පඨමසේනාසන ශික්ෂාපද වර්ණනාව
චතුර්ත්ථ ශික්‍ෂාපදයෙහි “හෙමන්තිකෙ කාලෙ” හෙමන්ත කාලයෙහි. හිම වැටෙන කාලයෙහි “කායං ඔතාපෙන්තා” ඇඳපුටු ආදියෙහි හුන්නාහු ලහිරු රැසින් කය තවන්නාහු. “කාලෙ ආරොචිතෙ” කැඳබත් ඈ අතුරෙහි යම්කිසිවක් පිණිස කල් දැන්වූ කල්හි. “ඔවට්ඨං හොති” හිම වැස්සෙන් තෙමුනේ තෙත් වූයේ වේ.
“අවස්සික සඞ්කෙතෙ” වැසි ලකුණු නැති, වැසි නැත්තාවූ. වස්සානමාසැයි මෙසේ නොපැනවූ හිමවැටෙන සිවු මසය, ග්රීෂ්මසහිත සිවුමසය යන අට මස්හිය යන අර්‍ත්‍ථයි. “මණ්ඩපෙවා” අතු මඩුවෙහි හෝ පුවරුමඩුවෙහි හෝ. “රුක්ඛමූලෙ” යම් කිසි ගසක් යට. “යත්ථ කාකා වා කුලලා දා න ඌහදන්ති” යම් තැනක නිත්යාවාසහෙතුවෙන් කැදලි කොට වසන්නාවූ මේ කවුඩන් හා උකුස්සෝ හෝ ඉන් අන්‍ය පක්ෂීහු හෝ ඒ සෙනසුන මල නොගවසත්ද, එබඳු රුක්මුලෙහි යට කියූ අටමස්හි තබන්නට අනුදනිමි. එහෙයින් යම් තැනක ගොදුරෙහි යෙදුනු පක්ෂීහු විඩා හැර යෙත්ද, ඒ රුක්මුල සෙනසුන තැබීම නිවැරදිය. යම් තැනක නිත්යවාසහෙතුවෙන් කැදලි කොට වසත්ද, ඒ රුක්මුල නොතැබිය යුතුය. ‘අට්ඨමාසෙ’යි කියූ බැවින් යම් ජනපදයන්හි වැසිකල නොවසීද, ඒ ජනපදයන්හිද වැසිසාර මස්හි ද සෙනසුන් තැබීම වරද සහිතමය. ‘අවස්සිකසඞ්කෙතෙ’ කියූ බැවින් යම් හෙමන්ත සෘතුවෙක්හි වැසි වසීද, ඒ හෙමන්ත සෘතුවෙහිද එලමහනෙ’හි සෙනසුන් තැබීම නොසුදුසුය. ග්‍රීෂ්ම සෘතුවෙහි වනාහි හැමතැන පහවූ වලා ඇති අහස පිරිසිදු වේද, මෙබඳු කාලයෙහි කිසියම් කරුණකින් වුවද එලිමහනෙහි ඇඳපුටු තැබීමෙහි වරදෙක් නැත්තේය.
අබ්හොකාසික භික්ෂූන් විසින්ද වත දැනගත යුතුය. ඒ අබ්හොකාසිකයාගේම පෞද්ගලික ඇඳක් වේද, එහිම සැතපිය යුතුය. සඞ්ඝිකයක් ගන්නහු විසින් වේවැලින් හෝ වැහැරියෙන් හෝ වියූ ඇදක් ගතයුතුය. එබදු ඇදක් නැති කල්හි පැරණි ඇඳක් ගතයුතුය. එබන්දකුදු නැති කල්හි අලුත වියූ ඇඳක් හෝ මෙට්ට සහිත ඇඳක් හෝ ගතයුතුය. ගෙණ ‘මම උත්කර්ෂවෘක්ෂමූලික වෙමි, උත්කර්ෂ අභ්යවකාශික වෙමි, සිවුරු කිළියක්ද නොකොට නොකල්හි එලිමහනෙහි හෝ රුක්මුලෙහි හෝ සෙනසුනක් නොපනවා නිදීම නොවටියි. ඉදින් සිවු ගුණවූද සිවුරෙන් කළ කිළිය නොතෙමෙන්නක් කොට රකින්නට නොහැක්කේද හද්දාවැසි ආදීහු වෙත්ද, එකල්හි මහණහු තමා කායානුගතික බැවින් වටියි.
