භූතගාම වර්ගය
භූතගාම ශික්ෂාපද වර්ණනාව
සෙනාසන වර්ගය පිළිබඳ ප්රථම ශික්ෂාපදයෙහි “අනාදියන්තො” ඒ දෙවඟනගේ වදන් නොගනිමින්. “දාරකස්ස බාහුං ආකොටෙසි” ඔසොවනලද පොරොව දරන්නට නොහැක්කේ මිනිසුන්ගේ චක්ෂුර්විෂය ඉක්මවූ වෙසමුණු මහරජහු වෙතින් ලද රුකක පිහිටි දෙව්විමනෙක හොත් දරුගේ අත තනය මුලින්ම සින්දේය. “න ඛො මෙතං පතිරූපං” යනාදියෙහි මේ සඞ්ක්ෂිප්ත වර්ණනා තොමෝය. හිමවතෙහි පක්ෂ දිනයන්හි දෙවතාසන්නිපාතය වේ. ‘තී වෘක්ෂධර්මයෙහි සිටියාද, නොසිටියාදැ’යි එහි වෘක්ෂධර්මය විචාරත්. වෘක්ෂධර්ම නම්, රුක සිඳිනු ලබන කල්හි එහි රුක්දෙවියා විසින් සිත දූෂිත නොකිරීමය. එහි යම් දෙවතාවක් වෘක්ෂධර්මයෙහි නොසිටියා වේද, ඒ දෙවතා තොමෝ දෙවියන්ගේ රැස්වීමට පිවිසෙන්නට ඉඩ නොලබයි. මෙසේ ඒ දෙවතා තොමෝ වෘක්ෂධර්මයෙහි මේ අස්ථානප්රත්යයද ආදීනවයද දුටුවාය. භාග්යවතුන් වහන්සේගේ ඉදිරියෙහිද පෙර අසනලද ධර්මානුසාරයෙන් ඡද්දන්තාදි කාලයෙහි තථාගතයන් වහන්සේගේ පූර්වචරිතය සිහි කළාය. එහෙයින් මැයට ‘න ඛො මෙතං පතිරූපං - පෙ- වොරෙපෙය්යං’යි මෙබඳු සිතෙක් වූයේය. “යන්නූනාහං භගවතො එතමත්ථං ආරොචෙය්යං” මේ මහණ තෙමේ පියකු සහිත පුත්රයෙකි, එකාන්තයෙන් භාග්යවතුන් වහන්සේ මේ මහණහුගේ මේ අනාචාරය අසා සීමා බඳින සේක, ශික්ෂාපද පනවන සේකැ’යි මෙසේ කල්පනා කරන්නාවූ මේ දෙව්දුවට මෙබඳු සිතෙක් වූයේය. “සචජ්ජ ත්වං දෙවතෙ” ‘දෙවතාව’ ඉදින් අද තී “පසවෙය්යසි” උපදවන්නෙහිය මෙසේද වදාරා භාග්යවතුන් වහන්සේ ඒ දෙව්දුවට හඟවමින්
“යො වෙ උප්පතිතං කොධං - රථං භන්තංව වාරයෙ,
තමහං සාරථිං බ්රෑමි - රස්මිග්ගාහො ඉතරො ජනො”
තමහං සාරථිං බ්රෑමි - රස්මිග්ගාහො ඉතරො ජනො”
යමෙක්, උපන් ක්රෝධය ඉතා වේගයෙන් දුවන රියක් මෙන් වළකාලන්නේද, මම ඔහු රියසැරියි කියමි, අන්ය වූ ජන තෙමේ රජ යුවරජ ආදීන්ගේ රිය රැහැණ පමණක් අතට ගත්තේය’යි කියමි,
යන මේ ගාථාව වදාළ සේක. ගාථාවගේ කෙළවර ඒ දෙවතා තොමෝ සෝවාන් පෙළෙහි පිහිටියාය. නැවැත භාග්යවතුන් වහන්සේ පැමිණි පිරිසට දහම් දෙසන සේක්,
“යො වෙ උප්පතිතං විනෙති කොධං - විසටං සප්පවිසංව ඔසධෙහි,
සො භික්ඛු ජහාති ඔරපාරං - උරගො ජිණ්ණමිව තචං පුරාණං”
සො භික්ඛු ජහාති ඔරපාරං - උරගො ජිණ්ණමිව තචං පුරාණං”
