අටවන සිකපද වර්ණනාව
අෂ්ටම ශික්‍ෂාපදයෙහි - නටා නාම නටයෝ නම් යම් කෙනෙක් නැටුම් නටවත්ද ඔවුහුය. නටකා නාම නටකයෝ නම් යම් කෙනෙක් නටත්ද, ඔවුහුය. ලඞ්ඝනකා ලඞ්ඝනකයෝ නම් කෙනෙක් හුණදඬු වරපට ආදියෙන් පිනුම් ගැසීම කෙරෙත්ද, ඔවුහුය. සොකසායිකයෝ නම් මායාකාරයෝය. කුම්හථූනිකයෝ නම් කළයෙන් සෙල්ලම් කරන්නෝය. ඇතුළත සිදුර තබා රුක්හර ආදියෙන් කළ සිවුපස සමින් වැසූ වාදිත භාණ්ඩය වයන්නෝ කුම්භථූනික නම්වෙත්. බිම්බිසක වාදකැයිද කියත්. “දෙති ආපත්ති පාචිත්තියස්ස” මෙහි සිවුරු ගණනින් ඇවැත් දතයුතුය. සෙස්ස ප්‍රකටමය.
ෂඩ්සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
අටවන ශික්‍ෂාපදයයි
නවවන සිකපද වර්ණනාව
නවම ශික්‍ෂාපදයෙහි - “දුබ්බලචීවරපච්චාසාය” දුර්‍වල චීවර ප්‍රත්‍යාශාවක් ඇතිකල්හි. “ආනිසංසං” ආර්‍ය්‍යය. අපි නොහැක්කම්හ’යි කියත්, දැන් ඔවුන්ගේ කල්පාසය පැමිණෙන්නේය. සැදැහැති ප්‍රසන්න පුරුෂතෙමේ එන්නේය. එකාන්තයෙන් දෙන්නේය’යි මෙසේ අනුසස් දක්වා වළකන්නියට ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.
ක්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. ත්‍රිවෙදනයි.
නවවන ශික්‍ෂාපදයයි.
දසවන සිකපද වර්ණනාව
දශම ශික්‍ෂාපදයෙහි - “කඨිනුද්ධාරං න දස්සන්ති” මෙහි කෙබඳු වූ කඨිනුද්ධාරය දියයුත්තේද, කෙබඳු වූ කඨිනුද්ධාරය නොදියයුත්තේද, යත්: යම් සිවුරක් පිළිබඳ අත්‍ථාරමූලක වූ ආනිසංසය මහත්වේද, උද්ධාරය මුල්වූ ආනිසංසය ස්වල්පවේද, මෙබඳුවූ උද්ධාරය නොදිය යුතුය. යම් සිවුරක් පිළිබඳ අතුනරමූලක ආනිසංසය ස්වල්පවේද, උද්ධාරමූලක ආනිසංසය මහත්වේද, මෙබඳු වූ උද්ධාරය දියයුතුය. සමවූ ආනිසංසය ඇත්තේද, ශ්‍රද්ධාපරිපාලනය පිණිස දියයුත්තේමය.
“ආනිසංසං” භික්‍ෂුණීසඞ්ඝ තෙමේ දිරූ සිවුරු ඇත්තේය. කඨිනානිසංසය මුල්වූ මහත් ලාභ ඇත්තේයයි මෙබඳු අනුසස් දක්වා වළකන්නියට ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.
ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. ත්‍රිවෙදනයි.
දසවන ශික්‍ෂාපදයයි.
තෘතීය වූ නග්ග වර්‍ගයයි
4. තුවට්ටවර්‍ගය
පළමු සිකපද වර්ණනාව
තුවට්ට වර්‍ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - “තුවට්ටෙය්‍යුං” හොවින්නාහු නම්. සෙස්ස ප්‍රකටමය. එළකලොමසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
පළමුවන ශික්‍ෂාපදයයි.
දෙවන සිකපද වර්ණනාව
ද්විතීය ශික්‍ෂාපදයෙහි - එක් ඇතිරිල්ලක්ද එක් පොරෝණයක්ද මේ මෙහෙණන්හටැයි එකත්‍ථපාපුරණා නම්. එසේ මෙසේ ගතහැකිවූ කොඳුපලස් ඇතිරිලි කළාල් ආදීන්ගේ එක් කොනක් අතුරා එක් කොණක් පොරොවා නිදන මෙහෙණන්හට මේ නමෙකි.
“වවත්‍ථානං දස්සෙත්‍වා” මැද සිවුරක් හෝ කතුරුයටක් හෝ යටත් පිරිසයින් කාබානක් නමුදු තබා නිදන මෙහෙණට ඇවැත් නොවේය යන අර්‍ත්‍ථයි. සෙස්ස ප්‍රකටමය. එළකලොමසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
දෙවන ශික්‍ෂාපදයයි.
තෙවන සිකපද වර්ණනාව
තෘතීය ශික්‍ෂාපදයෙහි - “උළාරසම්භාවිතා” උදාර කුලයෙන් නික්ම පැවිදිවූ බැවින්ද, ගුණයෙන් උදාර බැවින්ද, උදාරැයි සම්භාවනා කරණ ලද්දාහුය. “ඉස්සාපකතා” ඊර්‍ෂ්‍යාවෙන් අපකෘතවූ මඩින ලද්දාහුය යන අර්‍ත්‍ථයි. දැන්වීම බහුල වූවා මේ මෙහෙණන්ටනුයි. සඤ්ඤත්තිබහුලා නම්. දවස මුළුල්ලෙහි මහජනයා හඟවන්නියෝය යන අර්‍ත්‍ථයි. විනවීම බහුල වූයේ මේ මෙහෙණන්ටනුයි. විඤ්ඤත්තිබහුලා නම්. විඤ්ඤත්ති හෙතුඋදාහරණාදියෙන් නන් නයින් අවබෝධ කරවීමැයි දතයුතුය. ඉල්ලීමැයි නොදතයුතුය.