සුළුවග අටුවාව
කම්මක්ඛන්ධක වර්ණනාව
තජ්ජනීයකම්මකථා
චුල්ලවර්ගය පිළිබඳ ප්රථම කර්මස්කන්ධකයෙහි වනාහි “පණ්ඩුකලොහිතකා” පණ්ඩුකද ලොහිතද ෂඩ්වර්ගිකයන් අතුරෙහි දෙදෙනෙකි. ඔවුන්ගේ අතවැස්සෝද නිශ්රය නිශ්රිත ව්යවහාරයෙන් පණ්ඩුක ලොහිතකයෝමැයි ප්රකට වෙත්. “බලවා බලවං පතිමන්තෙථ” මොනවට බලවත්ව පිළිවදන් දෙවු. “අලමත්තතරා” අතිශයින් සමර්ත්ථ වන්නහුය.
අධම්මකම්මද්වාදසකකථා
“අදෙසනාගාමිනියා” පාරාජිකාපත්තියෙන් හෝ සඞ්ඝාදිසෙසාපත්තියෙන් හෝ. [missing trans]
“අනනුලොමිකෙහි ගිහීසංසග්ගෙහි” පැවිද්දට නොසුදුසු වූ සහ සොකිතාදීවූ ගිහි සංසර්ගයෙන්.
“තිණ්ණං භික්ඛවෙ භික්ඛූනං” යනාදිය එක් එක් අඞ්ගයකිනුදු තර්ජනීය කර්මය කිරීම වටීය’යි දැක්වීම පිණිස වදාරණලදී. තර්ජනීයකර්මයට වනාහි ඩබරකරණබව විශේෂ අඞ්ගයෙක් වේ. නියස්සකර්මයට නිතර ඇවතුන්ට පැමිණෙන බව අඞ්ග වේ. පබ්බාජනීය කර්මයට කුලදූසකත්වය අඞ්ගවේය’යි වදාරණ ලදී. මේ තුන් අඞ්ගයන් අතුරෙහි යම්කිසිවක් කරණකොට සියල්ල කිරීම වටියි. ඉදින් මෙසේ නම් චම්පෙය්යක්ඛන්ධකයෙහි ‘තර්ජනීය කර්මයට සුදුසුවූවහුට නියස්සකර්මය කරයි. -පෙ- උපසම්පදාවට සුදුසු වූවාහු අබ්හාන කර්මයෙන් ඔසාරණය කරයි, උපාලි මෙසේ වනාහි අධර්මකර්මය වේ. අවිනය කර්මය වේ. මෙසේ ඇති කල්හි සඞ්ඝතෙමේ දොස් සහිතවේය’යි යමක් වදාරණ ලද්දේ ද, එයට මෙය විරුද්ධවේද, යත් මද විරුද්ධ නොවේ. කුමක් හෙයින, යත්:- වචනයන්ගේ අර්ත්ථනානත්වයෙනි. “තජ්ජනීය කම්මාරභස්ස” යන මේ වචනයාගේ අර්ත්ථය කර්මයාගේ සනිටුහන් කිරීමය. “තිණ්ණං භික්ඛවෙ” යනාදිවචනයාගේ අඞ්ගසම්භවය වේ. එහෙයින් යම් කලෙක්හි සඞ්ඝයා විසින් රැස්ව ‘මේ මහණහුට මේ කර්මය කරමු’යි සනිටුහන් කරණ ලද්දේ ද, එකල්හි කර්මයට සුදුස්සේ වේ. ඔහුගේ මේ ලක්ෂණයෙන් තර්ජනීයාදි කර්මයන්ට සුදුසු වූවහුට නිස්සයාදිකර්ම කිරීම අධර්මකර්මද අවිනය කර්මද වේයයි දතයුතුය. යමක්හට වනාහි භණ්ඩනකාරකාදි අඞ්ගයන් අතුරෙහි එක්තරා අඞ්ගයක් ඇත්තේද, ඔහුට සඞ්ඝතෙමේ කැමැත්තේ නම් යම්සේ අනුදත් අඞ්ගයන් අතුරෙහිද කර්මයන් අතුරෙහිද යම්කිසි අඞ්ගයකින් යම්කිසි කර්මයක් ව්යවස්ථාකොට ඒ මහණහු කර්මයට සුදුස්සකුකොට කර්ම කරන්නේය. මේ මෙහි විනිශ්චය වේ. මෙසේ ඇතිකල්හි පූර්වය හා අපරය සමවේ.
එහි කිසිසේත් තර්ජනීය කර්මයෙහි භණ්ඩනකාරක වසයෙන් කර්මවාක්යය වදාරණ ලදී. එතකුදු වුවත් අඥයක්හට අව්යක්තයක්හට ආපත්ති බහුලවූවක්හට තර්ජනීය කර්මය කරන්නහු විසින් බාල අව්යක්තයන්ගේ වශයෙන්ම කර්මවාක්යය කටයුතුය. මෙසේ ඇති කල්හි විද්යමාන වස්තුව කරණකොට කර්මය කරණ ලද්දේ වේ. අන්ය කර්මයක්හුගේ වස්තුවක් කරණකොට කරණ ලද්දේ නොවේ. කුමක්හෙයින යත්:- යම්හෙයකින් මෙද අනුදන්නා ලද්දේ ද, එහෙයිනි. හැම තැන්හි මේනය වේ. අටළොස් මැනැවින් පවත්නා වස්තු පාරිවාසිකක්ඛන්ධකයෙහි වර්ණනා කරන්නෙමු.
