මහල්ලක විහාර ශික්ෂාපද වර්ණනාව
නවම ශික්ෂාපදයෙහි “යාව ද්වාරකොසා” මෙහි ද්වාරකොස නම්, දොරබාවට වටින් කවුළුවෙහි පුළුල පමණවූ අවකාශයයි. මහාපච්චරියෙහි වනාහි දොරබාව පටන් එක්රියන් හමාරෙකැයි කියන ලදී. කුරුන්දියෙහි වනාහි දොර දෙපස කවුළුව පමණයයි කියනලදී. මහාර්ත්ථකථාවෙහි කවුළුව නම් එක්රියන් හමාරෙක්ද වේ. දෙරියනෙක්ද වේ, දෙරියන් හමාරෙක්ද වේය’යි කියන ලදි. ඒ කියන ලද්ද මැනැවි. ඒ සඳහාම භාග්යවතුන් වහන්සේ විසින් ‘දොරබාවගේ වටිනා අත්පසිනැ’යි මේ උත්කෘෂ්ටනිර්දෙශය කරන ලදි. “අග්ගලට්ඨපනාය” දොරකවුළු සහිත අක්දෙරිය තැබීම පිණිස. කවුළු සහිත අක්දෙරිය නොසැලෙනු පිණිසයය යන අර්ත්ථයි. “ද්වාරට්ඨපනාය” මේ පදභාජනයද මේ අර්ත්ථය සඳහාම වදාරනලදී. මේ වනාහි මෙහි අදහසය: කවුළුව වනාහි ලුහුව පෙරළෙන්නේය. අරිනකල්හි බිත්තිය පෙළන්නේය. වසන කල්හි අක්දෙරිය පෙළන්නේය. ඒ හැපීමෙන් පෙළීමෙන් බිත්තිය දෙදරන්නීය. එයින් මැටි සැලී යයි. සැලීමෙන් බුරුල් හෝ වේ. වැටීම හෝ වේ. එහෙයින් භාග්යවතුන් වහන්සේ ‘යාව ද්වාරකොසා අග්ගලට්ඨපනාය’යි වදාළ සේක. එහි කිසිසේත් ‘මේ නම් කටයුතුය’යි මාතෘකාවෙහි නොම වදාරන ලදී. පදභාජනයෙහි නොවදාරන ලදී. අර්ත්ථොත්පත්තියෙහි වනාහි “පුනප්පුනං ඡන්දාපෙසි හුනප්පුනං ලිම්පාපෙසි”යි අධිකාර වශයෙන් දොරබාව දක්වා අගුල් කණුව නැවතීම පිණිස නැවැත නැවැත ලෙපය කටයුත්තේය. ලෙපය කරවිය යුත්තේය’යි මෙසේ අර්ත්ථය දතයුත්තේය.
පදභාජනයෙහි “පිට්ඨසඞ්ඝාටස්ස සමන්තා හත්ථපාසා” යමක් වදාරන ලදද, එහි යම් විහාරයක මැද දොර වේද, මතු කොටසෙහි උස් බිත්තිය වේද, ඒ විහාරයෙහි තුන් දිසාවන්හි හාත්පසින් අත්පසින් උපචාරය වේ. කුඩා විහාරයෙක දෙදිසාවන්හි උපචාරය වේ. එහිද යම් කවුළුවක් හරිනු ලබන්නේ බිත්තිය පෙළාද, ඒ බිත්තිය හාත්පසින් කවුළුවෙහි පුළුල් පමණින් උපචාර රහිත හෙයින් නොපිරිපුන් උපචාර ඇත්තී වන්නීය. උත්කෘෂ්ටපරිච්ඡෙදයෙන් වනාහි තෙදිසාවන්හි හාත්පසින් අත්පසන් දොර නිසල කරනු පිණිස ලෙපය අනුදන්නා ලදී. ඉදින් දොර යට කොටසෙහි ලෙපයට අවකාශයෙක් ඇත්තේද, එයද ආලෙප කිරීම වටියි. “ආලොකසන්ධිපරික්කම්මාය” යන මෙහි ආලොකසන්ධි යනු ජනෙල්කවුළු කියනු ලැබෙත්. ඒ ජනෙල් කවුළු හරින කාලයෙහි වියතක් පමණද, එයට වැඩිවුද බිතුපෙදෙස පහරත් මෙහි උපචාරය වනාහි සියලු දිසාවන්හි ලැබේ. එහෙයින් සියලු දිසාවන්හි කවුළුවෙහි පුළුල් පමණවූ අවකාශය ජනෙල් කවුළු පිරියම් පිණිස ආලෙප කටයුත්තේ හෝය. ආලෙප කරවිය යුත්තේ හෝයි, මෙහි මේ අදහස වේ.
