3. සාකෙත සූත්‍ර වර්ණනාව
තුන් වැන්නෙහි - අඤ්ජන වනෙ = අඳුවන් (කළු පැහැති) මල් ද ගස් ද රෝපණය කරන ලද වනයෙහි. යංභික්‍ඛවෙ සද්ධින්‍ද්‍රියං තං සද්ධා බලං = එය සිතේ ස්ථිර භාවයට අයත් ලක්ෂණයෙහි අධිපතිය යන අරුතින් “සද්ධින්‍ද්‍රිය” නම් වේ. අශ්‍රද්ධාවෙහිදී කම්පනයට පත් නොවීමෙන් ශ්‍රද්ධා බලය දැක්වේ. අන් අයගේ ධෛර්යවත් බව, වැටහීමේ ශක්තිය, අකම්ප්‍ය බව, දැනුම යන ලක්ෂණයන්හි අධිපති බව යන අරුතින් ඉන්‍ද්‍රිය භාවය යයි දත යුතුය. කුසීත බව, සිහි මුළාව, වික්ෂිප්ත බව, අවිද්‍යාව යන ආදියෙහි කම්පනයට පත් නොවීමෙන් ඇති වන්නේ බලභාවය යයි දත යුතුයි. අයමෙවඛො = එම නදියෙහි එකම දිය පහර මෙන් ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා යන වශයෙන් මේවායේ ගලාගෙන යාමේ පැවැත්ම දත යුතුය. ආධිපත්‍යය අකමිප්‍ය බව යන අර්ථයන්ගෙන් දිය පහරවල් දෙකක් මෙන් ද, ඉන්‍ද්‍රිය බලවශයෙන් නොයෙක් කරුණු ද දත යුතුය.
4. පුබ්බ කොට්ඨක සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි - අමතොගධං = නිවනෙහි අභ්‍යනතරය අමත පරායණං = නිවන සමෘද්ධ වීම. අමත පරියොසානං - නිවන සම්පූර්ණ වීම. සාධු සාධු = තෙරුන්ගේ විස්තර කිරීම. ප්‍රශංසාවට ලක්කරමින් සාධුකාර දෙයි.
5-9. පුබ්බාරාම ආදි සූත්‍ර වර්ණනා
පස්වැන්නෙහි - තදන්‍වයා = එය (හෝ ඔහු) අනුවයන්නේ, අනුව පවත්නේ යන අරුතයි. “පුබබකොට්ඨක” ආදිකොට ඇති සූත්‍ර සයෙහි පිළිවෙළින් ඉන්‍ද්‍රියය සයම කියන ලදී.
10. ආපණ සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - ඉමෙ ඛො තෙ ධම්මා = මතුයෙහි විදර්ශනා සහිත වන මාර්ග තුන යෙ මෙ පුබ්බෙ සුතාව අහෙසුං = මා හට පෙර දී අර්හත් ඵල ඉන්‍ද්‍රියය වූයේ යයි කියන බවක් අසා ඇත්තාහුද? කායෙනචඵුසිත්‍වා කයින්ද ස්පර්ශ කොට ලබාගෙන = පඤ්ඤාය ච අතිවිජ්ඣ පස්සාමි = සිහියෙන් යුතුව සලකා බැලීමේ ප්‍රඥාවෙන් විනිවිද දකින්නෙමියි. යා හිස්ස හන්තෙ සද්ධා - මේ කවර නම් ශ්‍රද්ධාවක්ද? ඉන්‍ද්‍රිය සතරකින් යුතු වූ ශ්‍රද්ධාව යට කියන ලද්දේමය. මෙය වනාහී පච්චවෙක්ඛණ සද්ධා (නුවණින් සලකා බැලීමේ ශ්‍රද්ධාවයි.) සම්පයුත්ත සද්ධා නම් මිශ්‍රව පවතී. ප්‍රත්‍යවේක්ෂණ ශ්‍රද්ධාව ලෞකිකම වේ. සෙසු සියල්ල පහසු අරුත් ඇත්තේමය.
පස්වන ජරාවර්ගය නිමි.
6. සූකරඛත වර්ගය
1. සාලා සූත්‍ර වර්ණනාව
සය වන වර්ගයේ පළමුවැන්නෙහි - සුරියෙන = ශූර භාවයෙන් බොධාය = අවබෝධය සඳහා.
2. මල්ලක සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - මල්ලකෙසු = මෙ නම් ජනපදයෙහි මේ සූත්‍රයෙහිදී ඉන්‍ද්‍රියයන් සතර මිශ්‍රව දක්වන ලදී. ආර්ය ඥානය ලෝකෝත්තර වේ. එය ද ඉන්‍ද්‍රියයන් සතර හා මිශ්‍ර කොට, මිශ්‍ර වුවක් යයි බෙදා දැක්වීමට සුදුසු වේ.
3. සෙඛ සූත්‍ර වර්ණනාව
තුන්වැන්නෙහි - නහෙව ඛො කායෙන ඵුසිත්‍වා විහරති = කයෙන් ස්පර්ශ කොට ලබා ගෙන වාසය නො කරයි. ස්පර්ශ කිරීමට ලබා ගැනීමට නො හැකි වෙයි. පඤ්ඤායච අතිවිජ්ඣ පස්සති = ප්‍රඥාවන්ත ලෙස සලකා බැලීමෙන් මතු අර්හත් ඵල ඉන්‍ද්‍රියය ඇතැයි දැන ගනියි. අර්හත්ඵලය තුළ ඵුස්සිත්‍වා විහරති යනු ප්‍රතිලාභ ලබා වාසය කරයි (යන අදහසයි) පඤ්ඤාය = ප්‍රත්‍යවේක්ෂා ප්‍රඥාවෙන් (නුවණින් සලකා බැලීමෙන්) අර්හත් ඵල ඉන්‍ද්‍රියය ඇතිවන්නේ යයි දැන ගනියි. නකුහිඤ්චි කිස්මිඤ්චි = මේ වචන දෙකම එකනෙකට යෙදිය හැකි වෙනත් වචනයන් වේ. (හෙවත් පර්යාය වචනයන් වේ) කිසියම් හෝ භවයෙක්හි නො උපදිත් යන අර්ථයයි. මේ සූත්‍රයෙහිදී ලෝකෝත්තර වූ ඉන්‍ද්‍රියයන් පහ ද, ලොව ඇසුරු කොට පවත්නා ලෞකික වූ ඉන්‍ද්‍රියයන් සය ද කියන ලද්දේය.
4-5. පද ආදි සූත්‍ර වර්ණනා
සිවු වැන්නෙහි - යානි කානිචි පදානි බොධාය සංවත්තන්ති = යම් කිසි ධර්ම පද ද, යම් කිසි ධර්ම කොටස් ද වේ නම් ඒවා අවබෝධය සඳහා පවතී. පස්වැන්න පහසු වේ.