දුතියජ්ඣානකථා
‘විතක්කවිචාරානං වූපසමා’ විර්‍තකයෙහිද විචාරයෙහිද යන මේ දෙකෙහි සන්සිඳීම් හේතුවෙන් ප්‍රහාණ වශයෙන් ඉක්මීමෙන් ද්විතීයද්ධ්‍යාක්‍ෂණයෙහි අනුත්පාදනයෙනැයි වදාරණ ලද්දේ වේ. එහි ද්විතීයද්ධ්‍යානයෙහි කිසිලෙසකින් සියලුම ප්‍රථමද්ධ්‍යාන ධර්‍ම නොද ඇත්තේය. ප්‍රථමද්ධ්‍යානයෙහි අන්‍යවූම ස්පර්‍ශාදිය වේ. මේ ද්වීතීයද්ධ්‍යානයෙහි වන්නේ අන්‍යම වේ. ඖදාරික අඞ්ගයන්ගේ ඉක්මීමෙන් ප්‍රථමද්ධ්‍යානයෙන් අන්‍ය වූ ද්වීතීයද්ධ්‍යානාදියෙහි අධිගමය වේ යයි දැක්වීම පිණිස ‘විතක්කවිචාරානං වූපසමා’ යනු වදාළ සේකැයි දතයුතුය.
‘අජ්ඣත්තං’ මෙහි නියකජ්ඣත්තසඞ්ඛ්‍යාත වූ තමන්ගේ සන්තානයෙහි වූ ධර්‍මමාත්‍රය අදහස් කරන ලද්දේය. විභඞ්ගයෙහි වනාහි ‘අජ්ඣත්තං පච්චත්තං’යි මෙපමණක්ම වදාරණ ලදය. යම්හෙයකින් මෙහි නියකජ්ඣත්තය අදහස්කරන ලද්දේ ද එහෙයින් තමන් කෙරෙහි උපන් තමන්ගේ සන්තානයෙහි උපන් යන මේ අර්‍ත්‍ථය මෙහි වන්නේය.
‘සම්පසාදනං’ ශ්‍රද්ධාව සම්පසාදනැයි කියනු ලැබේ. ඒ ශ්‍රද්ධාව හා යෙදීමෙන් ධ්‍යානයද සම්පසාදන නම් වේ. නිල් පැහැය හා යෙදීමෙන් නීලවස්ත්‍රයයි කියන්නාසේය. යම්හෙයකින් හෝ ඒ ධ්‍යානය සම්පසාදන නම් වූ ශ්‍රද්ධාව හා යුක්ත බැවින් විර්‍තක විචාරයන්ගේ කැළඹීම සන්සිඳීමෙන් සිත පහදවාද, එහෙයිනුදු සම්පසාදනැයි කියන ලදී. මේ අර්‍ත්‍ථ විකල්පයෙහිද ‘සම්පසාදනං චෙතසො’යි මෙසේ පද සම්බන්‍ධය දතයුතුය. ප්‍රථම අර්‍ත්‍ථ විකල්පයෙහි ‘චෙතසො’ යන මෙය එකොදිභාව ශබ්දය සමග යෙදිය යුතුය. මේ මෙහි අර්‍ත්‍ථ යෝජනාය: අසහායව ශ්‍රේෂ්ඨව නැගේනුයි එකොදිනම්, විතර්‍ක විචාරයන් විසින් අර්‍පණාවට නොනැගු බැවින් අග්‍රව ශ්‍රේෂ්ඨව නැගේ, පහළ වේ යන අර්‍ත්‍ථයි. ලෝකයෙහි ශ්‍රේෂ්ඨ ‘එක’යි කියනු ලැබේ. විතර්‍ක විචාරයන්ගේ විරහයෙන් හෝ එකලාව අසහායවයි මෙසේද කියනු වටියි. නොහොත් තමන් හා එක්ව යෙදුනු ස්පර්‍ශාදිචෛතසික ධර්‍ම පහළ කරනුයේ ‘උදි’ නම් වේ. නගා සිටුවා යන අර්‍ත්‍ථයි. ශ්‍රේෂ්ඨාර්‍ත්‍ථයෙන් එකලාවූයේද හේමය. සෙසු ධර්‍මයන් අර්‍පණාවට නගාලන බැවින් උදිනම් වූයේත් හේමනුයි ‘එකොදි’ නම් වේ. සමාධියට මේ නමකි. මෙසේ මේ එකොදි නම් වූ සමාධිය වඩානුයි මේ ද්වීතීයද්ධ්‍යානය එකොදිභාවැයි ගතයුතුය. යම්හෙයකින් ඒ මේ එකොදිභාවය සිත පිළිබඳ වේද සත්ත්‍වයකු පිළිබඳ නොවේද ජීවය පිළිබඳ නොවේද එහෙයින් මේ ධ්‍යානය ‘චෙතයො එකොදිභාවං’යි වදාළ සේක.
