස්සින්ද්රීයන්ගේ අතිශය නිරොධය ප්රථමද්ධ්යානාදියෙහි වේ. නිරොධ මාත්රයම නොවේ. නිරොධය වනාහි උපචාරක්ෂණයෙහි අතිශය නිරොධය නොවේ. එසේමය. යම් ආවර්ජනයකින් අර්පණාවවේද, එයින් භින්න වූ ආවර්ජනා ඇති ප්රථමද්ධ්යානොපචාරයෙහිදී නිරුද්ධ වූද දුක්ඛින්ද්රියයාගේ ඩැහැ ලේ බොන මැසිමදුරු ආදීන්ගේ පහසින් හෝ විෂමව හිඳීමෙන් උපදින පීඩාවෙන් නැවත ඉපදීම වියහැක්කේය. අර්පණාව තුළදී නැවත ඉපදීම නොවේමය. උපචාරයෙහිදී හෝ නිරුද්ධ වූ මේ දුක්ඛින්ද්රිය මනාකොට නිරුද්ධවූයේ නොවේ. කුමක් හෙයින්දයත්: ප්රතිපක්ෂ ධර්මයන් විසින් නොනැසූ බැවිනි. අර්පණාව තුළ වනාහි ප්රීතියෙන් හටගත් රූප පැතිරීමෙන් සියලු කය සුඛවේදනාවට වැදුනේ වේ. සුඛවේදනාවට වැදුනු සිරුරු ඇත්තහුටද ප්රතිපක්ෂ ධර්මයන් විසින් නැසූ බැවින් දුක්ඛින්ද්රිය මනාකොට නිරුද්ධ වූයේ වේ. නානාවර්ජනවූම ද්වීතීයද්ධ්යානොපචාරයෙහි ප්රහීණ වූ දොමනස්සින්ද්රියේ ඉපදීම වන්නේය. යම්හෙයකින් මේ දොමනස්සින්ද්රිය විර්තක විචාරයෙන් ප්රත්යයකොට ඇති කායපීඩාවක් හෝ චිත්ත පීඩාවක් ඇතිකල්හි උපදී නම්, විර්තක විචාරයන්ගේ අභාවයෙහිද ඒ දොමනස්සින්ද්රිය නොමඋපදී. දොමනස්සින්ද්රිය යම්තැනක උපදීනම්, එහි විර්තක විචාර ඇතිකල්හි ද්වීතීයද්ධ්යානොපචාරයෙහි ප්රහීණ නොවූ ප්රත්යය ඇති බැවින් මේ දොමනස්සින්ද්රියයාගේ උත්පත්තිය වන්නීය. ප්රහීණ වූ ප්රත්යය ඇති බැවින් ද්වීතීයද්ධ්යානයෙහි දොමනස්සින්ද්රිය නොම උපදින්නේය. එසේ ප්රීතියෙන් උපන් ප්රණීත රූපයෙන් පැතිරීගිය කය ඇත්තහුට තෘතීයද්ධ්යානොපචාරයෙහි ප්රහීණවූද සුඛින්ද්රියෙහි උත්පත්තිය වන්නීය. තෘතීයද්ධ්යානයෙහි නොමඋපදියි. තෘතීයද්ධ්යානයෙහි වනාහි සුඛයට ප්රත්යය වූ ප්රීතිය මුළුමනින් නිරුද්ධ වූවාය. එසේ චතුර්ත්ථද්ධ්යානොපචාරයෙහි ප්රහීණවූද සොමනස්සින්ද්රියයාගේ ආසන්න භාවයෙන් අර්පණාවට පැමිණි උපෙක්ෂාවගේ අභාවයෙන් මැනවින් නොඉක්මුනු බැවින්ද නානාවර්ජන චතුර්ත්ථද්ධ්යානොපචාරයෙහි ප්රහීණ වූද සොමනස්සින්ද්රියයාගේ නැවත ඉපදීම වියහැකිය. චතුර්ත්ථද්ධ්යානයෙහි ඔහුගේ ඉපදීම නොවන්නේය. එහෙයින්ම ‘එත්ථුප්පන්නං දුක්ඛින්ද්රියං අපරීසෙසං නිරුජ්ඣති’යි ඒ ඒ තන්හි අපරිශෙෂ ග්රහණය කරන ලද්දේය.
මෙහිලා කීහ: එකල්හි මෙසේ ඒ ඒ ධ්යානයාගේ උපචාරයෙහි ප්රහීණවුද මේ වේදනාව මෙහි කුමක්හෙයින් ගෙනහැර දක්වන ලදදයත්: සුඛග්රහණය පිණිසය. මෙහි ‘අදුක්ඛමසුඛං’යි යම් අදුක්ඛමසුඛ වේදනාවක් කියන ලදද ඒ වේදනාව සියුම්වූවා අතිශය දුර්විඥෙයවූවා සුවසේ දැනගන්නට නොහැකිය. එහෙයින් යම්සේ ලංව අල්ලා ගන්නට බැරිතරම් වූ නොදැමුනු ගොනෙකු අල්ලාගන්නට ගොපලු තෙමේ එක් ගාලක සියලු ගෙරින් එක්රැස්කෙරේද, නැවත එක් එක් ගොනු බැහැර කරමින් පිළිවෙළින් ආ ‘මේ ඌය, ඌ අල්ලා ගණිවු’යි ගන්වාද, එපරිද්දෙන්ම භාග්යවතුන් වහන්සේ සුවසේ ගැන්ම පිණිස මේ සියලු වේදනා ගෙනහැර දැක්වූ සේක. මෙසේ එක්කොට ගන්නා ලද මේ වේදනාවන් දක්වා යම් වේදනාවක් සුඛ නොවේද, දුක්ඛ නොවේද, සොමනස්ස නොවේද, දොමනස්ස නොවේද, මේ වේදනාව ‘අදුක්ඛමසුඛවේදනා’යි ගන්වන්නට හැකිය.