ක්ෂත්රියාදි කුලයෙන් පැවිදිවූ යම් මහණෙක් තෙමේ එකාන්තයෙන් සියසතන්හි උපන් ක්රෝධය හා තෘෂ්ණාව සිරුර පැතිරගත් සර්පවිෂය බෙහෙදින් නසන්නාක් මෙන් දුරුකෙරේද, ඒ මහණ තෙමේ දැදුරු වූ පැරණි හැවය හරින්නා වූ සර්පයකු මෙන් ඔරපාර සඞ්ඛ්යාත ඔරම්භාගීය උද්ධම්භාගීය සංයොජනයන් හැරදමා’යි
යන මේ ගාථාව වදාළ සේක. එහි ප්රථම ගාථා තොමෝ ධම්මපදයෙහි සඞ්ග්රහයට නගන ලදී. ද්විතීය ගාථා තොමෝ සූත්රනිපාතයෙහි සඞ්ග්රහයට නගනලදී. වස්තුව වනාහි විනයයෙහිය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ දහම් දෙසන සේක්ම ඒ දෙව්දුවට වසන්නට නිසි තැනක් ආවර්ජනය කරනසේක් සුදුසු තැනක් දැක, ‘දෙවතාව’ යව, අසුවල් අවකාශයෙහි පිහිටි වෘක්ෂය විවික්තය, එහි එළැඹෙව’යි වදාළ සේක. ඒ වෘක්ෂය වනාහි අලව්රටෙහි නොවේ. ජෙතවනයෙහි පවුර තුළ වූයේය. යම් කිසි දිව්යපුත්රයකු විසින් අයත් කරගන්නා ලද්දේ ද, ඒ දිව්යපුත්ර තෙමේ ච්යුතව ගියේය. එහෙයින් විවික්තයි වදාළ සේක. එතැන් පටන් ඒ දෙවතා තොමෝ සම්මා සම්බුදුරජුන් වෙතින් ලැබූ පරිහාර ඇත්තී බුද්ධොපස්ථායිකාවක් වූය. යම්කලෙක දෙවියන්ගේ සමාගමය වේද, එකල්හි මහෙශාක්ය දෙවතාවන් එන කල්හි අන්ය වූ අල්පෙශාක්ය දෙවතාවෝ මහාසමුද්රචක්රමාල පර්වතය දක්වා ගොස් නවතිත්. තොමෝ තමන් වසන තැන හිඳ බණ අසයි. ප්රථමයාමයෙහි මහණහු යම් ප්රශ්නයක් විචාරත්ද, මද්ධ්යම යාමයෙහි දෙවතාවෝ ප්රශ්න විචාරත්ද, ඒ සියල්ල එහිම හිඳ අසයි. සිවුමහාරජහු පවා භාග්යවතුන් වහන්සේට උපස්ථානයට අවුත් යන්නාහු ඒ දෙව්දුව දැකම යන්නාහ.
“භූතගාමපාතව්යතාය” මෙහි වැඩෙත්, වැඩුනාහු ‘භූත’ නම්වෙත්. හටගණිත්, වැඩෙත්, හටගන්නාහු, වැඩුනාහු යන අර්ත්ථයි. “ගාමො” සමූහය. භූත සංඥිත වූ නිල්පැහැති තෘණ වෘක්ෂලතාදීන්ගේ සමූහය ‘භූතගාම’ නම්. නොහොත් භූතසංඥිත තෘණවෘක්ෂලතාදීහුම සමූහ වූවාහු භූතගාම නම්වේ. පිහිටි නිල්පැහැති තණරුක් ආදීන්ට මේ නමෙකි. සිඳිය බිඳිය යුතු බව “පාතබ්යතා”ය. සිඳීම් බිඳීම් ආදියෙන් රිසිසේ පරිභොග කටයුතුය යන අර්ත්ථයි. ඒ තෘණවෘක්ෂලතාදීන්ගේ සිදීම් ආදිය නිමිතිකොට නිමිත්තාර්ත්ථයෙහි සප්තමීවචනයි. භූතගාමපාතබ්යතා හේතුවෙන් භූතගාමයාගේ සිඳීම් ආදිප්රත්යයයෙන් පාචිත්තිය යන අර්ත්ථයි.
