උපාසකත්තපටිවෙදනාකථා
‘උපාසකං මං භවං ගොතමො ධාරෙතු’ භවත්, ගෞතමයන් වහන්සේ ‘මෙතෙමේ උපාසකයෙකැ’යි මා දරණ සේක්වා යනු අර්ත්ථයි. උපාසක විධියෙහි දක්ෂභාවය පිණිස මෙහිදී ‘උපාසක කවරේද? කුමක්හෙයින් උපාසකැයි කියනු ලැබේද? මොහුගේ ශිලය කුමක්ද? ආජීවය කවරේද? විපත්තිය කවරේද? සම්පත්තිය කවරේදැ’යි මේ ප්රකීර්ණකය දතයුතු වේ. එය ඉතා බැරෑරුම්ය. එහෙයින් මෙහි නොබෙදන ලදී. ප්රයෝජන ඇත්තවුන් විසින් ප්රපඤ්චසුදනී නම් මද්ධ්යමනිකායර්ත්ථ කථාවෙහි කියූ ක්රමයෙන්ම දතයුතුය.
‘අජ්ජතග්ගෙ’ මෙහි ‘අග්ග’ ශබ්දය තෙමේ ආදිකොටි, කොට්ඨාස, සෙට්ඨ යන මෙතන්හි දක්නා ලැබේ. ‘අජ්ජතග්ගෙ සම්ම දොවාරික ආවරාමි ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨීනං’ යනාදි තන්හි ආදියෙහි දක්නා ලැබේ. ‘තෙනෙව අඞ්ගුලග්ගෙන තං අඞ්ගුලග්ගං පරාමසෙය්ය, උච්ඡග්ගං වෙළග්ගං’ යනාදී තන්හි කෙළවරෙහිද, ‘අම්ඛිලං මධුරග්ගං ච තිත්තකග්ගං අනුජානාමි භික්ඛවෙ විහාරග්ගෙන වා පරිවෙණග්ගෙන වා ගාහෙතුං’ යනාදි තන්හි කොට්ඨාසයෙහිද, ‘යාවතා භික්ඛවෙ සත්තා අපදා වා ද්විපදා වා - පෙ- තථාගතො තෙසං අග්ගමක්ඛායති’ යනාදි තන්හි ශ්රේෂ්ඨාර්ත්ථයෙහිද දක්නා ලැබේ. මෙය වනාහි මෙය ආද්යර්ත්ථයෙහි දතයුතුය. එහෙයින් ‘අජ්ජතග්ගෙ’ යනු ‘අද ආදී කොටැ’යි මෙසේ මෙහි අර්ත්ථ දතයුතුය. ‘අජ්ජතං’යි අදබවැ’යි කියන ලද්දේ වේ. ‘අජ්ජදග්ගෙ’යි හෝ පාඨයි. දකාරය පදසන්ධිය කරන්නේය. ‘අද පටන් කොටැ’යි කියන ලද්දේ වේ. ‘පාණුපෙතං’ දිවිතෙක් පැමිණි. ‘භවත් ගෞතමයන් වහන්සේ මාගේ ජීවිතය යම්තාක් පවතීද ඒතාක් අන්ය ශාස්තෘවරයෙකු නොඅදහන්නාවූ තුන්සරණින් යුක්ත වූ මා තුන්සරණින් සරණගියෙකුකොට දරණ සේක්වා, දන්නා සේක්වා, මම වනාහි මාගේ හිස තියුණු කඩුවකින් සිඳින්නාහු නමුත් බුදුරජ බුද්ධ නොවේයයිද හෝ ධර්මය ධර්මය නොවේයයි හෝ සඞ්ඝයා සඞ්ඝ නොවේයයි හෝ නොකියන්නෙමි’යි කීයේය. මෙහිද බ්රාහ්මණ තෙමේ දිවිහිම්කොට සරණ ගියහුයි නැවත සරණගමනය කියනුයේ ආත්මසන්නිර්ය්යාතනය පවසායි දතයුතුය.
මෙසේ තමන් පාවාදී පිරිස් සහිත වූ භාග්යවතුන් වහන්සේට උපස්ථාන කරනු කැමැත්තේ ‘අධිවාසෙතු ච මෙ භවං ගොතමො වෙරඤ්ජායං වස්සාවාසං සද්ධිං භික්ඛු සඞ්ඝෙන’ යනු කීයේය. මෙයින් කුමක් කියන ලද්දේ ද යත්: ‘භවත් ගෞතමයන් වහන්සේ මා උපාසකයෙකුකොට දරණ සේක්වා, මාගේ වෙරඤ්ජාවෙහි වස්විසීම ඉවසන සේක්වා, තෙමසක් වෙරඤ්ජාව ඇසුරුකොට මට අනුග්රහ පිණිස වස්විසීම ඉවසන සේක්වා’යි මෙයින් කියන ලද්දේ වේ. ‘අධිවාසෙසි භගවා තුණ්හිභාවෙන’ එකල්හි භාග්යවතුන් වහන්සේ මොහුගේ වචනය අසා කායාඞ්ගයක් හෝ ‘හොතු, සාධු’ යනාදී වූ වාචාඞ්ගයක් නොමෙහෙයවා ඇතුළතම ක්ෂාන්තිය දරා තුෂ්ණිම්භාවයෙන් ඉවසා වදාළ සේක. බ්රාහ්මණයා හට අනුග්රහ පිණිස සිතින්ම පිළිගත් සේකැයි කියන ලද්දේ වේ.
