2. උණ්ණාභබ්රාහ්මණ සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි - ගොචර විසයං = හුරු පුරුදු විෂයය හෝ ස්ථානය හෝ කරුණ අඤ්ඤමඤ්ඤස්ස = ඇස කණට හෝ කණ ඇසට හෝ වශයෙන් එකක් එකට නො ගැලපෙන අනිකකට අගෝචර විෂයයක් වන විට එකිනෙක සම්බන්ධතාවයන් ඇති නොවේ. ඉදින් නිල්පැහැ ආදී වෙනස්කම් ඇති රූප අරමුණු එකට කැටි කොට “මෙය කුමක්දැයි කියන්න, පැහැදිලි කර දෙන්න මේ ආරම්මණයා කුමක් නම් වේද?” ආදී වශයෙන් කියමින් යමකු එය කණ නමැති ඉන්ද්රියය වෙත යොමු කරන්නේ ද, එසේ කළ කල්හි චක්ඛු විඤ්ඤාණය තෙමේ තමා මුඛයකින් තොර වූයේ නමුදු තමාගේ ධර්මතාවය, ස්වභාවය අනුව මෙසේ කියන්නේ ය. කෙසේද යත් : “එම්බල ඥානහීන මුග්ධය, ඥානහීන මුග්ධය, අවුරුදු සීයක් හෝ අවූරුදු දාහක් හෝ ඒ ඒ තැන්හි දුවමින් මගෙන් තොර වෙනත් කොතැනකදී මේ පිළිබඳ දැනුමක් ලබන්නෙහිද? එය ගෙනෙව, චක්ෂු ප්රසාදය (පෙනීම නම් ඉන්ද්රිය ශක්තිය) වෙත යොමු කරව, මම මේ අරමුණ නිල් පැහැති ද, කහ පැහැති ද යන බව දනිමි. මෙය වෙනත් අයකුගේ විෂයයක් නොවේ. මෙය මගේම විෂයය”යි යනුවෙනි. (කන් ආදී) සෙසු (ඉන්ද්රිය) දොරටු කෙරෙහි ද මේ පිළිවෙළම වේ. මෙසේම අන්යවූ ඉන්ද්රියකට ගෝචරවන විෂයයක් වෙනත් ඉන්ද්රියයකට ගෝචර වන්නේ නොවේ.
කිං පටිසරණං = මේ අයට කුමන පිළිසරණක් දැයි විචාරයි. මනො පටිසරණං = ජවන් සිත පිළිසරණ වෙයි. මනොච නෙසං = මනස නමැති දොරටුවෙහි පවතින ජවන් සිත ම මේ ඉන්ද්රියයන්ගේ ගෝචර විෂයය සිතෙහි ඇලීම ආදී වශයෙන් සම්බන්ධ කර ගනී. චක්ෂුර් විඥානය වනාහී රූප දර්ශන මාත්රයම පමණි. මෙහි ඇලීමක් හෝ කිපීමක් හෝ මුලා වීමක් හෝ (වෙන වෙනම) නැත. එකම ඉන්ද්රිය වාරයෙහි ජවන් සිත ඇලෙන්නේ හෝ කිපෙන්නේ හෝ මුලා වීමක් හෝ (වෙන වෙනම) නැත. එකම ඉන්ද්රිය ද්වාරයෙහි ජවන් සිත ඇලෙන්නේ හෝ කිපෙන්නේ හෝ මුලාවට පැමිණෙන්නේ හෝ වෙයි. සෝත විඤ්ඤාණ ආදියෙහි ද මේ පිළිවෙළ ම වේ.
එහි මේ උපමාව යෙදේ. අයබදු රැස් කරන දුර්වල රාජ සේවකයෝ පස් දෙනෙක් රජුට සේවය කොට පවුල් පහක් ඇති එක්තරා ගමක පීඩනයෙන් හා අපහසුතාවයෙන් යුතුව සුළු අයබදු ප්රමාණයක් ලබා ගැනීමේ අවසරය ලැබූහ. ඔවුන් හට එහිදී මත්ස්ය භාගය, මාංස භාගය, යොත් කහවණුව අඩ කහවණුව, මාස කහවණුව, අට කහවණුව, සොළොස් කහවණුව, සිවුසැට කහවණුව යන මේ ප්රමාණයන්ගෙන් දඬුවම් ද පමුණුවති.
රජතුමා ද සතවත්ථුක (සියයේ ඉඩම් බද්ද), පඤ්ච සත වත්ථුක (පන්සියයේ ඉඩම් බද්ද), සහස්ස වත්ථුක (දහසේ ඉඩම් බද්ද) යන විශාල අයබදු ගනියි. එහිදී පවුල් පහේ ගම මෙන් ඉන්ද්රිය ශක්තීන් පහ දැක්විය යුතුය. දුර්වල අයබදු නිලධාරීන් මෙන් විඤ්ඤාණයන් පහ ද, රජුමෙන් ජවන් සිත ද, දුර්වල බදු නිලධාරීන්ගේ සුලු අයබදු ප්රමාණය මෙන් චක්ඛු විඤ්ඤාණ ආදියේ රූප දර්ශන ආදිය ද දැක්විය යුතුය. මේවායෙහි සිත් ඇලවීම් ආදිය නැත. රජුගේ විශාල බදු අය කිරීම මෙන් (චක්ඛු ආදී) එම ඉඳුරන්ගේ දොරටුවල ජවන් සිතේ ඇලීම් ආදිය දත යුතුය. මෙසේ මෙහිදී “මනො” යනුවෙන් කුසලා කුසල ජවන් සිත කියන ලදී.
