පාතිමොක්ඛට්ඨපනක්ඛන්ධක වර්ණනාව
පාතිමොක්ඛුද්දෙසයාචනකථා
පාතිමොක්ඛඨපනක්ඛන්ධකයෙහි - “යාව බාහාගහණාපි නාම” ‘ආනන්ද, පිරිස අපරිසිදුය, යන මේ වචනය අසාම ඔහු විසින් එබඳු පිරිසෙන් පහව යායුතු වන්නේය. මෙසේ පහව නොගොස් යම්තාක් බාහු අල්ලා ගැණීම වීද ඒතාක් ඒ තුච්ඡ පුරුෂ තෙමේ බලාපොරොත්තු වන්නේය, මෙය ආශ්චර්ය්යයයි දක්වයි.
[missing trans]
“ඡන්නමතිවස්සති” ඇවතට පැමිණ එය වසාලන්නේ අන් නවාපත්තියකට පැමිණේය. මෙය මේ සඳහා වදාරණ ලදී. “විවටං නාතිවස්සති” ඇවතට පැමිණ එය ප්රකාශ කරණුයේ අනු ඇවතකට නොපැමිණේ යන මෙය මේ සඳහා වදාරණ ලදී.
පාතිමොක්ඛසවනාරහකථා
“ඨපිතං හොති පාතිමොක්ඛං” යන මෙහි ඤත්තියෙන් පෙරටුව හෝ පසුව හෝ තබන ලද්දේ ද නොතබන ලද්දේ වේ. ක්ෂෙත්රයෙහි තබන ලද්දේම, තබන ලද්දේම වේ. එහෙයින් “සුණතු මෙ භන්තෙ සඞ්ඝො අජ්ජුපොසථො පණ්ණරසො යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො උපොසථං කරෙය්ය” යන මෙහි ‘රෙ’ කාරය කියාද, ‘මේ මහණ ඇවැත් සහිතය, මොහුට ප්රාතිමොක්ෂය තබමි, මොහු හමුවූ කල්හි පාමොක් නොඋදෙසිය යුතුය. ඒතාක් ප්රාතිමොක්ෂය තැබිය යුතුය. මේවනාහි ක්ෂෙත්රයයි ‘ය’කාරය කීකල්හි තබන්නහු විසින් ඤත්තියෙන් පසු තබන ලද්දේ නම් වේ. “සුණාතු මෙ”යි පටන් නොගත්කල්හි ප්රාතිමොක්ෂය තබන්නහු විසින් ඤත්තියට පෙරටුව තබන ලද්දේ වේ.
ධම්මිකාධම්මිකපාතිමොක්ඛට්ඨපනකථා
“අමූලිකාය සීලවිපත්තියා පාතිමොක්ඛං ඨපෙති අකතාය” පාමොක් තබන ඒ පුද්ගලයා විසින් ඒ විපත්තිය කරණලද්දී හෝ වේවා, නොකරණලද්දී හෝ වේවා, පාමොක් තබන්නහුගේ සංඥාව අමූලික විසින් අමූලික වේ. “කතාකතාය” මුල් කරුණක් සහිතව කරණලද්දාවූද මුලකරුණක් සහිතව නොකරණලද්දාවූද යන දෙක ගෙණ වදාරණ ලදී.
“ධම්මිකං සාමග්ගිං න උපෙති” සඞ්ඝකර්මය කරණු ලබන කල්හි කර්මය කොප්ය කරනු කැමැති බැවින් නොම ඒද, ඡන්දය නොදේද, හමුවූයේම කර්මය වළකාද, ඒ කරණකොට දුක්කටයට පැමිණේ. මෙසේ ඇවැත් සහිත වූ මොහුට ප්රාතිමොක්ෂය තබන ලද්දේ වේ. “පච්චාදියති” කර්මය නැවැත කටයුතුයයි පසුව දෙනු ලැබේද, ඒ ඉදිරියට ගැනීමෙන් පාචිත්තියට පැමිණේ. මෙසේ සාපත්තිකවූම මොහුටද ප්රාතිමොක්ෂය තබන ලද්දේ වේ.
ධම්මිකපාතිමොක්ඛට්ඨපනකථා
“යෙහි ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි” යන මෙහි මාර්ගයෙන් මාර්ගප්රතිපන්නාදීන් අතුරෙහි ආකාරාදිය සංඥායි දතයුත්තීය. “තෙන දිට්ඨෙන තෙන සුතෙන තාය පරිසඞ්කාය” යන මෙහි දිට්ඨයද සුතයද පෙළෙහි ආයේමය. ඉදින් වනාහි දිට්ඨසුතයන්ගෙන් සැක උපදවන්නේය. ඒ සඳහා “තාය පරිසඞ්කාය” යනු වදාරණලදී.
අත්තාදානඅඞ්ගකථා
“අත්තදානං අදාතුකාමෙන” යන මෙහි ශාසනය ශුද්ධකරනු කැමැති මහණතෙමේ යම් අධිකරණයක් තමන් විසින් ගන්නා ලැබේද එය “අත්තාදානය”යි කියනු ලැබේ. “අකාලො ඉමං අත්තාදානං ආදාතුං” යන මෙහි රාජභය, චොරභය, දුර්භික්ෂභය, වැසිකාලය යන මේ අකාලයයි. අත්තාදානය දෙන්ට මේ කාලය නොවේ. විපරීතවූයේ කාලය වේ.
“අභූතං ඉදං අත්තාදානං” මෙය අවිද්යාමාන වේ. මා විසින් අධර්මය හෝ ධර්මයයි ධර්මය හෝ අධර්මයයි අවිනය හෝ විනයයි විනය හෝ අවිනයයි දුශ්ශීල වූ හෝ පුද්ගල තෙමේ සිල්වත්යයි සිල්වත් තෙමේ හෝ දුශ්ශීලයයි ගන්නා ලද්දේය යන අර්ත්ථයි. විපර්ය්යායෙන් භූතය දතයුතුය. “අනත්ථසංහිතං ඉදං අත්තාදානං” යන මෙහි යම් අත්තාදානයක් ජීවිතන්තරාය පිණිස හෝ බ්රහ්මචරියන්තරාය පිණිස හෝ පවතීද මේ අත්තාදානය අනර්ත්ථයෙන් යුක්තවූයේය. මෙයට විපරීත වූයේ අර්ත්ථයෙන් යුක්තවූයේ නම්වේ.