‘අථ ඛො වෙරඤ්ජො බ්රාහ්මණො භගවතො අධිවාසනං විදිත්වා’ ඉක්බිති වෙරඤ්ජ බ්රාහ්මණතෙමේ ‘මාගේ ආරාධනාව ඉදින් ශ්රමණ ගෞතමතෙමේ නොඉවසන්නේනම්, කයින් හෝ වචනයෙන් ප්රතික්ෂේප කරන්නේය, යම්හෙයකින් වනාහි ප්රතික්ෂේප නොකොට ඇතුළත ඉවසීම දැරුයේද, එහෙයින් මාගේ ආරාධනාව සිතින්ම ඉවසූයේය’යි මෙසේ ආකාර සැලකීමෙහි දක්ෂභාවයෙන් භාග්යවතුන් වහන්සේගේ ඉවසීම දැන තමන් හුන් අසුනෙන් නැගිට සිවුදිසාවට හැරි හැරී භාග්යවතුන් වහන්සේට සකසා වැඳ තෙවරක් පැදකුණු කොට සරණගිය තැන් පටන් උපතින් මහලු වූ බමුණන්හට වැඳුම්පිදුම් ආදිය නොකෙරේයයි ගර්හාකොටද දැන් දන්නා ලද බුදුගුණ ඇත්තේ කයින්ද වචනයෙන්ද මනසින්ද නොයෙක්වර වඳින්නේද සෑහීමට නොපැමිණියෙක්වම දස නිය එකතු කිරීමෙන් බබලන දෙඅත් එක් කොට හිසෙහි පිහිටුවා දර්ශනවිෂය යම්තාක්ද, ඒතාක් පිටුනොපා මූණ දුන්නේම ඉදිරියට ගොස් දර්ශනවිෂය ඉක්මගිය තැන සිට පසඟ පිහිටුවා වැඳ ගියේය.
දුබ්භික්ඛකථා
‘තෙන ඛො පන සමයෙන වෙරඤ්ජා දුබ්භික්ඛා හොති’ යම්කලක වෙරඤ්ජ බ්රාහ්මණයා විසින් වෙරඤ්ජාව ඇසුරුකොට වස්විසීමට භාග්යවතුන් වහන්සේ ආරාධනා කරන ලද්දාහුද, ඒ කාලයෙහි වෙරඤ්ජාව දුකසේ ලැබිය යුතු භික්ෂා ඇත්තේ වේ. ‘දුබ්භික්ඛා’ දුර්ලභ භික්ෂා ඇත්තේය. යම්තැනක මිනිස්සු සැදැහැ නැත්තාහු නොපහන්වූවාහු වෙත්ද, එහි මැනවින් වැඩුනු ගොයම් ඇති කල්හිද, හැල්, උඳු, මුං ආදියෙහි අගය නැතිව ගියකල්හිද ඒ දුකසේ ලැබියයුතුබව වන්නේය. වෙරඤ්ජාවෙහි වනාහි යම්හෙයකින් එසේ නොවූයේද, එහෙත්, දුස්සස්ය බැවින් හටගත් ජාතක දොසයෙන් එසේ වූයේය. එහෙයින් ඒ අරුත් දක්වන සේක් ‘ද්වීහිතිකා’ යනාදිය කීහ.
එහි ‘ද්වීහිතිකා’ දෙපරිද්දෙකින් පැවති ක්රියාඇත්තීය. ඊහිතනම් ක්රියාය. දෙපරිද්දෙකින් පැවති චිත්ත ක්රියාව චිත්තඊහා නමි. ‘මෙහි පිඬු සිඟායන්නමෝ කිසිවක් ලබන්නෙමුදෝ නොලබන්නෙමුදෝ ජීවත්වන්නට හැක්කෙමුදෝ නොහැක්කෙමුදෝ යනු මෙහි අදහසය, නොහොත් ‘ද්විහිතකා’ යනු දුකසේ කළයුතු ජීවිකාය. ඊහිතං, ඊහා, ඉරීයනං, වත්තනං, ජීවිතං යනාදි පදයෝ එකාර්ත්ථවත් වෙති. එහෙයින් දුකින් ජීවත්වීම මෙහි පවතීනුයි ‘ද්වීහිතිකා’යි මේ මෙහි පදාර්ත්ථය වේ. සුදු මිනී ඇට මෙහි වේනුයි ‘සෙතට්ඨිකා’ නමි. දවසක් මුළුල්ලෙහිදු ඉල්වා කිසිවක් නොලැබ මළාවූ දිළිඳු මිනිසුන්ගේ නයිහතු පැහැති ඇටවලින් ඒ ඒ තැන ගැවසී ගත්තේය’යි කියන ලද්දේ වේ. ‘සෙතට්ඨිකායි’ද පාඨයක් වේ. එහි අර්ත්ථය මෙසේය:- ශේවත රෝගය මෙහි වේනුයි සෙතට්ටිකා නමි. අට්ටි යනු ආතුරභාවයයි. ව්යාධියයි. රෝගයයි. එහිද, ගොයම් ගැබ්ගන්නා කාලයෙහි ශ්වෙත රෝගයෙන් නැසුනාවූම සිඳීගිය කිරි ඇති සහල් ඇට නොහටගත් ඉතා සුදු වූ හැල්කරල් හෝ යවතිරිඟු කරල් නික්මෙන්නේද, එහෙයින් සෙතට්ඨිකායි කියනු ලැබේ.