සතිපටි සරණං = මාර්ගය පිළිබඳ සිහියට පිළිසරණ වීම. ජවන් සිත වනාහී මග්ගසති පටිසරණ යයි, (හෙවත් මාර්ගය පිළිබඳ සිහියට පිළිසරණ වීමයි) විමුත්ති = ඵලයෙන් ලබන විමුක්තිය. නිබ්බාණං = ඵලයෙන් ලබන විමුක්තියෙන් නිවනට ලැබෙන පිළිසරණ. නාසක්ඛි පඤ්ඤස්ස පරියන්තං ගහෙතුං = ප්රශ්නයේ කොටස් කළ ප්රමාණය ගැනීමට නොහැකි විය. පිළිසරණ නැති ස්වභාවයට පිළිසරණක් විචාළේය. මෙය නිවන නම් වේ. අප්පටිසරණ නම් කිසියම් පිළිසරණක් නැත යන්නයි. නිබ්බාණොගධං = නිර්වාණයේ අභ්යන්තරය නිවන තුළට පිවිසි. බ්රහ්ම චරියං = මාර්ග බ්රහ්ම චර්යාව නිබ්බාන පරායණං = නිවන කරා යන ගමනක් වන්නේ ය. ඉන් වෙනතකට නොයයි යන අරුතයි. නිවන කෙළවර හෙවත් අවසානය වන්නේ ය. නිබ්බාණ පරියොසානං
මුලජාතා පතිට්ඨිතා = මාර්ගයෙන් පැමිණි ශ්රද්ධාව කියනු ලැබේ. ඉමම්හි චෙ භික්ඛවෙ සමයෙ = කුමක් සඳහා කීයේද යත් - ධ්යාන අනාගාමී බව එසමයෙහි බ්රාහ්මණයාහට ප්රථම මාර්ගයෙන් අකුසල් සිත් පහ ප්රහීන විය. ප්රථම ධ්යානයෙන් නීවරණ පහ ප්රහීන වේ. ධ්යාන අනාගාමී තත්ත්වයෙහි සිටියා වූ හේ තෙමේ නොපිරිහුණු ධ්යාන ඇත්තේ කලුරිය කොට එහිම පිරිනිවෙන්නේ ය. ඉදින් අඹුදරුවනට අනුශාසනා කරන, කර්මාන්ත විධාන කරන අයකුගේ ධ්යානය නැසෙන්නේද - ධ්යානය නට කල්හි ගති ස්වභාවය දිගට පවතින්නේ නොවේ. ධ්යානය නො නැසුණ කල්හි ගති ස්වභාවය දිගට පවතින්නේ වේ. මෙය ධ්යාන අනාගාමී බව සඳහාම කීය.
3. සාකෙත සූත්ර වර්ණනාව
තුන් වැන්නෙහි - අඤ්ජන වනෙ = අඳුවන් (කළු පැහැති) මල් ද ගස් ද රෝපණය කරන ලද වනයෙහි. යංභික්ඛවෙ සද්ධින්ද්රියං තං සද්ධා බලං = එය සිතේ ස්ථිර භාවයට අයත් ලක්ෂණයෙහි අධිපතිය යන අරුතින් “සද්ධින්ද්රිය” නම් වේ. අශ්රද්ධාවෙහිදී කම්පනයට පත් නොවීමෙන් ශ්රද්ධා බලය දැක්වේ. අන් අයගේ ධෛර්යවත් බව, වැටහීමේ ශක්තිය, අකම්ප්ය බව, දැනුම යන ලක්ෂණයන්හි අධිපති බව යන අරුතින් ඉන්ද්රිය භාවය යයි දත යුතුය. කුසීත බව, සිහි මුළාව, වික්ෂිප්ත බව, අවිද්යාව යන ආදියෙහි කම්පනයට පත් නොවීමෙන් ඇති වන්නේ බලභාවය යයි දත යුතුයි. අයමෙවඛො = එම නදියෙහි එකම දිය පහර මෙන් ශ්රද්ධා, වීර්ය, සති, සමාධි, ප්රඥා යන වශයෙන් මේවායේ ගලාගෙන යාමේ පැවැත්ම දත යුතුය. ආධිපත්යය අකමිප්ය බව යන අර්ථයන්ගෙන් දිය පහරවල් දෙකක් මෙන් ද, ඉන්ද්රිය බලවශයෙන් නොයෙක් කරුණු ද දත යුතුය.