මේ ශ්‍රද්ධාවද එකොදි නම්වූ මේ සමාධියද ප්‍රථමද්ධ්‍යානයෙහිද ඇත්තේ නොවේද? එසේ ඇතිකල්හි මේ ද්වීතීයද්ධ්‍යානයම කුමක් හෙයින් සිත පිළිබඳ සම්පසාදනය, එකොදිභාවයයි වදාරණ ලද්දේ ද යත්: මෙහිලා කියනු ලැබේ. මේ ප්‍රථමද්ධ්‍යානය වනාහි කුදුමහත් රැළ පතරින් අවුල් වූ දියක් සේ විර්‍තක විචාරයන්ගේ කැළඹීමෙන් මැනවින් පැහැදුනේ නොවේද, එහෙයින් ශ්‍රද්ධාව ඇතිකල්හිදු සම්පසාදනැයි නොවදාරණ ලද්දේය. මනාකොට නොපහන් බැවින්ම මෙහි ප්‍රථමද්ධ්‍යානයෙහි සමාධියද මනාකොට ප්‍රකට නොවේ. එහෙයින් එකොදිභාවයයිද නොවදාරණ ලදය. මේ ද්වීතීයද්ධ්‍යානයෙහි වනාහි විතර්‍ක විචාර පළිබෝධයන්ගේ අභාවයෙන් ලැබූ අවකාශ ඇති ශ්‍රද්ධාව බලවත්ය. බලවත් වූ ශ්‍රද්ධාවෙහි සහාය ලැබීමෙන්ම සමාධියද ප්‍රකට වේ. එහෙයින් මේ ද්වීතීයද්ධ්‍යානයම ‘සම්පසාදනං චෙතසො එකොදිභාවං’යි මෙසේ වදාරණ ලද්දේ යයි දතයුතුය. විභඞ්ගයෙහි වනාහි ‘සම්පසාදනන්ති යා සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො, චෙතසො එකොදිභාවන්ති, චිත්තස්ස ඨිති -පෙ- සම්මා සමාධි’යි මෙපමණක්ම වදාරණ ලදය. මෙසේ වදාළ මේ විභඞ්ගපාළිය සමග මෙහි දැක්වූ අර්‍ත්‍ථ වර්‍ණනාව යම්සේ විරුද්ධ නොවේද එකතින් සමවේද එපරිද්දෙන් දතයුතුය.
‘අවිතක්ක අවිචාරං’ භාවනා බලයෙන් ප්‍රහීණ වූ බැවින් මේ ධ්‍යානයෙහි හෝ මේ ධ්‍යානයට විතර්‍කයක් නැත්තේනුයි අවිතක්ක නම් වේ. මේ ක්‍රමයෙන්ම අවිචාර නම්ද වේ. විභඞ්ගයෙහිද ‘ඉති අයඤ්ච විතක්කො අයඤ්ච විචාරො සන්තා හොන්ති සමිතා වූපසන්තා අත්‍ථඞ්ගතා අබ්හත්‍ථඞ්ගතා අප්පිතා ව්‍යප්පිතා සොසිතා විසොසිතා ව්‍යන්තීකතා තෙන වුච්චති අවිතක්කං අවිචාරං’යි වදාරණ ලද්දේය.
මෙහිලා කීය: ‘විතක්ක විචාරානං වූපසමා’ යන මේ වචනයෙනුදු මේ අර්‍ත්‍ථය සිදුනොවේද, එකල්හි නැවත කුමක්හෙයින් ‘අවිතක්කං අවිචාරං’යි වදාරණ ලද්දේ ද? මෙහිලා කියනු ලැබේ. මෙය මෙසේය. විතර්‍ක විචාරයන්ගේ අභාවාර්‍ත්‍ථය සිද්ධමය. ‘විතක්ක විචාරානං වූපසමා’ යන මේ වචනය ඒ අර්‍ත්‍ථය දක්වන්නේ නොවේ ‘ඖදාරික ඖදාරික අඞ්ගයන්ගේ ඉක්මීමෙන් ප්‍රථමද්ධ්‍යානයෙන් අන්‍ය වූ ද්විතීයද්ධ්‍යානාදීන්ගේ අධිගමය වේයයි දක්වනු පිණිස විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙනැයි මෙසේ වදාරණ ලදැ’යි කීවාහු නොවෙමුද?
තවද විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් මේ ද්වීතීයද්ධ්‍යානය සම්පසාදන නම් වේ. නීවරණ සඞ්ඛ්‍යාත වූ කෙලෙස් කිලිටි සන්සිඳීමෙන් නොවේ. විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන්ද එකොදිභාවය වේ. උපචාරද්ධ්‍යානය මෙන් නීවරණයන්ගේ ප්‍රහාණයෙන් නොවේ. ප්‍රථමද්ධ්‍යානයෙන් අඞ්ගයන්ගේ පහළවීමෙන්ද නොවේ. මෙසේ මේ ‘විතක්ක විචාරානං වූපසමා’ යන මේ වචනය සම්පසාදන එකොදිභාවයන්ට හේතු දක්වන්නේය. එසේ විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් මේ ධ්‍යානය අවිතක්ක අවිචාර නම් වේ. තෘතීය චතුර්‍ත්‍ථද්ධ්‍යානයන් මෙන්ම චක්‍ෂුර් විඥානාදිය මෙන්ද විතර්‍ක විචාරයන්ගේ අභාවයෙන්ම නොවේ. මෙසේ අවිතර්‍ක අවිචාරභාවයට හේතු දක්වනුමුත් විතර්‍ක විචාරයන්ගේ අභාවමාත්‍රය දක්වන්නේ නොවේ. අවිතර්‍ක අවිචාර යන මේ වචනය හුදෙක් විතර්‍ක විචාරයන්ගේ අවිද්‍යාමානභාවය ප්‍රකාශ කරන්නේමය. එහෙයින් විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙනැයි යන පූර්‍ව වාක්‍යය කියා අවිතර්‍ක අවිචාර යන මේ දෙවන වාක්‍යය ද කියයුත්තේමය.