නප්පටිප්පස්සම්භෙතබ්බඅට්ඨාරසකාදිකථා
“ලොමං පාතෙන්ති” හෙලු ලොම් ඇත්තාහු වෙත්. භික්ෂූන්ට අනුව පවතිත්ය යන අර්ත්ථයි. “නෙත්ථාරං වත්තන්ති” එතෙර වන්නවුන්ගේ මේ වතයි. නෙත්ථාර නම. යම්වතක් කරණකොට නිස්සාරණයෙන් එතෙර වන්නට හැක්කේද, ඒ අටළොස් වැදෑරුම් වූ මනාවතෙහි පවතිත්ය යන අර්ත්ථයි. මෙතෙක් කල් වත පිරියයුතුද, යත්:- දසදවසක් හෝ පස් දවසක්හෝය. මේ කර්මස්කන්ධකයෙහි මෙපමණකින් වත පුරණ ලද්දේම වේ.
නියස්සකම්මකථා
සෙය්යසක වස්තුවෙහි - “අපිස්සු භික්ඛු පකතත්තා” තවද භික්ෂූහු නිත්ය ව්යාවෘත වූවාහු වෙත්. සෙස්ස තර්ජනීය කර්මයෙහි කියන ලද්ද සමානම වේ.
පබ්බාජනීයකම්මකථා
“අස්සජි පුනබ්බසුක” වස්තුව සඞ්ඝාදිසෙස වර්ණනාවෙහි කියනලදී.
“කායිකෙන දවෙන” යනාදිතන්හි වනාහි මෙහි කායිකද්වය නම් කායක්රීඩාව කියනු ලැබේ. සෙසු දෙපදයෙහිද මේනයම වේ. “කායිකො අනාචාරො” කායික අනාචාර නම් කායද්වාරයෙහි පැණවූ ශික්ෂාපදයන්ගේ ව්යතික්රමය කියනු ලැබේ. සෙසු දෙපදයෙහි මේනයම වේ. “කායිකං උපඝාතිකං” කායික උපඝාතක නම් කායද්වාරයෙහි පැණවූ ශික්ෂාපදයන්හි නොහික්මෙන බැවින් පෙළීමයි කියනු ලැබේ. නැසීම වැනසීම යන අර්ත්ථයි. සෙසු දෙපදයෙහිද මේනයම වේ. “කායිකෙ මිච්ඡාජිවො” කායිකමිත්ථ්යාජීව නම් ප්රතික්ෂිප්ත වෛද්ය කර්මාදීන්ගේ වසයෙන් තෙල් පිසීම් අරිෂ්ට පිසීම් ආදියයි. “වාචසිකො මිච්ඡාජීවො” වාචසිකමිත්ථ්යාජීවනම් ගිහින්ගේ හසුන් පිළිගැණීම් සැලකිරීම් ආදියයි. “කායිකවාචසිකො” කායික වාචසික නම් එදෙකමය. සෙස්ස තර්ජනීයයෙහි කියූනය ඇත්තේමය.
පටිසාරණීයකම්මකථා
සුධම්ම වස්තුවෙහි - “අනපලොකෙත්වා” නොවිචාරා. “එතදවොච” ‘ගැහැවිය’ තාවිසින් කුමක් තෙරුන්ට පිළියෙල කරණලදදැ’යි සියල්ල වැස්ම හරවා දැක, මේ වචනය කීයේය. “එකාව ඛො ඉධ නත්ථි යදිදං තිලසඞ්ගුළිකා” මේ තලගුළි නමැයි යමක් කියනු ලැබේද ඒ තල ගුළි නැතැයි යන අර්ත්ථයි. ඒ ගැහැවිහුගේ වංශයෙහි ආදියෙහි එක් පූවෙළෙන්දෙක් වූයේය. ඒ කාරණයෙන් ස්ථවිරතෙමේ ඒ ගැහැවියාහට ජාතියෙන් ගරහනු කැමැත්තේ මෙසේ කීයේය. “යදෙව කිඤ්චි” මෙසේ බොහෝ බුදුවදන් නැමැති රුවන් හැරදමා යම්කිසි තිලසඞ්ගුළික වචනයක් කියන ලදද, කුක්කුටපොතක උදාහරණයෙන් මෙය දක්වාලන්නේය. යම්සේ ඒ කුකුළු පැටවා කවුඩු හඬක් නොමකෙළේය. කුකුළු හඬක් නොකෙළේය. එපරිද්දෙන් තා විසින්ද, මහණුන් විසින් කියයුතු වචනයක් නොකියන ලදය. ගිහියන් විසින් කියයුතු වචනයක් නොකියන ලදය.