වනයෙහි පත්කිළියෙහි වසන්නවුන්ට ශීලසම්පත්තියෙහි පහන් සිත් ඇති මිනිස්සු ‘සඞ්ඝික පරිභොගයෙන් පරිභොග කළ මැනැවැ’යි අලුත් ඇඳපුටු දෙත්ද, එහි වැස යන්නවුන් විසින් සමීපවෙහෙරක සභාග භික්ෂූන්ට යවා යායුතුය. සභාග භික්ෂූන් නැති කල්හි නොතෙමෙන තැනක තබා යායුතුය. නොතෙමෙන තැනක් නැති කල්හි රුකෙක එල්ලා යා යුතුය. සෑමිදුලෙහි මුස්න ගෙණ බොජුන්හල මිදුල හෝ පොහෝගේ මිදුල හෝ පිරිවෙන් දිවාතැන් ගිනිහල් ආදීන් අතුරෙහි එක්තරා තැනක් හෝ හැමද මුහුණ සෝදා මුසුන් මළුවෙහිම තැබිය යුතුය. පොහෝ ගෙවල් ඈ අතුරෙහි එක් තැනක ගෙන සෙසු තැන් හමදින මහණහුට ද මෙම නය වේ.
යම් මහණෙක් පිඬු සිඟා යන මග නමදින්ම යනු කැමැත්තේ වේද, අන්හු විසින් හැමඳ අතරමග ශාලාවක් ඇත්තේ නම් එහි තැබිය යුතුය. ඉදින් නැත්තීනම් වැහි පටල නොනැගිබව සලකා ‘යම්තාක් මම ගමින් නික්මෙම්ද, ඒතාක් නොවස්නේයයි දන්නහු විසින් යම්කිසි තැනක තබා නැවත පෙරළා එන්නහු විසින් තුබූ තැන තැබිය යුතුය. ඉදින් වස්නේයයි දන්නේ එළිමහනෙහි තබා නම් දුක්කටයි මහාපච්චරියෙහි කියනලදී. සෑමිදුල් ආදි ඒ ඒ තැනම හැමදිම පිණිස මුස්න තබන ලද්දේවේද, ඒ ඒ තැන හැමද ඒ ඒ තැනම තැබීම නිවරද වේ. අසුන්හල හමදින්නහු විසින් වත දතයුතුය. එහි මේ වතයි. මැද සිට හිඳින්නවුන්ගේ පා තබන තැනට අභිමුඛ වූ හෝ හමදින්නහුගේ පාදස්ථානයට අභිමුඛවූ හේ වැලි ගෙන යා යුතුය. කසළ අතින් ගෙණ පිටත දැමිය යුතුය.
“මසාරකො” ඇඳ පා වද එහි විට්ටම ප්රවෙශකොට කරන ලද්දේය. “ඛුන්දිකාබද්ධො” විට්ටමෙන් ඇද පා ඩැහැගන්වා පර්ය්යඞ්කසඞ්ක්ෂෙපයෙන් කරන ලද්දේය. “කුළීරපාදකො” අස්, බැටළු ආදීන්ගේ හා සමාන පාදයෙන් කරන ලද්දේය. වක් පා ඇති යම්කිසි ඇඳක් වේද, මෙය කුළීරපාදකැයි කියනු ලැබේ. “ආභච්චපාදකො” මේ ආහච්චපාදක නම් ඇඳ අවයවයන් විද කරන ලද්දේ වේයයි මෙසේ පසුභාගයෙහි පෙළෙහිම කියන ලද්දේය. එහෙයින් විට්ටම් විද එහි පාමුදුන ඇතුල්කොට මත්තෙහි ඇණ ගසා කරනලද ඇඳ ආහච්චපාදකැයි දතයුතුය. පුටුවෙහිද මෙම නයයි “අන්තො සංවෙඨෙත්වා බද්ධං හොති” යටද උඩද පළල් කොට මැද කෙටි කොට මිහිඟු බෙර සටහන් කොට බඳින ලද්දේ වේ. එය මැද සී වගසමින් වටකොටද කරත්. මෙහි අකැප සමෙක් නම් නැත්තේය. සෙනසුන රන්මුවා වූයේද වටියි. එහෙයින් එය මහැඟි වේ. “අනුපසම්පන්නං සන්ථරාපෙති තස්ස පළිබොධො” යමකු විසින් අතුරුවන ලද්දේ ද, ඒ මහණහුට පළිබොධය වේ. ‘ලෙඩ්ඩුපාතං අතික්කමන්තස්ස ආපත්ති පාචිත්තියස්ස” බලමැදුම් පුරුෂයකුගේ ලෙඩ්ඩුපාතයක් ඉක්මවන මහණහුට පාචිත්තිය වේ.