දැන් ඒ භූතගාමය බෙදා දක්වන සේක්, “භූතගාමො නාම පඤ්චබීජජාතානි” යනාදිය වදාළ සේක. එහි “භූතගාමො නාම” භූතගාමය උදුරා. යමක් ඇති කල්හි භූතගාමය වේද. එය දක්වනු පිණිස ‘පඤ්චබීජජාතානි’ යනු වදාළාහුය’යි අර්ත්ථකථාවන්හි කියනලදී. මෙසේ ඇති කල්හිදු ‘යානි වා පනඤ්ඤානිපි අර්ත්ථ මූලෙ ජායන්ති’ යනාදීහු සම නොවෙත්. මූලබීජාදීහු මුල් ආදියෙහි නොඋපදිත්. මුල් ආදියෙහි උපදින්නාහු වනාහි ඔවුහු බීජගත වෙත්. එහෙයින් මෙහි මෙසේ වර්ණනා තොමෝ දතයුත්තීය. “භූතගාමො නාම” යනු බෙදිය යුතු පදයයි. “පඤ්ච” යනු ඒ භූතගාමයාගේ විභාග පිරිසිඳීමය. “බීජජාතානි” යනු පිරිසිඳි ධර්මයන්ගේ දැක්වීමය. බීජයන්ගෙන් උපන්නාහු බීජ ජාතානි යනු එහි අර්ත්ථයි. වෘක්ෂාදීන්ට මේ නමෙකි. මෙහි අන්ය ක්රමයෙන් වේ. ‘බිජවූවාහුද ඔවුහුමය. උපන්නාහුද, ප්රසූත වූවාහුද, උපන් පන් මුල් ඇත්තාහුද ඔවුහුමනුයි බීජජානානි නම් වෙත්. මෙයින් කෙත් වැලි ආදියෙහි තැබූ උපන් පත් මුල් ඇති ඉඟුරු ආදීන්ගේ සඞ්ග්රහය කරන ලද්දේ වේ.
දැන් යම් බීජයන්ගෙන් උපන් බැවින් වෘක්ෂාදීහු බීජජාතාතියි කියන ලද්දාහුද, ඒ බීජයන් දක්වන සේක් “මූලබීජං” යනාදිය වදාළ සේක. ඔවුන්ගේ උද්දෙසය ප්රකටමය. නිර්දෙශයෙහි “යානි වා පනඤ්ඤානිපි අත්ථි මූලෙ ජායන්ති මූලෙ සඤ්ජායන්ති” යන මෙහි බීජයෙන් ඉපදීමෙන් බීජයි දක්වන ලදි. එහෙයින් මෙහි මෙසේ අර්ත්ථ දතයුතුය. යම් අනිකුදු බීජජාතයෝ ඇත්තාහුද, ඕලු කෙකටිය රත්පියුම් උපුල් හෙලපියුම් හෙල්මැලි කොඳ පළොල් මුල් ආදි ප්රභෙද ඇති මූලෙහි ගස්වල් රුක් ආදීහු හටගණිත්ද. උපදිත්ද, ඔවුහු යම් මුලෙක හටගණිත්ද නැවැත නැවත උපදිත්ද, එද පෙළෙහි කියනලද කසා ආදියද යන මේ සියල්ල මූලබීජ නම්වේ. මූලම මූලබීජනමි. ඛන්ධබීජාදියෙහි ද මෙම නයයි. යම් බන්ධබීජයන්හි වනාහි මෙහි අඹරැල්ල ඉඳුසැල් උක් එරබදු කිණිහිරි ආදීහු ඛන්ධබීජ නම් වෙත්. මුල් රහිතවූ වැල් සිවුරැස් වැල් කනවේරිය යනාදීහු පුරුක් බීජයෝ නම් වෙත්. නියඳ සමන් බඳුවද යනාදීහු අග්ගබීජයෝ නම් වෙත්. අඹ දං කොස් ඇට ආදීහු බීජබීජයෝ’යි දතයුත්තාහ.