‘සෙතවණ්ණං’ යනාදිය මාතෘකාපදභාජනය නොවේද, මෙයින් විහාරයෙහි බරබවෙක් නැත්තේයයි පදභාජනයෙම අනුදන්නා ලද්දේය. එහෙයින් මේ සියල්ල සුවසේ කටයුත්තේය.
මෙසේ ලෙපකර්මයෙහි යමක් කටයුතුද, එය දක්වා නැවැත පලයෙහි කටයුතු දක්වනු පිණිස ‘ද්වත්තිච්ඡදනස්ස’ යනාදිය කියන ලද්දේය. එහි ‘ද්වත්තිච්ඡදනස්සපරියායං” සෙවනිය පිළිබඳ මතු මතු සෙවීම් වසයෙන් දෙතුන් වරක් වටකිරීමෙක් වටකිරීම පරියායයි කියනු ලැබේ. වටකිරීම් දෙකක් හෝ වටකිරීම් තුනක් හෝ විධානය කටයුතුය යන අර්ත්ථයි. “අප්පහරිතෙ ඨිතෙන” පුබ්බන්න අපරන්න නැති තන්හි සිටියහු විසින්. මෙහි සප්තවිධධාන්යප්රභෙද වූ පුබ්බන්නයද මුං, මෑ, තල, කොල්ලු, ලබු, කොමඩු ආදි ප්රභෙදවූ අපරන්නයද හරිතයි අදහස් කරන ලදි. එහෙයින්ම ‘හරිතං නාම පුබ්බන්නං අපරන්නං’යි කීහ.
“සචෙ හරිතෙ ඨිතො අධිට්ඨාති ආපත්ති දුක්කටස්ස” මෙහි යම් කෙතක වපුළ බීජ ඒ තාක් නොසැපයේද වැසි වටකල්හි සැපයෙන්නේද, එද හරිතසඞ්ඛ්යාවටම යන්නේය. එහෙයින් මෙබඳු කෙතකද සිටියහු විසින් විධාන නොකටයුතුය. අහරිතයෙහිම සිටියහු විසින් විධානය කටයුතුය. එහිද මේ පිරිසිඳීම වේ. ගෙයි මුදුන් පස හෝ කූටාගාරකණ්ණිකා නම්වූ මතු කොක්හි හෝ පසෙක හුන්නේ සෙවනි මුවවිට කෙළවරින් බලනුයේ යම්බිම් පෙදෙසෙක සිටියකු දකීද, යම් බිම් පෙදෙසෙක සිටියේ මතුවෙහි හුන් ඔහු දකීද, එතැන විධාන කටයුතුය. ඒ බිම් පෙදෙසෙහි ඇතුළත අහරිතයෙහිද සිට විධාන කිරීමට නොලබන්නේය. කුමක් හෙයින, යත්, වැටෙන්නාවූ විහාරය පිළිබඳ මේ වැටෙන්නාවූ අවකාශය වේද, එහෙයිනි.
“මග්ගෙන ඡාදෙන්තස්ස” මෙහි මගින් වැසීම නම් වට නොකට සෘජුවම වැසීමය. ඒ වැසීම ගඩොල් ගල්සුණෙන් ලැබෙන්නේය. “ද්වෙ මග්ගෙ අධිට්ඨහිත්වා” ඉදින් සෙවනි දෙකක් නපුරු කොට වසන ලද්දේ වේද, බැහැර කොට නැවත නැවත වස්වාලන්නට ලබන්නේය. එහෙයින් කැමතිසේ සෙවනි දෙකක් විධාන කොට තෙවන සෙවනිය දැන් මෙසේ වසව’යි අණවා යායුතුය. “පරියායෙන” පරික්ෂෙපයෙන් මෙසේ සෙවනිය තෘණ පර්ණයෙන් ලැබේ. එහෙයින් මෙහිද යම්සේ කැමැති වේද, එසේ දෙතුන් පරික්ෂෙපයක් සංවිධානය කොට තෙවන පරික්ෂෙපය ‘දැන් මෙසේ සෙවෙලි කරව’යි අණවා යායුතුය. ඉදින් නොයෙක් නිහඬවූවකුව සිටිය යුතුය. මේ සියලුම සෙවිලි පලය මතුවෙහි දතයුතුය. මතු මතු සෙවිලි කළ විහාරය බොහෝ කලක් නොතෙමේයයි. හඟින්නාහු මෙසේ සෙවිලි කරත්. “තතො චෙ උත්තරිං” මාර්ග වශයෙන් සෙවිලි කළ ත්රිවිධ ඡදනයන්ගේ හෝ පරික්ෂෙපන්ගේ හෝ මතුවෙහි සිවුවන මගෙහි හෝ පරික්ෂෙපයෙහි හෝ