අත්තාදානඅඞ්ගකථා
“අත්තදානං අදාතුකාමෙන” යන මෙහි ශාසනය ශුද්ධකරනු කැමැති මහණතෙමේ යම් අධිකරණයක් තමන් විසින් ගන්නා ලැබේද එය “අත්තාදානය”යි කියනු ලැබේ. “අකාලො ඉමං අත්තාදානං ආදාතුං” යන මෙහි රාජභය, චොරභය, දුර්භික්ෂභය, වැසිකාලය යන මේ අකාලයයි. අත්තාදානය දෙන්ට මේ කාලය නොවේ. විපරීතවූයේ කාලය වේ.
“අභූතං ඉදං අත්තාදානං” මෙය අවිද්යාමාන වේ. මා විසින් අධර්මය හෝ ධර්මයයි ධර්මය හෝ අධර්මයයි අවිනය හෝ විනයයි විනය හෝ අවිනයයි දුශ්ශීල වූ හෝ පුද්ගල තෙමේ සිල්වත්යයි සිල්වත් තෙමේ හෝ දුශ්ශීලයයි ගන්නා ලද්දේය යන අර්ත්ථයි. විපර්ය්යායෙන් භූතය දතයුතුය. “අනත්ථසංහිතං ඉදං අත්තාදානං” යන මෙහි යම් අත්තාදානයක් ජීවිතන්තරාය පිණිස හෝ බ්රහ්මචරියන්තරාය පිණිස හෝ පවතීද මේ අත්තාදානය අනර්ත්ථයෙන් යුක්තවූයේය. මෙයට විපරීත වූයේ අර්ත්ථයෙන් යුක්තවූයේ නම්වේ.
“න ලභිස්සාමි සංදිට්ඨෙ සම්භන්තෙ භික්ඛූ” සමහර කලෙක වනාහි රාජභයාදීන් අතුරෙහි යමක් ඇති කල්හි තමාගේ පක්ෂයට පිටිවහල්වූ මෙබඳු භික්ෂූහු ලබන්නට නොහැක්කාහු වෙත්ද, ඒ සඳහා “න ලභිස්සාමි” ලබන්නෙමි’යි වදාරණලදී.
“භවිස්සති සඞ්ඝස්ස තතො නිදානං භණ්ඩනං” කොසම්බක භික්ෂූන්ගේ මෙන් ඩබරය කලහය විග්රහය විවාදය සඞ්ඝභෙදයද වන්නේය. “පච්ඡාපි අවිප්පටිසාරකරං භවිස්සති” සුභද්ර නම් මහලු පැවිද්දහුට නිග්රහකොට පඤ්චසතික සඞ්ගීතිය කරන්නා වූ ආයුෂ්මත් යස ස්ථවිරයන් වහන්සේට මෙන්, සැට දහසක් භික්ෂූන්ට නිග්රහකොට සාහස්සික සඞ්ගීතිය කරන්නා වූ මොද්ගලිපුත්රතිෂ්ය ස්ථවිරයන් වහන්සේට මෙන් පසුව පෙළෙහි කියූ ආකාර පඤ්චාඞ්ගයෙන් යුක්තව දුන් අත්තාදානය සිහිකිරීමක් වේද, පාපපුද්ගලයන්ගේ පහවීමෙන් ශාසනායාගේද පැවැත්ම පහවූ උපක්ලෙශ ඇති චන්ද්රසූර්ය්යයන්ගේ සශ්රීකභාවයෙන් පවත්නේය.
චොදකෙනපච්චවෙක්ඛිතබ්බධම්මකථා
“අච්ඡිද්දෙන අප්පටිමංසෙන” යනාදි තන්හි යමකු විසින් ගෘහස්ථ ප්රව්රජිතයන් අතුරෙහි යම් කිසිවෙක් පහරණලද්දේ හෝ වේද, ගිහිගේ ගෙඩිපෙළීම් ආදිවෙදකම් හෝ කරණලද්දේ වේද, ඔහුගේ කායසමාචාරය වේයන් විසින් කනලද තල්පතක් මෙන් සිදුරු ඇත්තේද, ඇදබලන්නට යම්කිසි තැනෙක්හි ගෙණ අදින්නට හැකිවන්නේද, එයින් ඇදබලන්නට හැක්කේද වේ. විපරීතවූයේ අච්ඡිද්ද අප්පතිමංසයයි දතයුතුය. වාක්සමාචාරය වනාහි මුසාවාද ඔමසවාද පෙසඤ්ඤ අමූලක චෝදනාදීන් කරණකොට සිදුරු ඇත්තේද ඇදබැලීමට නොහැකි වූයේද වේ. විපරිත වූයේ අච්ඡිද්ද අප්පතිවංස වේ.
“මෙත්තං නුඛො මෙ චිත්තං” පළිබොධයන් සිඳ කර්මස්ථානභාවනානුයොගයෙන් අර්පණාප්රාප්ත ධ්යාන චිත්තය ඇත්තේවේද, “අනාඝාති” ආඝාත විරහිත වූයේද යටපත් කිරීම් වසයෙන් නැසූ ආඝාත ඇත්තේය යන අර්ත්ථයි. “ඉදම්පන ආවුසො කත්ථ වුත්තං භගවතා” මේ ශික්ෂාපදය කිනම් නුවරෙක්හිදී වදාරණ ලද්දේ ද, යන අර්ත්ථයි.
චොදකෙනඋපට්ඨාපෙතබ්බකථා
“කාලෙන වක්ඛාමි” යනාදිතන්හි එකෙක් එකකු අවකාශ කරවා චෝදනා කරණුයේ සුදුසු කාලයෙහි චෝදනා කෙරේ නම. සඟමැද ගණමැද සලාක බෙදන තැන කැඳ බෙදන තැන විතක්කමළුව පිඬුසිඟායන මග අසුන්හල යනාදිතන්හි හෝ උපස්ථායකයන් විසින් පිරිවැරූ කෙණෙහි හෝ චොදනා කරණුයේ නොකල්හි චෝදනා කෙරේනම. සත්යය කියනුයේ විද්යමානයක් කරණකොට චොදනා කෙරේනම ‘එම්බා, මහල්ල’ පිරිස සමග හැසිරෙන්න, පංසුකුලිකය ‘ධර්මකථිකය’ තට මේ සුදුසුදැයි කියනුයේ පරුෂය කරණකොට චොදනා කෙරේනම. කරුණු ඇසුරුකොට වනාහි ‘ස්වාමීනි, මහල්ලකවහු, පරිසාවචර පංසුකූලිකවහු, ධර්මකථිකවහු, ඔබ වහන්සේට මෙය සුදුසු’දැයි කියනුයේ සණය කරණකොට චෝදනා කෙරේ නම. කරුණු ඇසුරුකොට කියනුයේ අර්ත්ථසංහිතයෙන් චෝදනා කෙරේ නම. “මෙත්තචිත්තො වක්ඛාමි නො දොසන්තරො” මෙත් සිත එළවා කියන්නෙමි. දූෂිත සිත් ඇතිව චෝදනා නොකරමි.